Wednesday, April 22, 2020

ෂරියා නීතිය

මානව හිමිකම්වල තත්ත්වය  

ආගම අතහැරීමට මරණය 

වෙනත් ආගම් කරා යන අයකු මරාදැමිය යුතු බවට මුහම්මද් නබි (සල්) තුමන් අණ කර තිබේ.
ඉක්රිමා මෙසේ පැවසුවේ ය. අලි ඉස්ලාමය අතහැරගිය මිනිසුන් කිහිපදෙනෙක් ව පුලුස්සා දැමුවේ ය. මේ ගැන ඉබ්න් අබ්බාස්ට දැනුම් දුන් විට මම ඔහු විණි නම් මම කිසිවිටෙකත් ඔවුන් ව පුලුස්සන්නේ නම් නැත. මන්ද යත් අල්ලාහ්ගේ දඩුවම කිසිවකුට ලබා දීමට එඩිතර නොවන්නැයි නබිතුමා පැවසූ හෙයිනි. එහෙත් මම ද නිසැක ව ම ඔවුන් ව ඝාතනය කරන්නෙමි. මන්ද යත් ආගම අත්හරින පුද්ගලයන්ව මරාදමන්නැ යි එතුමන් පැවසූ බැවිනි. යයි පැවසුවේ ය.

- සුනන් අබු දාවුද් 4351

අලි විසින් පවසන ලදී: නබි (සල්) තුමන් මෙසේ පවසනු මට ඇසුණි. (ලෝකයේ) අවසාන දිනවල මෝඩ අදහස් සහිත තරුණ පිරිස් නැගී සිටිනු ඇත. ඔවුන් උඩින් භක්තිය ඇත්තන් සේ කථා කළත් ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන්ගේ උගුරෙන් එහාට යන එකක් නොවේ. මොවුහු දුන්නෙන් මුදන ලද ඊයක් සෙයින් ඉස්ලාමයෙන් ඉවත යන්නෝ ය. එනිසා ඔබට ඔවුන් ව කොතැන හමුවුවත් මරාදමාපන්න. මක්නිසාද යත් ඔවුන්ගේ ඝාතකයන්ට (එම ඝාතන) මළවුන්ගෙන් නැගිටුවන දින දී ලාභ වශයෙන් ඇත්තේ ය.

සහීහ් අල්-බුහාරි 5057


අබ්දුල්ලා බින් මස'උද් විසින් පවසන ලදී:

නබි (සල්) තුමන් මෙසේ පැවසුවේ ය. “අල්ලාහ් හැර වෙනත් වැදිය යුතු දෙවියකු නැතැ යි සාක්කි දැරූ මුස්ලිම්වරයකුගේ ජීවිතය නැති කිරීම අවස්ථා තුනක දී හැර නීත්‍යානුකූල නොවන්නේ ය. එනම් (කලින් විවාහ වී සිටි) හෝ විවාහක ව සිටින පුද්ගලයකු අනාචාරය කළ කල්හි, කරන ලද මරණයක් සදහා වන්දි වශයෙන් සහ ආගම හැර ගොස් මුස්ලිම් සමාජයෙන් (ජමා) බැහැර වූ කල්හි යන අවස්ථා තුනෙහි දී ය.”

ජාමි අත්-තිරිමිදි 1402 - සහීහ් (දාරුස්සලාම්)
ඉස්ලාමය හැරයන්නකුට මරණ දඩුවම ලබාදිය යුතු බව අද දක්වා ම ඉස්ලාම් නීතියේ පිළිගැනේ. සුන්නි මද්හබ් හතර ම සහ ෂියාවරුන් ද මේ දඩුවම සම්බන්ධයෙන් එකග වෙති. හනෆි මද්හබය පමණක් ආගම අතහැර යන පිරිමින් පමණක් මරාදැමිය යුතු බවත් කාන්තාවන් නැවත ආගමට පැමිණෙන තුරු සිරගත කර තබා පහරදිය යුතු බවත් පවසති. අද ද සවුදිය ඇතුලු මුස්ලිම් බහුතර රටවල් කීපයක ම ඉස්ලාමය අතහැරීමට මරණ දඩුවම ලබා දේ. මුස්ලිම් බහුතර රටවල් 13ක අදේවවාදීත්වය මරණ දඩුවම් ලැබිය හැකි වරදකි. තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ලොව පුරා පිළිගත්, ශිෂ්ට ලෝකයක තිබිය යුතු අයිතියකි. එය සෑම මිනිස් ජීවියකුට ම ස්වාභාවිකව ම හිමිවන අයිතියකි. ෂරියාව එය අහිමි කරයි.


දේවාපහාස වරද

මුස්ලිම් හෝ මුස්ලිම් නොවන අයෙක් දෙවියන් නැත කීම, මුහම්මද්තුමාගේ වක්තෘත්වය ප්‍රතික්ෂේප කිරීම, දෙවියන් පිළිබද ඉස්ලාමයේ මතයට වෙනස් අදහස් දැරීම වැනි ඉස්ලාමයට නිගරු කරන ආකාරයේ ක්‍රියාවක් සිදුකිරීම දේවාපහාස වරදයි. මුස්ලිම්වරයකු සිදුකළහොත් නිසැක ව මරණ දඩුවම ලබාදෙන්නේ මෙය විසින් ආගම අතහැරයාමක් ද සංයුක්ත වන නිසා ය. මුස්ලිම් නොවන්නන්ට ද මේ වරද සදහා දඩුවම් කරන අතර අතැම්විට මරණ දඩුවම ද ලබා දේ. ඉස්ලාමය වැළදගැනීමෙන් මරණ දඩුවමෙන් නිදහස් වීමට ඇතැම් මද්හබ් අවසර දෙයි.

වෙනත් ආගම්වල මේ කරුණු ගැන ඇත්තේ වෙනස් මත ය. නිදසුන් ලෙස බුදුදහම, ජෛනදහම වැනි ඇතැම් ආගම් අදේවවාදී ය. ඇතැම් කිතුදහම, හින්දු දහම වැනි ආගම්වල දෙවියන් ගැන ඇති මතය ඉස්ලාමීය මතයට වෙනස් ය. වක්තෘවරුන් සම්බන්ධව ද (යුදෙව් දහම, කිතු දහම) වැනි ආගම්වල මතය ඉස්ලාමයෙන් වෙනස් ය. ඔවුන්ට ඒ මත ප්‍රකාශ කිරීම, ප්‍රචාරය කිරීමෙන් තොර ව සිය දහම ඇදහීම හෝ ඉගැන්වීම කළ නොහැකි ය. අනෙක් අතට කලාකරුවන්, දාර්ශනිකයන්, හේතුවාදීන්. විද්‍යාඥයන් ට ද ආගමික විශ්වාස සමග ගැටෙන මත ඉදිරිපත් කිරීමට සිදු වේ. නමුත් ෂරියාවේ මෙම ප්‍රතිපාදනය නිසා මේ අයිතිය අහිමි වී යයි. බරපතල ම දෙය ඉස්ලාමයට අන් ආගම්වල දෙවියන්, වක්තෘවරුන් ගැන වෙනස් මත පැවසීමට අයිතිය ෂරියාව තුළ තිබුණත් අන් ආගම් එය ම කිරීම ඔවුන්ට අනුව අපරාධයක් වීම යි. මට මගේ ආගම ප්‍රචාරයට අයිතිය ඇති මුත් ඔබ එසේ කළහොත් මම ඔබ මරමි යි කීමකින් මෙය නොවෙනස් ය. දේවාපහාසයක් ලෙසින් සැලකේ. චෝදනා ලැබූ විට චෝදනාව අසත්‍ය බව ඔප්පු කිරීමේ භාරය චූදිතයාට පැවරෙයි.

මුහම්මද්, මුහම්මද්ගේ ඥාතීන්, සහබාවරු, අල්ලාහ්, කුරානය වැනි ඉස්ලාමය තුළ ශුද්ධත්වයෙන් පිළිගන්නා කවරක් හෝ සමබන්ධව හාසයක් දැනවීම හෝ එවැනි කතාබහක් මුස්ලිම් නොවන්නකු විසින් සිදුකරන විටක එය අනුමත කිරීමක් යැයි පෙන්විය හැකි හැසිරීමක් (විරෝධය නොපාමින් ඊට සවන් දීම) පෙන්වීම දේවාපහාසයකි. මෙය මුස්ලිම්වරයකු කළහොත් එය ආගම අත්හැරීමේ ක්‍රියාවක් වන අතර ඒ අනුව මරණ දඩුවම ලබා දේ.

ඉස්ලාම් දහමේ කිසියම් කරුණක්, නියමයක් හෝ මුහම්මද්ගේ චරිතයේ කිසියම් ලක්ෂණයක් පිළිබද විවේචනාත්මක අදහස් පළකිරීම, විවේචනාත්මක ලෙස ප්‍රශ්න කිරීම වුව ද ආගම අත්හැරීමේ ක්‍රියාවක් සහ දේවාපහාසයක් වේ.

මුස්ලිම් නොවන්නකු දේවාපහාසය කළ ද මරණ දඩුවම ලබාදෙන බවට නබිතුමාගේ ක්‍රියා නිදසුන් කරමින් පැවසිය හැකි ය. කුරානයේ වැකිවලට වඩා පැරණි අරාබි වීරකතා රසවත් යැයි කියමින් සිනාසුණු වරදට ඔහු නද්ර් ඉබ්න් අල් හාරිත් නමැති අරාබි වෛද්‍යවරයා ව ඝාතනය කරවී ය. තමා ව විවේචනය කරමින් පද්‍යයක් බන්ධනය කිරීමේ වරදට නබිතුමන් අබු අෆාක් නමැති 120 වයස් වූ සම්භාවනීය යුදෙව් පුද්ගලයකු සිය ගෝලයකු ලවා රහසින් ඝාතනය කරවී ය. ඒ ඝාතනය හෙලාදකිමින් පද්‍යයක් බන්ධනය කළ අස්මා බින්ත් මර්වාන් නමැති පස් දරු යුදෙව් මව ද සිය ගෝලයකු ලවා රාත්‍රියේ දී රහසින් මරා දමන ලදී. සැටනික් වර්සස් නවකතාව ලියූ සල්මන් රුෂ්ඩි ඝාතනය කිරීමට අයතුල්ලා කුමේනිතුමන් නියෝග කළේත්, එම කෘතියේ ඇතැම් පරිවර්තකයන් මරා දැමුණේ සහ මරාදැමීමට තැත් කළේත්, සිනමා අධ්‍යක්ෂක තියෝ වැන් ගෝ ඕලන්දයේ දී ම මරාදැමුණේත්, පොස්ටන් ජිලාන්ඩේ පුවත්පතේ මුහම්මද් කාටූන ඇදි කලාකරුවන්ට ඝාතන ප්‍රයත්න එල්ල වූයේත් මේ ආදර්ශ සහ මේ නීතිය නිසා ය. පහත දැක්වෙන්නේ ඉස්ලාමය විවේචනය කරන අන්‍යාගමිකයන් වුවත් මරාදැමිය යුතු බව සනාථ කරවන හදීසයකි.

අබ්දුල්ලාහ් ඉබ්න් අබ්බාස් පැවසුවේ ය. අන්ධ (මුස්ලිම්) මිනිසකු සතු ව (ඔහුට දාව) දරුවන් වැදූ වහල් ගැහැනියක් සිටි අතර ඇය නබි (සල්) තුමන්ට අවමන් හා පරිභව කරන්නට පුරුදු ව සිටියා ය. ඔහු ඇයට එය තහනම් කළ නමුත් ඕ එය නතර කළේ නැත. ඔහු ඇයට තදින් අවවාද කළ නමුත් ඇය ඉන් පසුවවත් සිය ගතිය අත් හළේ නැත. එක් රැයක ඇය පුරුදු පරිදි ම නබි (සල්) තුමා ගැන අවමන් බස් දොඩන්නට පටන් ගත්තා ය. කිණිස්සක් ගත් ඔහු එය ඇගේ උදරය පසා වන සේ තද කර ඇය ව ඝාතනය කළේ ය. ඇගේ දෙකකුල් අතරින් ආ දරුවෙක් එහි වූ ලෙයින් නැහැවී සිටියේ ය. ...නබි (සල්) තුමා අසලින් ඉදගත් ඔහු මෙසේ කීවේ ය. අල්ලාහ්ගේ දූතයාණෙනි, මම ඇගේ හිමිකරුවා වෙමි. ඇය ඔබට අවමන් අපහාස කිරීමට පුරුදු ව සිටියේ ය. මම ඇයට තහනම් කළෙමි. නමුත් ඇය නතර නොකළේ ය. මම ඇයට තරවටු කළෙමි. නමුත් ඇය පුරුද්ද අත් නොහළේ ය. මට ඇගෙන් මිණි කැට දෙකක් වන් දරු දෙදෙනෙක් විය. ඇය මගේ සහකාරිය විය. පෙර දින රාත්‍රියේ ඇය යළිත් ඔබට අවමන් අපහාස කිරීමට පටන් ගත්තේ ය. මම කිණිස්සක් ගෙන ඇගේ බඩ මතට තද කර ඇය ව මරා දැම්මෙමි. එවිට නබි (සල්) තුමන් මෙසේ පැවසුවේ ය. ඔබ සාක්ෂි දරනු, මැගේ ලෙය සදහා කිසිදු වන්දි මුදලක් නොදිය යුතු බව කියමි.
                                                    —සුනන් අබු දාවුද් 4361

හිස්බා

(මෙහි අරුත වගකීම යන්නයි) යනුවෙන් හැදින්වෙන්නේ සිය අසල්වැසියකුගේ හෝ ඥාතියකුගේ වැරදි හැසිරීමක්, එනම් ෂරියාව කඩකරන හැසිරීමක් හෝ ඉස්ලාමයට අපහාස වන ක්‍රියාවක් ගැන පාලකයාට (සුල්තාන්වරයාට/රාජ්‍ය ආයතනයන්ට) පැමිණිළි කිරීමට සෑම මුස්ලිම්වරයකු ම/වරියක ම සතු ආගමික යුතුකමයි. මේ ඔවුන් පිළිපැදිය යුතු නියමයකි. එවැනි පැමිණිළි ඉදිරිපත් වූ විට මැදිහත් වී හරි වැරැද්ද නියම කිරීම සහ ඒ අනුව කටයුතු තිරීමට අණ කිරීම ඉස්ලාමීය පාලකයාට දෙවියන් විසින් පැවරුණු වගකීමකි. ඒ සෑම දෙයක් ම නිසි පරිදි ෂරියාවට අනුව සිදුවන ලෙස වගබලා ගැනීම සදහා ය. හිස්බා පිළිවෙත යටතේ මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු, හිටපු මුස්ලිම්වරයකු හෝ මුස්ලිම්නොවන්නකු සම්බන්ධයෙන් ඉස්ලාමීය සමාජයට හානිකර විශ්වාස හෝ හැසිරීම් පෙන්නුම් කරන බවට චෝදනා කිරීමට අවස්ථාව සැලසේ.


සමලිංගිකයන්ට මරණය ඇතුලු ලිංගික සුලුතර පිරිස් කෙරෙහි වෛරසහගත වීම

අබ්දුල්ලාහ් ඉබ්න් අබ්බාස් පැවසුවේ ය.

නබිතුමන් මෙසේ පැවසුවේ ය. කිසිවකු ලූත්ගේ සමූහය කළාක් මෙන් කරනු දුටුවහොත් එය සිදු කළ පුද්ගලයා මෙන් ම එයට මුහුණදුන් පුද්ගලයා ද මරාදමන්න.

(සහීහ්) සුනන් අබු දාවුද් 40: 112


ඉබ්න් අබ්බාස් පැවසුවේ ය.

ස්ත්‍රී ගති ඇති පිරිමින්ට සහ පිරිමි සේ හැසිරෙන කාන්තාවන්ට නබිතුමා සාප කළේ ය. ඔහු මෙසේ ද පැවසුවේ ය. “එවැන්නන් ව ඔබේ නිවෙස්වලින් පන්නා දමනු.” ඔහු එවැනි කීපදෙනෙක් එලෙස පන්නා දැමූ අතර උමර් ද එවැන්නෙකු ව පන්නා දැමුවේ ය.

 - බුහාරි (6834/8:82:820) සහ බුහාරි (5886 / 7:72:774)

මේ මත පදනම් වී ෂරියා නීතිය තුළ සමලිංගකයන් මරා දමති. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ. එය ස්වාභාවික නැතහොත් සහජයෙන් එන ස්වභාවයකි. එනම් ඇතැම් අය උපත ලැබීමේ දී ඔවුන්ගේ කායික ශරීරයට නොගැලපෙන මානසික ශරීරයකින් යුතු ව උපත ලබති. නිදසුන් ලෙස පිරිමි සිරුරකින් (පිරිමි ලිංගික අවයව සහිතව) උපත ලබන දරුවකු ගැහැනු ළමයකුගේ මනසක් සහිත ව උපත ලැබිය හැක. ඒ අනුව ඔහුට පිරිමි සිරුරක් තිබුණ ද ගැහැනියක ලෙස දිවිගෙවීමට ඇවැසි විය හැක. ඔවුන් විසින් ම තෝරා නොගත් තත්ත්වයක් මත ඔවුන් ව දඩුවමට ලක්කිරීම වැරදි ය. මොවුන් සිය ලිංගභාවය සැත්කමකින් වෙනස් කරගත්ත ද ෂරියා නීතිය තුළ එය ද වරදකි. ගැහැනුන් ව අනුකරණය කරන පිරිමින්ටත්, පිරිමින් ව අනුකරණය කරන ගැහැනුන්ටත් මුහම්මද් නබි (සල්) තුමන් වරක් සාප කර ඇති බැවිනි. ඉස්ලාමය ඔවුන්ට ලබාදෙන එකම විකල්පය වන්නේ මෙවැනි තත්ත්වයකට තමන් පත්කර ඇත්තේ දෙවියන් පරීක්ෂාවක් ලෙසින් සිතා එම පරීක්ෂාව සමත් වීම පිණිස සිය මනසට එරෙහි ව ක්‍රියාකිරීමයි. එහෙත් මෙය සෞඛ්‍යසම්පන්න හෝ විද්‍යානුකූල කරුණු අනුව ප්‍රායෝගික වූ හෝ විසදුමක් නොවේ.

ලිංගික වහල් සේවය

යුද්ධයෙන් අල්ලාගන්නා කාන්තාවන් සමග ලිංගික ව එක්වීමට ඔවුන්ගේ හිමිකරුවන්ට කුරානය විසින් අවසර දී තිබේ. එහි දී ඔවුන් විවාහ කරගැනීමක් අවශ්‍ය නොවේ. මක්නිසාද යත් විවාහක බිරියන්ට අමතරව වෙන ම පිරිසක් ලෙස සදහන් කර ඇති බැවිනි.

එහෙත් ඔවුන් තමන්ගේ භාර්යාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රින් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ.

- කුරානය 23: 6 

ස්ත්‍රීදූෂණය යනු කාන්තාවක් සමග ඇගේ කැමැත්තකින් තොර ව ලිංගික සංසර්ගයේ යෙදීම යි. යුධසිරකාරියන් දූෂණය කිරීමට ඉස්ලාමය තුළ ඉඩක් නැතැ යි කීමට පහත් කරුණු දෙකින් එකක් තෘප්ත වී තිබිය යුතු ය.

1. යුධසිරකාරියන් සමග ලිංගික ව එක්වීමට ඔවුන්ගේ කැමැත්ත තිබිය යුතු බව පවසන කිසියම් කුරාන වැකියක් හෝ හදීසයක් තිබිය යුතු ය.

2. යුධසිරකාරියන් දූෂණය කිරීම තහනම් කර එම වරදට දඩුවමක් දක්වා තිබෙන කිසියම් හෝ කුරාන වැකියක් හෝ හදීසයක් තිබිය යුතු ය. 

මේ දෙකින් එකක්වත් නොමැති නම් ඉස්ලාමය යුධසිරකාරියන් දූෂණය කිරීමට ඉඩ දී ඇති බව නිගමනය කිරීම සාධාරණය. මක්නිසාද යත් යුධසිරාකරියන් සමග මුස්ලිම් සෙබලුන්ට ලිංගික ව එක්වීමට ඉඩ දී තිබෙන නමුත් ඔවුන් සිය හිමිකරුවන් වෙතින් දූෂණය වීම වැළැක්වීමට කිසිදු උත්සාහයක් දරා නැති බැවිනි. ඉස්ලාමය පරිපූර්ණ, අංගසම්පූර්ණ, ප්‍රායෝගික, කොයි කවර කාලයක සෑම අවස්ථාවකට ම අදාල කළ හැකි අන් සෑම නීතියකට ම වඩා දියුණු නීති සංග්‍රහයක් බව මුස්ලිම්වරුන් පවසන බැවින් මෙවැනි හිඩැසක්, හිඩැසක් ලෙස නොව ප්‍රතිවිපාක දනිමින් අදාල කරුණ ගැන නිහඩවීමක් ලෙස වටහාගත යුතු ය. යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන්ට සැමියන් සිටීම ඔවුන්ගේ හිමිකරුවන්ට ඔවුන් සමග ලිංගිකව එක්වීම වළක්වන්නක් නොවන බව කුරානයේ 4: 24 වැකිය පවසයි.

සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ) ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර.

- කුරානය 4: 24 

මෙම වැකිය පහළ කිරීමට හේතු වූ අවස්ථාව සුනන් අබිදාවුද්හි මෙලෙස සදහන් වේ.

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි.

හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින් ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර.

- සුනන් අබුදාවුද් 2150

මුස්ලිම්වරුන් මෙලෙස ලිංගිකව එක්වුණු බව පැවසෙන්නේ ඔවුන් විසින් සැමියන්, නෑ මිතුරන්, පියවරුන් මරා දමා සිරභාරයට ගත් කාන්තාවන් පිරිසක් සමග ය. මෙම කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් තමන්ට අවි ආයුධ මිලට ගැනීමට හමුවන ළගම වහල් වෙළදපොළේ දී විකිණීමට සිටි අය යි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය සැමියන් ද සිටිය දී සිය ළග ම ඥාතීන් මරා දැමූ හමුදාවකට තමන් සමග ලිංගික ව එක්වීමට කැමැත්තෙන් ඉඩ දෙනු ඇතැ යි සිතිය නොහැකි ය. ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමක් ගැන කිසිදු සදහනක් මෙහි හෝ මේ සම්බන්ධ වෙනත් කිසිදු හදීසයක හෝ කුරානයේ හෝ දක්නට ද නොමැත.

සයියද් අබුල් අලා මවුදුදි (මෑත කාලයේ සිටින ප්‍රබල කුරාන අර්ථ විචාරකයෙකි) සදහන් කරන්නේ ෂාෆි ඉ සහ මාලිකි මද්හබ්වල මතය අනුව සැමියා සමග ම අත්අඩංගුවට ගත් විවාහක කාන්තාවක් සමග වුවද ලිංගික ව එක්වීමට හෝ විවාහ කරගැනීමට මුස්ලිම් සෙබලුන්ට අයිතිය ඇති බව යි.

ඉස්ලාමයේ ස්ත්‍රිදූෂණය ගැනෙන්නේ සිනා වරදක් ලෙස ය. සිනා වැරදි යනු ඉස්ලාමය අනුව නීතිවිරෝධී වන ඕනෑම ලිංගික ක්‍රියාවකි. සිනා වැරදි අදාල වන්නේ නිදහස් මුස්ලිම්වරුන්ට පමණි. එය යුධසිරකරුව්නට/කාරියන්ට අදාල නොවන්නේ ඔවුන් සැලකෙන්නේ ද යුද්ධයෙන් අල්ලාගත් දේපලක් ලෙස බැවිනි. වෙනත් ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් කරන පරිද්දෙන් ඔවුන් ව වෙනත් අයකුට බාරදීම හෝ විකිණීම කළ හැකි ය. "ඉස්ලාම්භීතිකාව විවෘත දෑසින්" මැයෙන් සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමය විසින් ලියන ලද පොතේ දෙවන වෙලුමේ 92 පිටුවේ සදහන් වන්නේ ද ජිහාඩයක දී අල්ලාගන්නා අන්‍යාගමික ජනතාව ද ඉස්ලාමීය නීතිය යටතේ සැලකෙන්නේ වස්තු/භාණ්ඩ වශයෙන් බවයි. ඉහත අප සදහන් කළ එක කරුණක්වත් නොමැති බව ඔබට ම පැහැදිලි වන්නට ඇතැ යි සිමු. එසේ නොවී නම් අප ලියා ඇති මේ ලිපිය කියවා තේරුම් ගැනීමටත් එහි කරුණු ගැන විවේචනයක් ඇත්නම් පිළිතුරක් එවීමටත් පුලුවන.

ස්ත්‍රීදූෂණය ඔප්පු කිරීම

ෂරියා නීතිය තුළ ස්ත්‍රීදූෂණය යනු සිනා වැරදි (විවාහයෙන් බැහැර ලිංගික හැසිරීම්) වල ම එක් ප්‍රභේදයකි. විවාහයෙන් බැහැර ව සිය කැමැත්තෙන් යුවළක් ලිංගික ව එක්වීම ඉස්ලාමය තුළ ගල්ගසා මැරිය හැකි වරදක් හෙයින් ස්ත්‍රීදූෂණයකට ලක් වූ කාන්තාවකට ද තමන් එම ක්‍රියාවට කැමැත්තෙන් සහභාගී නොවූ බව ඔප්පු කිරීමට සිදු වේ. නැතිනම් අනාචාරයට ලබා දෙන දඩුවම ඇයට ද ලබා දේ. කුරානයේ 24: 4 අනුව සිනා වරදක් ඔප්පු කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන් 4ක් සිටිය යුතු ය. කුරානයේ 2: 282 වැකිය අනුව කාන්තාවක් උසාවිය හමුවේ දෙන සාක්ෂිය පිරිමියකු දෙන සාක්ෂියෙන් අඩක් වන නිසා මේ සාක්ෂි 4 පිරිමි සාක්ෂි විය යුතු ය. නැතිනම් එක් පිරිමියකුගේ සාක්ෂිය වෙනුවට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය ද බාරගැනෙනු ඇත. යම්කිසි කාන්තාවක් මෙසේ කාන්තාවන් දෙදෙනා බැගින් හෝ පිරිමි හතරක් නොසිටි හෝ ඔවුන් නොදුටු, නොඇසෙන තැනක දී දූෂණයට ලක් වී ෂරියා අධිකරණයේ පිහිට පැතුවා යැයි සිතමු. ෂරියා අධිකරණය කරන්නේ ඇය නිරපරාද පුද්ගලයකුට සිනා වරදක් සදහා චෝදනා කළ නිසා කුරානයේ 24: 13ට අනුව ඇයට කසපහර 80ක් ගැසීමට නියම කිරීමයි. යම්හෙයකින් ඇය පැමිණිළි නොකර සිටියා යැයි සිතමු. එම දූෂණය හේතුවෙන් ඇය ගැබ්ගතහොත් ෂරියා අධිකරණය කරන්නේ ඇගේ දූෂකයාත්, ඔහුත් යන දෙදෙනාට ම ගල්ගසා මැරීමේ දඩුවම නියම කිරීම ය. එසේ මරණයට ලක්වීමට ඇය කළ එකම වරද වන්නේ පිරිමි හතරකගේ ඇස් ඉදිරිපිට දූෂණයට ලක් නොවීම ය. මෙය මගේ උපකල්පනයක් නොවේ. ෂරියා නීතිය මුලුමනින් ම ක්‍රියාත්මක වන සවුදියේ අනන්තවත් සිදු වී තිබෙන දෙයයි. බොරු නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා බැලිය හැක.

මක්නිසාද යත් ඇයට තමන් එම හැසිරීමට කැමැත්තෙන් එක් නොවුණු බව (තමන් එයට විරෝධය පෑ බව, කෑගැසූ බව) පෙන්වීමට සාක්ෂි (ඒ බව දුටු/ඒ හඩ ඇසුණු අය) ගෙන ඒමට නොහැකි හෙයිනි. ස්ත්‍රීදූෂණ සිදුවන්නේ ජනාකීර්ණ ස්ථානවල නොවේ. බොහෝ විට ඇය පමණක් හුදකලාව සිටින විටක ය. ඇය ඇගේ යෙහෙළියක් සමග සිටියත්, එය පිරිමි දෙදෙනෙක් විසින් දැක තිබුණත් ඇයට ගැලවුමක් නැත. සාක්කි නිසි ලෙස සම්පූර්ණ කර නැත. අනෙක් අතට ඇය වුවමනාවට වඩා වැඩියෙන් විරෝධය පළ කළත් එවිට ද වරදකාරිය ඇය ම ය. වරක් සවුදිය කාන්තාවකට මරණ දඩුවම ලබාදුන්නේ ඇය ව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයා ඇය අතින් මියගිය වරදට ය. මට සිතාගන්නට බැරි අල්ලාහ්ට (මුහම්මද්ගේ විකල්ප මමත්වයට) අඩු ප්‍රඥ්ඥාව ද, සංවේදීකම ද නැත්නම් දෙකම ද යන්නයි.

ළමාවිවාහ

ෂාෆි ඉ මද්හබයේ ෂරියා අත්පොත වන Reliance of the Traveler ග්‍රන්ථයට අනුව වැඩිවියට පත් නොවූ දැරියක් හෝ දරුවෙක් පවා ඇගේ හෝ ඔහුගේ පියාගේ තනි කැමැත්ත මත විවාහ කර දිය හැකි ය.

ගෘහස්ත හිංසනය

කාන්තාවන්ගේ පරිපාලකයන් වශයෙන් පිරිමීහුම සිටින්නෝය. මන්දයත් ඔවුන්ගෙන් කෙනෙකුට වඩා අනිත් කෙනාව අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. හැරත් ඔවුහු තමන්ගේ වස්තුව කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ. එබැවින් හොද සීලාචාර ගති පැවතුම් ඇති කාන්තාවෝ අල්ලාහ්ටද ස්වාමිපුරුෂයාටද යටහත් පහත් වී කටයුතු කරන්නාහ. තමන්ගේ ස්වාමිපුරුෂයා ඉදිරියේ නැති අවස්ථාවන්හිදී ආරක්ෂා කරගත යුතුය යනුවෙන් අල්ලාහ් කැමති වන දෙය (තමන්වද ස්වාමිපුරුෂයාගේ වෙනත් වස්තූන්ද) ඉතාමත් ප්‍රවේශමෙන් ආරක්ෂා කරගන්නාහ. කවුරුන් හෝ ස්වාමිපුරුෂයාට වෙනස්කම් කරනු ඇතැයි ඔබ බිය වුවහොත්, ඇයට හොද ඔවදන් ලබා දෙනු. එයින් ඇය නිවැරදි නොවුවහොත් යහනාවෙන් ඈත් කර තබනු. එයිනුත් ඇය පිළිසකර නොවුවහොත් ඇයට ගසනු. එමගින් ඇය ඔබට අවනත වුවහොත් ඇය කෙරෙහි වෙනත් වැරදි පැටවීමට කිසි මාර්ගයක් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ශ්‍රේෂ්ඨවන්තයකු හා අති විශාලවන්තයකුද වශයෙන් සිටින්නේය.

(අන් නිසා - 34) 

මෙම කුරාන වැකිය මත පිහිටමින් අවනත නොවන අවස්ථාවක දී සිය බිරිදට තැලීමට ඉස්ලාම් නීතිය අනුව සැමියාට අවසර තිබෙන බව පිළිගෙන තිබේ. මුහම්මද් මෙන් ම ඔහුගේ ගෝලයන් ද කාන්තාවන්ට මේ අන්දමින් සැලකීමට පසුබට නොවූ බව පහත හදීසවලින් පැහැදිලි වේ.

ආයිෂා, ඔබ හතිදමන්නේ ඇයි? ඔහු විමසුවේ ය. කිසිවක් නැතැ යි මම කීමි. සගවන්නේ නැතිව කියනවා නැතිනම් අල්ලාහ් මාව දැනුවත් කරාවි යැයි හෙතෙමෙ පැවසී ය. නබිතුමනි, මම පියා හා මව ඔබට ගැති වේවා කියූ මම ඔහුට සියලු ම විස්තරය පැවසුවෙමි. අදුරේ මා ඉදිරියෙන් දුටුවේ ඔබේ ඡායාව දැයි හෙතෙම විමසී ය. මම ඔව් කීමි. ඔහු මගේ පපුවට දුන් පහරින් මට වේදනාවක් දැනිණ.

- සහීහ් මුස්ලිම් 4:2127 

රිෆා සිය බිරිද දික්කසාද කළ පසු අබ්දුර්රහ්මාන් අස්-සුබයිර් අල් කුරාසි ඇයව විවාහ කරගත්තේ ය. ඇය කොලපැහැ වස්ත්‍රයකින් සැරසී පැමිණ සිය සැමියා ගැන තමන්ට පැමිණිලි කරමින් ඇගේ ශරීරයේ වූ පහර කෑමෙන් කොලපැහැ ගැන්වුණු තැනක් පෙන්වුයේ යැයි අයිෂා කීය. "ඉස්ලාම් කාන්තාවක් තරම් දුක්විදින කාන්තාවක් මම දැක නැත්තෙමි. බලන්න, ඇගේ සම ඇගේ වස්ත්‍රයේ කොලපැහැයටත් වඩා තැල්මෙන් කොලපැහැ ගැන්වී තිබේ.” යැයි අයිෂා පැවසුවා ය.

- සහීහ් අල් බුහාරි 5825

ගෘහස්ත හිංසනයට අනුබල දෙන මෙම ෂරියා ප්‍රතිපාදන නිසා මැදපෙරදිග රටවල කාන්තාවන්ගේ තත්ත්වය අද ද එදා මීට නොවෙනස් බව ඔවුන්ගෙන් අසා දැනගත හැකි ය.

වෛවාහක ස්ත්‍රීදූෂණය

ඔබේ භාර්යාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබ කැමති විටක, කැමති ආකාරයකින් ඔබේ කෙතට ඇතුලුවන්න.

- කුරානය 2:223

අබු හුරයිරා විසින් පවසන ලදී. සැමියකු සිය බිරියට තමන් සමග ලිංගික ව එක්වීමට ඇරයුම් කළ විටක ඇය එය ප්‍රතික්ෂේප කර ඔහු ට කේන්තියෙන් නිදන්නට සැලැස්සුවහොත් එදින රැය පහන් වන තුරු දේවදූතයන් ඇයට සාපකරන්නේ ය යනුවෙන් අල්ලාහ්ගේ දූතයා පැවසීය.

සහීහ් අල්-බුහාරි 3237

මේ අනුව යමින් ඉස්ලාම් නීතිය තුළ විවාහකයෙකු සිය බිරිද සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම වරදක් නොවන බව ඉස්ලාමීය නීති විද්වතුන් තීරණය කර තිබේ. එනම් විවාහක බිරිදක් සිය සැමියා වෙතින් දූෂණයට ලක් වීම දූෂණයක් ලෙසින් පිළි නොගැනේ. එය සැමියාගේ අයිතියක් ලෙස හදුනාගැනේ. මෙහි දී අවංකව පැවසිය යුතු දෙය නම් නූතන නීති ක්‍රමවල ද දියුණු රටවල් කිහිපයක් හැර මේ තත්ත්වය මෙලෙසින් ම පවතින බවයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නිති සංග්‍රහය තුළ පවා වෛවාහක ස්ත්‍රීදූෂණයක් සිදුවන්නේ බිරිදි සැමියාගෙන් නෛතික වෙන්වීමක් දී තිබෙන අවස්ථාවක සැමියා ඇගේ කැමැත්තෙන් තොර ව සංසර්ගයේ යෙදුණහොත් පමණි.

අධිකරණ පරිපාටියේ දුර්වලතා සහ අසමානතා

ෂරියා අධිකරණවල ප්‍රමුඛත්වය ලැබෙන්නේ වාචික සාක්ෂි(දිවුරුම්)වලට ය. යමක් සත්‍ය බව තෙවරක් දිවුරා සිව්වැනි වර තමා පවසන්නේ අසත්‍යයක් නම් තමන් මත අල්ලාහ්ගේ සාපය පතිත විය යුතු යැයි පැවසිය යුතු ය. මුස්ලිම්වරයකු මෙසේ කියමින් අසත්‍ය්‍යක් පවසන්නේ නැත යන උපකල්පනය මත ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විචාරීමක් නැත. ඔවුන් අසත්‍යයක් දිවුරුවත් එය පිළිගනු ලැබේ. තාක්ෂණික කරුණු විභාගවලට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ වාචික දිවුරුමට ය. නීතිඥ නියෝජනයක් නැත. ජූරි සභාවක් නැත. අභියාචනා කිරීම් නැත. විනිසුරුවරුන් පෙර තීරණවලින් බැද තැබෙන්නේ නැත. ෂරියා විනිසුරුවරයාට පෙනී යන දෙය ම පමණි. ෂරියා අධිකරණවල යොදාගැනෙන මේ දුර්වල අධිකරණ පරිපාටිය චූදිතයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට අසමත් වන අතර ස්ත්‍රී දූෂකයන්ට බේරීයාමටත්, නිරපරාද පුද්ගලයන් ව ඝාතනයටත් අවස්ථාව ලබා දේ. රිසානා ඝාතනය එක් නිදසුනක් පමණි. තාක්ෂණික කරුණු විචාරීමක් හෝ එවැන්නක් ඇය වෙනුවෙන් ඉල්ලුම් කිරීමට නීතිඥ නියෝජනයක් විණි නම් අත්වැරැද්දක් බව පෙන්වා එය වළක්වා ගන්නට තිබුණි. නමුත් ෂරියාවේ එවැනි දේට ඉඩ නැත.

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි මුස්ලිම්වරයකුගේ සාක්ෂි තරම් විශ්වසනීය ලෙස නොපිළිගැනෙන බැවින් සහ මුස්ලිම්වරයකුගේ සාක්ෂිය වඩා ප්‍රමුඛ වන බැවින් මුස්ලිම්වරයකු මුස්ලිම් නොවන්නකුට වරදක් කළොත් සහ එහි දී සාක්ෂි දෙන මුස්ලිම්වරු/වරයා පක්ෂග්‍රාහී වුවහොත් මුස්ලිම් නොවන්නාට දෙයියන්ගේම පිහිට ය. පුද්ගලයකුගේ අවංකකම රදාපවතින්නේ ගතිගුණ මත මිස අදහන ආගම හෝ ජාතිය මත නොවේ.

මුස්ලිම් නොවන්නන් සදහා දියා හෙවත් ලේ වන්දි මුදල

එමෙන් ම මුස්ලිම් නොවන්නකුට ලැබෙන්නේ මුස්ලිම්වරයකුට ලැබෙන ලේ වන්දි මුදල (දියා) ට වඩා ඉතා අඩු අගයකි. ෂාෆි ඉ මද්හබයට අනුව මුස්ලිම්වරයකුගේ දියා මුදල යුදෙව්වකුගේ/කිතුනුවකුගේ දියා මුදලට වඩා තුන්ගුණයකින් වැඩි ය. මැගියන්වරුන්ට එය මුස්ලිම්වරයාගේ මෙන් 15න් පංගුවකි. හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන පරිදි සවුදියේ යුදෙව්/කිතුණු අයට ලැබෙන දියා මුදල මුස්ලිම්වරන්ට දෙන මුදලින් අඩක් වන අතර අනෙකුත් ආගම් අදහන අයට එය 16න් පංගුවකි. මෙය මුස්ලිම් නොවනන්ගේ ජීවිත මුස්ලිම්වරුන්ගේ ජීවිතිවලට වඩා වටිනාකමින් අඩු ය කීමක් වැනි ය. ජීවිතයක වටිනාකම තීරණය වන්නේ අදහන ආගම අනුව ද?

අනාචාරය ආදිය අපරාධ වීම

ෂරියා නීතියට අනුව විවාහක මුස්ලිම් පිරිමියකු අනෙකකු හා විවාහක ව සිටින මුස්ලිම් ගැහැනියක හා ලිංගික ව එක්වුවහොත් දෙදෙනා ම ගල්ගසා මැරිය යුතු ය. අවිවාහක මුස්ලිම් යුවළක් එකනෙකා සමග ලිංගිකව එක්වුවහොත් දෙදෙනාට ම කසපහර 100ක් බැගින් ගැසිය යුතු ය. එක් අයෙක් විවාහකයෙක් නම් ඔහු/ඇය ව ගල්ගසා මැරිය යුතු ය. අපරාධ යනු සොරකම, මංකොල්ලකෑම, අපහාස කිරීම, ඝාතනය වැනි අන්‍යයන්ට හානිකරන ක්‍රියා ය. අනාචාරය හෝ විවාහ පූර්ව මෛථූන්‍ය එවැනි දඩුවම් කළ යුතු ගණයේ අපරාධ ක්‍රියා නොවේ. අනාචාරය කෙසේවෙතත් විවාහ පූර්ව මෛථූන්‍යය දඩුවම් ලැබිය යුතු වරදක් වීමට කිසිදු පදනමක් නැත. ආගම් අනුව යමක් කෙතරම් පවක් වුවත් අන්‍යයන්ට හිරැහැර නොවන්නේ නම් රජය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධව මැදිහත් විය යුතු නැත. එය නූතන රාජ්‍ය්‍යට පටහැනි ය. නූතන රාජ්‍ය්‍ය යනු ආගමත් රජයත් වෙන් කළ එකකි. මෙය මුස්ලිම් මනසට ආගන්තුක ය.

සොරකමට අත කැපීම

පිරිමි වුවද, ගැහැනු වුවද, කවුරුන් සොරකම් කළද, (මෙම නපුරු) ක්‍රියාවට දඩුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා වෙන්කර දමනු. (මෙය) අල්ලාහ් විසින් ඇති කරන ලද ආදර්ශමත් දඩුවමකි. අල්ලාහ් බලසම්පන්න වන අතර ඥානවන්තයකු වශයෙන් සිටින්නේය.

- කුරානය 5: 38 

සොරකම යනු සුළු අපරාධයකි. මංකොල්ලකෑම බරපතළ අපරාධයකි. සොරකමට සුලු දඩුවම් ලබාදෙන්නෙත් මංකොල්ලකෑමට දැඩි දඩුවම් ලබාදෙන්නෙත් එබැවින් ය. සොරකම තුළ නැති ප්‍රචණ්ඩත්වය යොදාගැනීම හෝ යොදාගන්නා බවට බියගැන්වීම යන අංගය මංකොල්ලකෑම තුළ ඇති බැවිනි. සුළු අපරාධයකට ලැබිය යුත්තේ දඩයක්, සිරදඩුවමක් වැනි සුලු දඩුවමක් මිස අත කැපීම වැනි බරපතල දඩුවමක් නොවේ. අල්ලාහ් ඥානවන්තයකු යැයි කියමින් කුරාන වැකිය අවසන් වුවත් මේ වැකිය පෙන්යන්නේ ඔහුගේ අනුවණකමේ තරම ය. දිවිරැකගැනීමට ක්‍රමයක් නැති කමින් සොරකම් කරන්නෙකු හමුවුවහොත් ෂරියාව යටතේ ඔහුගේ අත ද කපාදමනු ඇත. එක් අතක් අහිමි වූ බැවින් වැඩපළක නියැලී ඉපැයීම දුෂ්කර වන ඔහු යළිදු සොරකම් කරනු ඇත. එවිට ප්‍රඥාවන්ත අල්ලාහ්ගේ නියමයට අනුව ඔහුගේ දෙවන අත ද කපාදමනු ඇත. දැන් දෑත ම නැති බැවින් ඔහුට සොරකම් නම් කළ නොහැකි වනු ඇත. නමුත් අමන නීතියක් සාමාන්‍ය දඩුවමකින් වරදට බියගන්වා යහමගට ගත හැකි ව තිබූ ජීවිතයක් විනාශ කළේ නොවන්නේ ද?

ඇසට ඇස, දතට දත, ලෙයට ලෙය

විශ්වාසවන්තයිනි, ඝාතනය සදහා පළි ගැනීම ඔබ කෙරෙහි නියම කරනු ලැබ ඇත්තේය. (එබැවින් මිනීමරුවා) නිදහස් මිනිසෙකු වුවහොත් නිදහස් ඔහුවම, වහලෙකු වශයෙන් සිටියහොත් එම වහලාවම, කාන්තාවක් වුවහොත් එම කාන්තාවම (ඔබ ඝාතනය කර දමනු.)

- කුරානය 2: 178-179 

ඇසට ඇසක් හා දතට දතක් යන නීතිය අප සැවොම අන්ධයන් කරනු ඇත.

- මාර්ටින් ලූතර් කිං

ඉස්ලාම් නීතිය අනුව ඝාතන සදහා ඝාතකයාගේ මරණය ම සිදුවිය යුතු ද නැතිනම් වන්දි මුදලකින් සෑහීමට පත් වන්නේ ද යන්න වින්දිත පාර්ශ්වයේ කැමැත්ත මත තීරණය වේ. ගල්ගසා මරන්නේ ද ප්‍රජාව විසිනි. මේ සියලු පිළිවෙත් වෛරය හා පළිගැනීමේ මානසිකත්වය වැඩිකරයි.

ඉස්ලාමීය රාජ්‍යය තුළ මුස්ලිම් නොවන්නන්ගේ තත්ත්වය

ඉස්ලාමීය පාලකයන් සිය පාලන තුළ සිටි මුස්ලිම් නොවන වැසියන්ට කිසිදු හිංසාවක් නොකළ බවත් ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් හා අනෙකුත් මානව අයිතිවාසිකම් ලබාදුන් බවත්, වෙනස්කම් පීඩා ආදිය නොකළ බවත් මුස්ලිම්වරු සහතික කර පවසති. නමුත් දෙවැනි උමර් කාලිෆ්වරයා සහ ජෙරුසලමේ කිතුනුවන් හා යුදෙව්වන් සමග අත්සන් කෙරුණු ගිවිසුමේ (ඔවුන්ගේ ජීවිත, ධනය හා සිද්ධස්ථාන ආරක්ෂා කෙරෙන බවට පවසමින් ඇරඹුණත්) පහත සදහන් කොන්දේසි ඔවුන් මත පණවා තිබුණි. ඔබ මුස්ලිම්වරයකු නම් මේ සෑම වැකියක් ම ඔබට ඔබේ ආගමට ආදේශ කරගනිමින් එනම්, කිතුණු/යුදෙව්/මුස්ලිම් නොවන යන වදන් වෙනුවට මුස්ලිම් යනුවෙනුත් මුස්ලිම් යන වදන වෙනුවට සිංහල-බෞද්ධ යනුවෙනුත් යොදාගනිමින් කියවන්න. අනෙක් තැන් ද එලෙස ම ගැලපෙන පරිදි වෙනස්කර ගනිමින් කියවන්න.

උමර්ගේ ගිවිසුම

  • මුස්ලිම්වරුන්ට විශේෂ සැලකිලි දැක්විය යුතු වීම. මුස්ලිම්වරයකු අසුන් ගැනීමට කැමති නම්, අසුන් ගෙන සිටින මුස්ලිම් නොවන අයකු සිය අසුනින් නැගී සිට එය මුස්ලිම්වරයාට අසුන් ගැනීම සදහා දිය යුතු ය. 
  • Palm sunday සහ පාස්කු දින පෙරහැර තහනම් ය. කිතුණු පල්ලිවල කුරුස එල්ලා තැබීම තහනම් ය. 
  • දවාලේ හෝ රාත්‍රියේ හෝ විවේක ගැනීමට අවශ්‍ය වූ විට කිතුණු පල්ලි හෝ යුදෙව් සිනගෝග තුළට ඇතුලු වීමට මුස්ලිම්වරුන්ට ඉඩ දිය යුතු ය. කිතුණු පල්ලිවල ඝණ්ඨාර අඩු හඩකින් නාද කළ යුතු ය. 
  • මුස්ලිම්වරුන්ගේ ආසන්නයේ තිබෙන හෝ කිතුණුවන්ගේ/යුදෙව්වන්ගේ ආසන්නයේ හෝ තිබෙන විනාශ වුණු කිතුණු පල්ලි නැවත ගොඩනැගීම සපුරා තහනම් ය. 
  • මුස්ලිම් නොවන්නන්ගේ සිද්ධස්ථාන නගරයේ තිබෙන මිටි ම මුස්ලිම් පල්ලියට වඩා උසින් අඩු විය යුතු ය. 
  • මුස්ලිම් නොවන්නන්ගේ නිවෙස් මුස්ලිම්වරුන්ගේ නිවෙස්වලට වඩා උසින් වැඩි නොවිය යුතු ය. 
  • නව කිතුනු පල්ලි, යුදෙව් සිනගෝග, ආරාම හෝ එවැනි කුටියක් පවා ගොඩනැගීම තහනම් ය. (මේ නීතිය යුදෙව් ජනතාවට බයිසැන්තියානු අධිරාජයේදීත් පණවා තිබුණු නමුත් කිතුණුවන් වෙතට ද අදාල කරන ලද්දේ මුස්ලිම්වරුන් විසිනි.) 
  • ඉස්ලාමයෙන් වෙනත් ආගමකට හරවා ගැනීමේ අදහසින් මුස්ලිම්වරුන්ට ආගම් ප්‍රචාරය කිරීම තහනම් ය. (මුස්ලිම්වරුන්ට අන් ආගම්වලින් සිය ආගමට බදවා ගැනීමට තිබෙන අයිතිය අනික් ආගමිකයන්ට මුස්ලිම්වරුන් උදෙසා නොවී ය.) 
  • ඉස්ලාමය වැළදගන්නා අයකු එසේ කිරීමෙන් වැළැක්වීම තහනම් ය. (ඉහත තිබෙන සීමාකිරීමෙන් මුස්ලිම්වරුන් අන්‍යාගම්වලට හරවා ගැනීමට තිබෙන අයිතිය අන් ආගමිකයන්ට අහිමි කරන මුස්ලිම්වරු සිය ආගමික පිරිස ආගමෙහි රදවා ගැනීමට අන්‍යයන්ට තිබෙන අයිතිය මෙයින් තහනම් කරති.) 
  • කිතුණුවන්ට සිය ආගමික සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් වූ අතර ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ හෝ සංකේත සමග ප්‍රසිද්ධියේ පෙනී නොසිටිය යුතු විය. එනම් මාවත්වල හෝ මුස්ලිම්වරුන්ගේ වෙළදසැල්වල නොසිටිය යුතු විය. 
  • කිතුණුවන් සහ යුදෙව්වන් දේවමෙහෙයන්හි දී සිය හඩවල් උස් හඩින් භාවිතා කිරීම තහනම් විය. අවමගුල් නිහඩ ව සිදු කළ යුතු විය. 
  • තමා පසුකර යන මුස්ලිම්වරයකුට මුස්ලිම් නොවන්නකු අවම දින 3ක් වත් නවාතැන් හා ආහාර දිය යුතු විය. 
  • සැදලයක් මත අසුන්ගෙන අසුන් මත යාම මුස්ලිම් නොවන්නන්ට තහනම් විය. 

මෙම කොන්දේසි කලු ජාතිකයන් මත පණවා තිබූ ඇපාතීඩ් නීතිවලින් නොවෙනස් ද? සැබවින් ම ඇපතීඩ් නීති මෙ තරම් අමානුෂික නැත. මෙවැනි නීති අප ඔබ මත පැණවුවහොත් ඔබට ඇතිවනු ඇත්තේ කවර හැගීමක් ද? එවැන්නකට ඔබ ප්‍රතිචාර දක්වන විලාසය සිතාගන්නට අපට අපහසු නැත්තේ ඉතා සුලු රාජ්‍ය ආරක්ෂාව, මහජන සෞඛ්‍ය වෙනුවෙන් ගන්නා තීරණයක දීද ඔබ හැසිරෙන මුරණ්ඩු විලාසය අප හොදින් ම අත්දැක ඇති බැවිනි. නමුත් අප ඔබ වැනි ජාතියක් නොවන බැවින් එදා ඔබේ මුතුන් මිත්තන් වෙතින් ජෙරුසලමේ යුදෙව් හා කිතුණු බැතිමතුන් විදි වෙනස්කර සැලකීම්වලින් ඔවුන්ට ඇති වූ පීඩාව මනසින් විද බලන්නැයි ඇරයුම් කරමි. එසේ ම ඒ මුතුන් මිත්තන්ගේ මාවත යන්නට දගලමින් සිටින ඔබේ නෑ හිත මිතුරන්ට තමා අකමැති දෙයට අනුන් ද අකමැති වන බව වටහා දෙන්නැයි ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ජිස්යා

(විශ්වාසවන්තයිනි) ධර්මය පහළ කරනු ලැබූවන්ගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විහ්වාස නොකරද, අල්ලාහ්වද ඔහුගේ දූතයාද තහනම් කරනු ලැබූ දැය සුදුසු නැතැයි යන්න අදහස් නොකරද, මෙම සත්‍ය ධර්මය අනුගමනය නොකර සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) අත්වලින් යටහත්ව ජිස්යා (නමැති කප්පම්) ගෙවන තුරු ඔබ ඔවුන් සමග යුද්ධ කරනු.

- කුරානය 9: 29 

ජිස්යාව යනු ඉස්ලාමීය රාජ්‍යයක් තුළ ජීවත් ව සිටින ක්‍රිස්තියානින්, යුදෙව්වන් වැනි ආගමික කණ්ඩායම් කෙරෙහි පැණවිය යුතු බද්දකි. මෙය මුස්ලිම්වරුන් ගෙවිය යුතු අනිවාර්ය බද්දක් වන සකාතය වෙනුවට පැණවූවක් බවත්, එඒ අනුව එය නූතන ආදායම් බද්දකට සමාන වූවක් බවත්. සකාතයට වඩා ජිස්යාව ප්‍රමාණයෙන් අඩු වීම හා එය ගෙවීෙමන් මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ යුද්ධ සේවයෙන් සේවයෙන් බැහැර වී මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව යටතේ සිටීමට ඔවුන්ට හැකි වූ බවත් ඇතැම් මුස්ලිම්වරු සහ ඉස්ලාම් වියත්තු මෙය සාධාරණීකරණයට කියති. එහෙත් මෙය සත්‍ය නොවන බවත් එහි අරමුණ මුස්ලිම් නොවන පිරිස් අවමානයට පත්කිරීම බවත් තෆ්සීර් ඉබ්න් කාතිර් හි සහ සහී බුහාරි හි එන පහත කියුම් දෙකින් පැහැදිලි වෙයි.

ඉස්ලාමය දිවා රැය උදාවන්නාක් සේ වේගයෙන් සහ සන්තතිකව ම පැතිරෙනු ඇත්තේ ය. මැටියෙන් තැනූ පැළ වුව අල්ලාහ් විසින් සිය දහම ඒ කරා යැවීමෙන් මිදී නොසිටිනු ඇත්තේ ය. වික්‍රමාන්විතයා (මුස්ලිම්වරයා) හට ම වික්‍රමය ගෙන දෙමින් සහ අවමන් ලද්දාට (ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නාට) අවමානය ම තිලිණ කරමින් එය පැතිරෙනු ඇත. ඉස්ලාමයට පැමිණීමට පෙර කිතුනුවකු ව සිටි තමීම් අද්-දාරි මෙසේ කීමට පුරුදු ව සිටියේ ය. “මගේ ම ජනයා (කිතුනුවන්) තුළින් මම මෙම හදීසයේ අරුත වටහා ගත්තෙමි. ඔවුන්ගෙන් මුස්ලිම්වරුන් බවට පත් වූ අය යහපත්බව, ගරුත්වය සහ බලය අත්කරගත්හ. අවමානය, නින්දාව සහ ජිස්යාව අවිශ්වාසවන්තයන් මත විය. ”

- තෆ්සීර් ඉබ්න් කාතිර් 

"මාගේ ජීවිකාව මාගේ හෙල්ලය සරණ කරගෙන පවතින්නේ ය. [1] එමෙන් ම මාගේ අණවලට අවනත නොවන සෑම අයෙක්ට ම ජිස්යාව ගෙවීමෙන් ලැජ්ජාවට පත්වන්නට සිදුවනු ඇත.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව ඉබ්න් උමර් පැවසුවේ ය.
(The Translation of the Meanings of Sahih Al-Bukhari,  Arabic-English, Vol. IV by Dr. Muhammad Mushin Khan, Islamic University---Al-Medina Al-Manauwara. Page 104)

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි මුස්ලිම්වරයකුගේ සාක්ෂි තරම් විශ්වසනීය ලෙස නොපිළිගැනෙන බැවින් සහ මුස්ලිම්වරයකුගේ සාක්ෂිය වඩා ප්‍රමුඛ වන බැවින් මුස්ලිම්වරයකු මුස්ලිම් නොවන්නකුට වරදක් කළොත් සහ එහි දී සාක්ෂි දෙන මුස්ලිම්වරු/වරයා පක්ෂග්‍රාහී වුවහොත් මුස්ලිම් නොවන්නාට දෙයියන්ගේම පිහිට ය. පුද්ගලයකුගේ අවංකකම රදාපවතින්නේ ගතිගුණ මත මිස අදහන ආගම හෝ ජාතිය මත නොවේ.

මුස්ලිම් නොවන්නන් සදහා දියා හෙවත් ලේ වන්දි මුදල

එමෙන් ම මුස්ලිම් නොවන්නකුට ලැබෙන්නේ මුස්ලිම්වරයකුට ලැබෙන ලේ වන්දි මුදල (දියා) ට වඩා ඉතා අඩු අගයකි. ෂාෆි ඉ මද්හබයට අනුව මුස්ලිම්වරයකුගේ දියා මුදල යුදෙව්වකුගේ/කිතුනුවකුගේ දියා මුදලට වඩා තුන්ගුණයකින් වැඩි ය. මැගියන්වරුන්ට එය මුස්ලිම්වරයාගේ මෙන් 15න් පංගුවකි. හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන පරිදි සවුදියේ යුදෙව්/කිතුණු අයට ලැබෙන දියා මුදල මුස්ලිම්වරන්ට දෙන මුදලින් අඩක් වන අතර අනෙකුත් ආගම් අදහන අයට එය 16න් පංගුවකි. මෙය මුස්ලිම් නොවනන්ගේ ජීවිත මුස්ලිම්වරුන්ගේ ජීවිතිවලට වඩා වටිනාකමින් අඩු ය කීමක් වැනි ය. ජීවිතයක වටිනාකම තීරණය වන්නේ අදහන ආගම අනුව ද?

ඉස්ලාමීය රාජ්‍යය තුළ දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය

ඉස්ලාමීය රාජ්‍යය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ජන-නායකයන්, ආණ්ඩු හා මනත්‍රීන් පත්කරගැනීම පිණිස මැතිවරණ, පාර්ලිමේනුත් වැනි නීති සම්පාදන ව්‍යුහ යන මේ කිසිවක් නැත. දේශපාලන පක්ෂ තහනම් ය. ඒ අනුව එහි කිසිම ආකාරයක දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මිනිසා විසින් නිර්මාණය කරන කිසිම නීතියක් පිළි නොගැනෙන එහි ඇති එක ම නීතිය වන්නේ කුරානයත් කුරාන හා හදීස වැකි ඇසුරින් තැනුණු ඉස්ලාමීය නීතියත් පමණි. පාලකයා වන කාලිෆ්වරයා යනු මුස්ලිම් ප්‍රජාව විසින් පත්කරන ඉ්සලාමීය විද්වතෙකි. ඔහු ඉවත් කළ හැක්කේ සීමිත අවස්ථා කිහිපයක දී මුස්ලිම්වරුන්ගේ සාමූහික තීරණ අනුව පමණි. ඔහු පූර්ණ බලැති ආඥාදායකයෙකි. කිසිවකුට ඔහු ව විවේචනය කළ නොහැකි ය. ඔහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි ය. කිසිවකු ඔහු ව විවේචනය කළහොත් එය දේවාපහාසයක් වන අතර ඉස්ලාමය විවේචනය කළහොත් ඉස්ලාමය රාජ්‍යයද වන හෙයින් එය රාජද්‍රෝහීත්වයක් සේ සලකා මරණ දඩුවම ලබා දේ. එනම් අදහස් ප්‍රකාශනයේ නිදහසක් නැත. මුස්ලිම්වරයකු ඉස්ලාමය හැරගිය ද එබදු ය. එයින් පිටත සිටින මුස්ලිම්වරයකු එහි හෝ කාලිෆ්වරයාගේ අධිකාරිය නොපිළිගන්නේ නම් එය ආගම අත්හැරීමක් මෙන් ම රාජද්‍රෝහීත්වයක් ද සංයුක්ත කරන බැවින් දඩුවම මරණය ය.

සමස්ත පාලනය ම කිසියම් එක් ආගමක නීති අනුව සිදුවන අතර පාලකයා බවට පත්විය හැක්කේ ද කිසියම් එක් ආගමක විද්වතකුට පමණි. නඩුකාරයන් ද පත්කරන්නේ මුස්ලිම්වරුන් අතරිනි. ඒ ඇත්තේ ෂරියා අධිකරණ පමණක් බැවිනි. පාලකයා වීමේ හැකියාව මෙන් ම තීරණය කිරීමේ අයිතිය ද ඇත්තේ කිසියම් එක් ආගමික පිරිසකට ය. මුස්ලිම් නොවන ජනතාවන්ට පාලනය සහභාගී වීමට කිසිදු ඉඩක් තබා නැත. නමුත් ශ්‍රී ලංකාව ගතහොත් බුදුදහමට ප්‍රමුඛස්ථානය සහ රජයේ සුරක්ෂිතතාව තිබුණ ද මෙලෙස අන් ආගමිකයන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් අවුරා නැත. කොටින් ම කිවහොත් ඉස්ලාමීය රාජ්‍යය තුළ සෑම කණ්ඩායමකට ම සමාන අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස, දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය යන මේ කිසිවක් නැත. අලි සිනාගේ වචනයෙන් කිවහොත් " යුරෝපීය පුනරුදයේ සිට අප දිනාගත් සියලු දේ අහිමි වී යනු ඇත.”

Sunday, April 5, 2020

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ

ඉස්ලාම් ධර්මය ලොවට පහළ කිරීමට අල්ලාහ් විසින් තෝරාගත් දූතයා වූ මුහම්මද් නබි (එතුමානන්ගේ නමට ශාන්තිය හා සමාදානය වේවා) තුමා මුස්ලිම්වරුන් පිළිගන්නේ ලොව විසූ ශ්‍රේෂ්ඨත ම මිනිසකු ලෙස ය. එතුමන් ව මුස්ලිම්වරුන්ට අලංකාරවත් ආදර්ශයක් ලෙස තබා ඇතැ යි කුරානයේ 33: 21 වැකිය පවසයි. එතුමාගේ ක්‍රියා හා වචන ඉස්ලාම් නීතිය සහ ඉස්ලාමීය දිවිපැවැත්ම තීරණයේ ද ප්‍රබල මූලාශ්‍රයක් වේ. තෝමස් කාලයිල්, බර්නාඩ් ෂෝ, මහත්මා ගාන්ධි, ජෝන් විලියම් ඩ්‍රැපර් වැනි ඇතැම් යුරෝපීය විද්වතුන් ද එතුමා උසස් මිනිසකු ලෙස පැසසුමට ලක් කර තිබේ. නමුත් ඉස්ලාම්විරෝධී අඩවි දිගින් දිගට ම පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ එතුමා දුෂ්ට, අකාරුණික, ප්‍රචණ්ඩ, නොදැමුණු චරිතයක් ලෙස ය. එතුමා ගැන මොවුන් ඉදිරිපත් කරන මේ චෝදනා කෙතරම් සත්‍යය ද යන්න අප විමසා බැලිය යුතු ය. සැබවින් ම එතුමා එවැනි අයෙක් නම් එතුමා දෙවියන්ගේ දූතයකු විය නොහැකි බව අපි පිළිගත යුතු වෙමු. නබිතුමා කළ ප්‍රකාශ (හදීස) සහ එතුමා ක්‍රියාවෙන් ලබා දුන් ආදර්ශයන් (සුන්නා) එතුමාගේ ඒවා ඇසූ දුටු සහ අතිශයින් විශ්වාසවන්ත වූ අනුගාමිකයන් විසින් වාර්තා කර ඇති අතර ඒවා ලේඛන ගත කර තිබේ. හදීසයන් කටින් කට පැමිණි දාමය අඛණ්ඩ, ශක්තිමත්, විශ්වාසවන්ත ලෙස පිළිගැනෙන අනුගාමිකයන් පමණක් අත්කරගන්නා විට ඒවා නිවැරදි හදීස හෙවත් සහී හදීස ලෙස හදුන්වති. එසේ ම එතුමා පිළිබදව, එතුමාගේ මරණින් කෙටිකලකට පසු විසූ ඉස්ලාම් වියතුන් විසින් ලියූ චරිතාපාදාන (සීරා) ද තිබේ. ඉස්ලාමයේ අධිකාරී ලෙස ගැනෙන මෙකී මූලාශ්‍ර ආශ්‍රයෙන් අපි දැන් මුහම්මද් නබි (එතුමාගේ නමට ශාන්තිය හා සමාදානය වේවා) තුමන්ට එරෙහි ව ඉදිරිපත් කරන චෝදනා එකින් එක සලකා බලමු. අප හුදෙක් කරුණු පමණක් දක්වන අතර ඔබ ඔබේ හදවතට එකගව අවංක නිගමනයකට තර්කානුකූලව සිතා බලා පැමිණෙනු ඇතැ යි අපේක්ෂා කරමු.

එතුමන් ආගම්වාදියෙක් ද? අන් ආගම් හෝ ආගමිකයන් නොඉවසූ අයෙක් ද?

ඉබ්න් උමර් පැවසුවේ ය. අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියකු නැති බවත් මුහම්මද් යනු ඔහුගේ දූතයා බවත් පවසා සලාතය ඉටුකර සදකා බද්ද ගෙවන තුරු මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට මට අල්ලාහ්ගෙන් අණ ලැබී ඇත්තේ ය. ඔවුන් මෙය ඉටුකළහොත් ඔවුන්ගේ ජීවිත සහ ධනය මාගෙන් බේරාගැනීමට හැකිවනු ඇත. එවිට මා ඔවුන්ගේ ජීවිත හෝ ධනය නැතිකරනු ලබන්නේ යුක්තිය පසිදලීමක දී පමණක් වන අතර ඔවුන් ගැන අල්ලාහ් විසින් වගබලාගනු ඇත. - සහීහ් බුහාරි 25
මිනිසුන් ෂහාදාව (අල්ලාහ් එකම දෙවියන් බවත්, මුහම්මද් ඔහුගේ දූතයා බවත් පිළිගැනීම) පවසා සලාතය හෙවත් මුස්ලිම්වරුන් දිනකට පස් වතාවක් කරන නැමදුම කරන තුරු ඔවුන්ට එරෙහි ව සටන් කරන බව මින් කියැවේ. ෂහාදාව පැවසීම කෙනකු මුස්ලිම්වරයකු වූ බව හගවන ක්‍රියාවයි. පස් වත් නැමදුම මුස්ලිම්වරුන් දෛනිකව කළ යුතු අනිවාර්ය ආගමික යුතුකමකි. ඉස්ලාමීය ආගමික යුතුකම් කරන තුරු සටන් කිරීම යනු ඉස්ලාමය වැළදගන්නා තුරු සටන් කිරීම හැර වෙන කුමක් ද? මෙලෙස කිසියම් ආගමක සිරිත් අනුන් පිළිපදින තුරු සටන් කිරීම ම ආගමික අන්තවාදයකි. ත්‍රස්තවාදයකි. ආගමික උම්මත්තකභාවයකි.

16 වැනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් විසින් සිය රෙගෙන්ස්බර්ග් සරසවි දෙසුමේ දී උපුටා දක්වන්නට යෙදුණු, විශිෂ්ඨ ගණයේ ප්‍රාඥයකු වූ බයිසැන්තියානු අධිරාජ දෙවන මැනුවෙල් පැලයියලොගෝස්ගේ කියුම මෙහි දී අපට නිතැනින් ම සිහියට එයි.
මුහම්මද් අලුතින් හදුන්වල දීපු එකදෙයක් පුලුවන් නම් මට පෙන්නන්න. එහෙම දෙයක් තියෙනවනං ඒ තමන්ගේ ආගම කඩුවෙන් පතුරන එක වගේ තිරිසන්, දුෂ්ට ක්‍රියාවන් විතරයි. ලේ හලල දෙවියන් ව සතුටු කරවන්න බැහැ. ඒ වගේම තර්කානුකූලව කටයුතු නොකිරීම දෙවියන්ගේ ස්වභාවයට පටහැනියි. භක්තිය හටගන්නේ හිතේ. ශරීරයේ නෙවෙයි. තව කෙනක් තුළ තමන්ගේ ධර්මය ගැන විශ්වාසය ඇතිකරවන්න පුලුවන් තර්ජන ගර්ජන නැතිව සිත්ගන්නා ලෙස කථා කරන්න පුලුවන් සහ මනාව පහදා දෙන්න පුලුවන් කෙනෙකුට විතරයි. විමසුම්සහගත සිතක් සිය මතයට එකග කරවාගන්න අත පයේ හයියෙවත්, අවිආයුධවලත්, මරණ තර්ජන හෝ වෙන විදියක තර්ජනවලවත් අවශ්‍යතාවයක් නෑ.
අන් ආගමිකයන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල යෙදීමට සාධාරණ හේතුවකින් තොර ව ඉඩ නොදීම අන් ආගමික නොඉවසීම (religious intolerance) නම් වේ.
අබ්දුල්ලාහ් විසින් පවසන ලදී. සටන් කර එය ජයග්‍රහණය කළ දවසේ දී නබිතුමන් මක්කාවට ඇතුලු වනවිට කාබාව තුළ පිළිම 360ක් විය. නබිතුමන් සිය අතේ තිබුණු පොල්ලකින් ඒවාට පහරදෙමින් මෙසේ පවසන ලදී. “සත්‍යය පැමිණ තිබෙන අතර මිත්‍යාව යළි හිස එසවීම හෝ මතුවීම කිසිදා නොසිදුවනු ඇත.” - සහීහ් අල්-බුහාරි 4287
මේ ආදර්ශය නිසාදෝ පිළිරූ, ස්මාරක ආදිය (පිරමීඩ, ආගමික ප්‍රතිමා ඇතුලු සෙවනැල්ලක් ඇතිකරන සහ ගෘහයන් තුළ නොපිහිටි - පිටතට පෙනෙන ඕනෑම නිර්මාණයක්) ඒවා මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත් මංසලකුණු වුවත් විනාශ කිරීම ෂරියා ව තුළ අනිවාර්ය ය. වෙනත් ඇදහීම් උදෙසා කැප වී ඇත්නම් එම අනිවාර්යතාව ශක්තිමත් වන බව ද එම නියෝගයේ (ෆත්වා) පෙන්වා දී තිබේ. බෞද්ධ අපේ අවුකන පිළිම, දාගැබ් ආදී පෞරාණික ස්මාරක මේ සියලු අවශ්‍යතා සපුරන නිසා දිනක මුස්ලිම් ඔබ ඒවා ද විනාශ කරනු ඇත. ඔබට ආදර්ශයක් ලෙස තබා ඇති පුද්ගලයා ද එය සිදුකර තිබෙන නිසා එම අවශ්‍යතාවය තවත් ශක්තිමත් වේ.

ආගම හැර යන පුද්ගලයන් ව ඝාතනය කිරීම

ඉක්රිමා මෙසේ පැවසුවේ ය. අලි ඉස්ලාමය අතහැරගිය මිනිසුන් කිහිපදෙනෙක් ව පුලුස්සා දැමුවේ ය. මේ ගැන ඉබ්න් අබ්බාස්ට දැනුම් දුන් විට මම ඔහු විණි නම් මම කිසිවිටෙකත් ඔවුන් ව පුලුස්සන්නේ නම් නැත. මන්ද යත් අල්ලාහ්ගේ දඩුවම කිසිවකුට ලබා දීමට එඩිතර නොවන්නැයි නබිතුමා පැවසූ හෙයිනි. එහෙත් මම ද නිසැක ව ම ඔවුන් ව ඝාතනය කරන්නෙමි. මන්ද යත් ආගම අත්හරින පුද්ගලයන්ව මරාදමන්නැ යි එතුමන් පැවසූ බැවිනි. යයි පැවසුවේ ය. - සුනන් අබු දාවුද් 4351

යුදෙව් විරෝධය

එතුමන් යුදෙව්වන් කෙරෙහි ප්‍රකට කළ ද්වේෂසහගත ආකල්පය හිට්ලර් පවා ආකර්ෂණය කිරීමට සමත් විය.
නබිතුමන් මෙසේ පවසනු තමන්ට ඇසුණු බව උමර් බී. අල්-ඛත්තිබ් පැවසී ය. මම යුදෙව්වන් සහ කිතුනුවන් අරාබි අර්ධද්වීපයෙන් එළවා දමා මුස්ලිම්වරුන් පමණක් ඉතිරි කරන්නෙමි.    - සහීහ් මුස්ලිම් 1767 a
මෙයට හේතුව ලෙස දක්වන්නේ ජයග්‍රහණයෙන් පසු එය අල්ලාහ්ට, ඔහුගේ දූතයාට සහ මුස්ලිම්වරුන්ට පමණක් අයත් වීම යි. බලන්න සහීහ් අල්-බුහාරි 3152 එතුමන් යුදෙව්වන් කෙරෙහි ද්වේෂී ව කටයුතු කිරීමෙන් නොනැවතී අනාගතයේ දිනක ඔවුන් ව ඝාතනය කිරීමට අවශ්‍ය පදනම ද මුස්ලිම්වරුන්ට සපයා දුන්නේ ය.
නබිතුමා මෙසේ කී බව අබු හුරයිරා පැවසී ය. මුස්ලිම්වරුන් යුදෙව්වන් සමග සටන් කරන තුරු සහ යුදෙව්වන් ගස් ගල් පිටුපස සැගවෙන තුරු සහ මුස්ලිම්වරුන් ඔවුන් මරන තෙක් අවසන් (විනිශ්චයේ) පැය උදා නොවන්නේ ය. යුදෙව්වන් එසේ ගස් ගල් පිටුපස සැගවෙන කල්හි එම ගස් සහ ගල් මෙසේ කියනු ඇත්තේ ය. මුස්ලිම්වරය, අල්ලාහ්ගේ ගැත්ත, මේ මාගේ පිටුපසත් යුදෙව්වෙක් සිටී. පැමිණ ඔහු මරා දමාපන්න. නමුත් එක ම එක ගසක් එසේ නොපවසනු ඇත්තේ ය. ඒ යුදෙව්වන්ගේ ගසක් වන ඝර්කාද් ගසයි. - සහීහ් මුස්ලිම් 2922
මේ අනුව මුස්ලිම්වරුන්ට යුදෙව්වකු යනු අනාගතයේ යම්දිනක තමන් විසින් ඝාතනය කළ යුතු පිරිසකි. ඉස්ලාම් ධර්මය තුළ ඇති යුදෙව් විරෝධය සිගිති මනස පවා විනාශ කරන ආකාරය මේ වීඩියෝවෙන් දැකගත හැකි ය.

එතුමන් වෙනස් මත නොඉවසූ ඝාතකයෙක් ද?

මදීනාවට ගොස් කෙටිකළකින් ම එතුමන් සියවසරක වැඩි මහලු පුද්ගලයෙක් ව තමා ව විවේචනය කිරීමේ වරදට ඝාතනය කිරීමට අණ දුන්නේ ය. මිනිසුන් මුහම්මද්ගේ අනුගාමිකයන් වීම ගැනත් එකිනෙකාට සතුරන් වී සිටීම ගැනත් සංවේගය පළකරමින් ඔහු පද්‍යයක් බන්ධනය කළේ ය. ඉබ්න් සාද් මේ සිද්ධිය මෙසේ වාර්තාකර තිබේ.
ඊළගට සිදුවුණේ සලීම් ඉබ්න් උමයිර් අල් අම්රි විසින් යුදෙව් ජාතික අබු අෆාක්ට එදිරිව කළ වැටලීම (සරිය්යාහ්) යි. හිජ්රාවේ සිට විසිවැනි මාසය ආරම්භයේ එය සිදු විය. බානු අම්ර් ඉබ්න් අව්ෆ් ගෝත්‍රයට අයත් අබු අෆාක් එකසිය විසි වයසට එළැඹි මහලු පුද්ගලයකු විය. ඔහු යුදෙව්වෙක් වූ අතර අල්ලාහ්ගේ දූතයාට එරෙහි ව මිනිසුන් තුළ මතය ඇතිකිරීමට කටයුතු කරමින් සිටියේ ය. ඔහු මුහම්මද් ගැන උපහාසාත්මක කවියක් රචනා කළේ ය.“මම අබු අෆාක් ව මරාදමන බවට හෝ නැතිනම් ඔහුගෙන් මැරුම් කන බවට ප්‍රතිඥාවක් දුනිමි” යැයි බද්ර් යුද්ධයට ද සහභාගී වූ අයෙක් වූ සලීම් ඉබ්න් උමයිර් පැවසී ය. අවස්ථාවක් එන තුරු බලා සිටි ඔහු උණුසුම් දිනයක් තෝරා ගත්තේ ය. එදින අබු අෆාක් එළිමහන් තැනක නිදාගත්තේ ය. මෙය මෙසේ වන බව දැනසිටි සලීම් ඉබ්න් උමයිර් සිය කඩුව අෆාක්ගේ අක්මාව සිදුරු කරමින් ඇද තෙක් කිදා බැස්සුවේ ය. අල්ලාහ්ගේ සතුරා විලාප දුන් අතර ඔහුගේ සගයෝ වහා පැමිණ ඔහු ව ගෙන ගොස් භූමදාන කළෝ ය. (The Kitab al Tabaqat al kabir, Vol. 2, p 31)
මේ ගැන අසන කුඩා දරුවන් පස්දෙනෙකුගේ මවක් වන අස්මා බින්ත් මර්වාන් නැමති යුදෙව් කත පිටස්තරයකුට පැමිණ තමන් අතර භේද ඇති කර ගෞරවණීය මහලු මිනිසෙකු මරාදමන පහත් තැනට ඔවුන් ව පත්කරන්නට ඉඩදීම ගැන මදීනා වැසියන් ව හෙලාදකිමින් පද්‍යයක් බන්ධනය කළේ ය. මේ අවස්ථාවේ දී ද සිය ගෝලයන් වෙත යන මුහම්මද් "මර්වාන්ගේ දුවගෙන් මා ගලවා ගැනීමට ඉදිරිපත් වන්නේ ඔබෙන් කවුද?” යි අසමින් මොර දෙයි. ඒ අසන උමයිර් බින් අදියි අල් ඛත්මි එදින රැයේ ම ඇගේ නිවසට ගොස් ඇය ව මරාදමයි. පසුදින උදයේ රසූල්වරයා ව හමුවන ඔහු කළ දෙය ගැන දැනුම් දෙයි. එවිට මුහම්මද් මෙසේ පවසයි. “අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔබ කළේ උපකාරයක් උමයිර්.” තමාට මෙහි ඵලවිපාකයක් (විනිශ්චයේ දී) විදින්නට වේ දැයි ඇසූ විට මුහම්මද් නබි (සල්) තුමා මෙසේ පිළිතුරු දෙයි. "එළුවන් දෙනේනෙක්වත් ඈ ගැන හිස සලන්නේ නෑ.” (From pp. 675-676 of The Life of Muhammad , which is A. Guilaume’s translation of Sirat Rasul Allâh by Ibn Ishaq) මෙලෙස අස්මා බින්ත් මර්වාන්ගේ ඝාතනය ගැන මුහම්මද් නබි (සල්) තුමාගේ පැසසුම් ලැබූ පසු ඝාතකයා ඇගේ කුඩා දරුවන් වෙත ගොස් ඝාතනය ගැන පුරසාරම් දොඩමින් ඔවුන් සහ ගෝත්‍රය බියගන්වයි. ඉබ්න් සාද්ගේ වචනවලින්;
මර්වාන්ගේ දියණිය සම්බන්ධ සිද්ධිය අරභයා එදින බානු ඛත්මාවරු අතර කළබළකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ඇයට දරුවන් පස්දෙනෙක් සිටි අතර නබිතුමා වෙත සිට කෙළින් ම ඔවුන් කරා ගිය උමයිර් මෙසේ කී ය. “ඛත්මාවරුගේ දරුවනි, මම බින්ත් මර්වාන් ව මරා දැම්මෙමි. ඔබට හැකි කමක් තිබේ නම් මට එරෙහි වනු. මට රැදී ඉන්නට නම් සලස්වන්න එපා.” ඉස්ලාමය බලවත් බව බී. ඛත්මාවරුන්ට පළමුවරට පෙනී ගියේ එදින යි. ඊට පෙර සිටි මුස්ලිම්වරු ඒ බව වසන් කළහ. ඔවුන්ගෙන් ඉස්ලාමය වැළදගත් මුල් ම අය වූයේ උමයිර් බී. අදියි, අබ්දුල්ලාහ් බී. අවුස් සහ කුසයිමා බී. තාබිත් යන අයයි. බින්ත් මර්වාන් මරාදැමූ දින බී. ඛත්මාවරු මුස්ලිම්වරු බවට පත්වූහ. මන්දයත් ඔවුහු ඉස්ලාමයේ බලය කෙතරම් දැයි දුටුවෝ ය. (From pp. 675-676 of The Life of Muhammad , which is A. Guilaume’s translation of Sirat Rasul Allâh.)
මේ එතුමන් කරවූ මිනීමැරුම් කීපයක් පමණි. ඔහු විසින් අනුබල දුන් හෝ අණ දුන් මෙවැනි ඝාතනය කිරීම් හතලිහකට අධික ය. කවියක් ලිවීම සාමකාමී ව විරෝධය පළකිරීමේ ක්‍රමයකි. එයටත් කෝප වී මරාදමන මිනිසා උම්මත්තකයෙකි. මුහම්මද් කාලීන සමාජයේ පැවති විශ්වාසයට පටහැනි මතයක් දැරුවේ යම් සේ ද ඔවුහු ද මුහම්මද්ගේ මතයට වෙනස් මතයක් දැරූහ. කුරානය යුදෙව්වන් ඉතා ම කැත අන්දමින්, ද්වේෂහගත ලෙස හෙලාදකින්නේ යම් සේ ද ඔවුහු ද තමාට හරි නැතැ යි හැගෙන දේ විවේචනය කළහ. නමුත් තමන්ට තිබෙන අයිතිය අන්‍යයන්ට ද තිබිය යුතු බව මුහම්මද් නබි (සල්) තුමාවත් එතුමන්ගේ අනුගාමිකයන්වත් නොසිතූහ. (අද ද මෙය මෙසේ නොවේ ද?) අපට ඔවුන්ගේ මතය විවේචනය කරන්න පුලුවන්. නමුත් ඔවුන් අපගේ මතය විවේචනය කළොත් එය මරා දැමිය යුතු අපරාධයක්. නබිතුමාගේ තර්කය එය යි. නබිතුමාගේ මේ ආදර්ශ නිසා දෝ අද දවසේ මුස්ලිම්වරු ද ඉස්ලාමය ගැන මද විවේචනයක් හෝ පළකරන ලේඛකයෙක්, කලාකරුවෙක්, වෙන යම් විද්වතෙක් ඝාතනය කිරීමට පසුබට නොවෙති. නිදසුන් - සල්මන් රුෂ්ඩි, අයාන් හිර්සි අලි ඝාතන නියෝග, සැටනික් වර්සස් කෘතියේ පරිවර්තකයන්ට, මුහම්මද්තුමන් ගැන කාටුන් ඇදි කලාකරුවන්ට එල්ල වූ ඝාතන ප්‍රයත්න, සිනමා අධ්‍යක්ෂක තියෝ වැන් ගෝ සහ සැටනික් වර්සස් කෘතියේ ජපන් පරිවර්තක හිතොෂි තගරිෂි ඝාතනය කිරීම.

එතුමන් මංකොල්ලකරුවෙක් ද?

මුහම්මද් නබි (සල්) තුමා සියයක් නො ඉක්ම වූ සිය අනුගාමික පිරිස ද සමග මක්කම සිට මදීනාවට ගියහ. මක්කාවසීන් තමා ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බැවින් මදීනාවට යන ලෙස දෙවියන් අණ කළ බව සිය අනුගාමිකයන්ට පැවසී ය. එතුමන්ගේ අනුගාමික පිරිස වූයේ බොහෝවිට ඉතා තරුණ වියේ දරුවනුත්, වහල් පුද්ගලයනුත් ය. මෙසේ පැමිණි මොවුන් ජීවිකාව සපයා ගත්තේ වගාකිරීමෙන් හෝ වෙනයම් වෘත්තියක යෙදීමෙන් හෝ නොවේ. ඔවුහු මග රැක සිට මක්කාව සිට මදීනාව කරා යන තවලම්වලට පහර දී, ආරක්ෂකයන් මරා දමා, ඒවායේ වූ බඩුබාහිරාදිය අරගත්හ. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී මංකොල්ලකෑම යනුවෙන් හදුන්වයි. පළමු සාර්ථක මංකොල්ලකෑම වූ නක්ලාහි දී වූ වැටලීම සිදුවූයේ අරාබිවරුන් අතර යුද්ධ කිරීම තහනම් වූ ශුද්ධ වූ මාසයක දී ය. නබිතුමා මේ ගැන උපදෙස් ඉබ්න් ජාෂ්ට මුද්‍රා තැබූ ලිපියකින් දුන් අතර අදාල ස්ථානයට ගිය පසු පමණක් කියවිය යුතු විය. සත්ව හම්, මුද්දරප්පලම් වැනි "කුරයිෂ්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය" රැගත් තවලමක් පැමිණෙන තුරු වන්දනාකරුවන් මෙන් වෙස්ගෙන බලාසිටි ඔවුහු, ඔවුන් වන්දනාකරුවන් නිසා අනතුරක් නැතැ යි කුරයිෂ්වරු රැවටී අවි පහත හෙලූ විට කඩා පැන කීපදෙනෙක් මරා දමා සෙසු අයත් බඩුත් අල්ලාගනී.

(ishaq p. 287) යුද්ධ කිරීම තහනම් මාසයේ දී කළ මේ අපරාධය නිසා කුරයිෂ්වරු කැළඹීමට පත්වෙති. සම්මතය බිදීම ගැන මුහම්මද් ව නිතර නිතර විවේචනයට ලක් වේ. ඒ අවස්ථාවේ දී කුරානයේ 2: 217 වැකිය ඔහුට පහළ වේ.

"ශුද්ධ වූ මාසයන්හි යුද්ධ කිරීම ගැන ඔබගෙන් ඔවුන් විමසන්නාහ. ඔබ මෙසේ පවසනු. “ඒවායෙහි යුද්ධ කිරීම ඉමහත් පාපයකි! නමුත් අල්ලාහ්ගේ ධර්මයෙහි එක්කාසු වීම වැළැක්වීමද, ඔහුව ප්‍රතික්ෂේප කිරීමද, මස්ජිදුල් හරාම්වලට යාමට නොදී වැළැක්වීම ද, එහි වාසය කරන්නන්ගෙන් විශ්වාසය තැබූවන් ව පිටමං කිරීමද අල්ලාහ් වෙතින් ඊටත් වඩා විශාල පාපයන්ව ඇත්තේ ය. තවද මිථ්‍යා දෘෂ්ටිය (ෂිර්ක්) ඝාතනයට වඩා ඉතාමත්ම නපුරු ය. තවද ඔවුන්ට හැකි වුවහොත් ඔබව ධර්මයෙන් හරවා දමන තෙක් නිමක් නැති යුද්ධ කරමින් සිටිනු ඇත. එසේ වී ඔබගෙන් කවුරුන් හෝ ධර්මය හැරදමා ගියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල මෙලොව දීද, පරලොව දීද විනාශ වී යනු ඇත. ඔවුන්ම නිරාවාසීන් ය. සදාකල් ඔවුන් එහි රැදෙනු ඇත."

මේ කුරාන වැකිය කියවූ කෙනෙකුට හැගෙන්නේ මුස්ලිම්වරුන් ඉස්ලාම් දහම ඇදහීම නිසා ජීවිත අවදානමකට ලක්ව සිටි අවස්ථාවක පහළ වූවක් කියා ය. එහෙත් ඇතත්ට ම මෙය දෙවියන් තමාට කී බව මුහම්මද් පැවසුවේ යුද්ධ කිරීම තහනම් මාසයේ මිනිසුන් ඝාතනය කර, අහිංසක වෙළද තවලමක් කොල්ල කෑ අවස්ථාවක එය සාධාරණීකරනය කිරීමට ය. අන්‍යාගමිකයන් මැරීමට අණ දෙන වැකි සටන් අවස්ථාවල පහළ වූයේ යැයි මුස්ලිම්වරුන් කිවුවත් එම වැකිවල සැබෑ යථාර්ථය මෙය යි. මස්ජිදුල් හරාම් වෙත යාමට නොදීම නිසා මෙය කිරීම සාධාරණ යැයි කිව නොහැක. තමාගේ ආගමික සිද්ධස්ථානයක තමාගේ දෙවිවරුන්ට අපහාස කළ වෙනත් ආගමික පිරිසකට වතාවත් කිරීමට ඉඩ දීමට කාට නම් සිත් දේවි ද? මක්කාවේ මුස්ලිම්වරුන් හැරුණු විට ඒකදේවවාදී තවත් කණ්ඩායම් සිටියහ. ඔවුන්ට තහනම් නොකර මුස්ලිම්වරුන්ට පමණක් තහනම් කළේ කරදරකාරීව හැසිරුණේ ඔවුන් පමණක් නිසා ය. ඉස්ලාමය ඇදහූ පිරිස සියයකට නොවැඩි වූ බැවින් එය වේගයෙන් පැතිරුණු නිසා මෙසේ කළා යැයි කීමට ද නොහැක. හැරත් ආත්මාරක්ෂාවට සටන් කිරීම යනු ජීවිතය රැකගැනීමට නොකර බැරි තැන සටන් කිරීම මිස මෙලෙස එකට එක කිරීම නොවේ. මේ සිදු වූයේ මුස්ලිම්වරුන් සහ කුරයිෂ්වරුන් අතර සිදු වූ ප්‍රථම යුද්ධය වූ බද්ර් යුද්ධය සිදුවීමටත් පෙර ය. බද්ර් යුද්ධය යනුවෙන් හැදින්වෙන්නේ ද, මුස්ලිම්වරුන් කියන ආකාරයේ, එනම් තමන් ඝාතනය කරන්නට පැමිණි අයගෙන් දිවිබේරා ගැනීමට කළ සටනක් නොවේ. එය ද මේ ආකාරයේ තවලම් කොල්ලකෑමකි. එම තවලම් සමග කුරයිෂ්වරු සටන්කරුවන් පිරිසක් එවූ බව ඇත්ත ය. ඒ මුස්ලිම්වරු ඔවුන්ගේ තවලම් කොල්ලකෑමට පටන්ගෙන සිටි බැවින් එවැන්නක් සිදුවුවහොත් සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට ය. මුස්ලිම්වරු කුරානයේ ප්‍රචණ්ඩ වැකි ගැන පවසන වචනවලින් ම කිවහොත් එය ආත්මාරක්ෂාවට කළ ක්‍රියාවකි. මුස්ලිම්වරුන්ගේ කොල්ලකෑමෙන් ආරක්ෂා වීමට කළ දෙය ඔවුන් හදුන්වන්නේ ආගමික හිංසනයක් ලෙස ය. මේ ගතිය නම් අද ද මෙලෙස ය. ඉස්ලාම් අන්තවාදයට එරෙහි ව රජය ගන්නා නීති පියවරක් පවා ඔවුන්ට ආගමික හිංසනයකි.

නබිතුමා ඉහත ආකාරයේ වැටලීම් (අපේ වචනයෙන් මංකොල්ලකෑම්) 70 කට අධික ගණනක් සිදු කළේ ය.
සුහයිල්ගේ පුත් අබු ජන්දල් බේරී පැනගොස් අබු බසිර් සමග එක්විය. ඔවුන්ව වටකරගත් 70ක් පමණ මුස්ලිම්වරු කුරයිෂ්වරුන්ට හිරිහැර කරන්නට වූහ. ඔවුන්ට මක්කාවේ සිට සිරියාවට යන තවලමක් ගැන අසන්නට ලැබුණු හැමවිට ම ඔවුහු එය නතර කර, තමන්ට අල්ලාගත හැකි වූ සෑම අයෙක් ම මරා දැමූහ. ඔවුහු සෑම තවලමක් ම කුඩුපට්ටම් කර දමා ඒවායේ වූ බඩුබාහිරාදිය අරගත්හ. (Ishaq: 508, See Also Al-Tabari, Vol. 9, p. 91)
මෙසේ ලබාගන්නා වස්තුවෙන් පහෙන් එකක් හැමවිටම මුහම්මද්ට ලබා දිය යුතු විය. කුරානයේ 8:1 සහ 8:41 බලන්න.
"මාගේ ජීවිකාව මාගේ හෙල්ලය සරණ කරගෙන පවතින්නේ ය. [1] එමෙන් ම මාගේ අණවලට අවනත නොවන සෑම අයෙක්ට ම ජිස්යාව ගෙවීමෙන් ලැජ්ජාවට පත්වන්නට සිදුවනු ඇත.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව ඉබ්න් උමර් පැවසුවේ ය.
(The Translation of the Meanings of Sahih Al-Bukhari, Arabic-English, Vol. IV by Dr. Muhammad Mushin Khan, Islamic University---Al-Medina Al-Manauwara. page 104)
මෙහි මගේ "හෙල්ලය සරණ කරගෙන" (Under the shade of my spear) යන්නට පාදසටහනක් සපයන ආචාර්ය මුෂින් ඛාන් එයින් අදහස් වන්නේ යුද්ධයෙන් ලබාගත් දේපලින් (from war booty) යන්න බව පවසයි. (සැ. යු. මෙම හදීසය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබේ.)

එතුමන් ත්‍රස්තවාදියෙක් ද?

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව ත්‍රස්තවාදියෙක් යනු සිය දේශපාලන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ට (විශේෂයෙන් ම සිවිල් වැසියන්ට) එරෙහි ව නීතිවිරෝධීව ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ තැතිගැන්වීම සිදුකරන්නෙකි.
අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියකු නැති බවත් මුහම්මද් යනු ඔහුගේ දූතයා බවත් පවසා සලාතය ඉටුකර සදකා බද්ද ගෙවන තුරු මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට මට අල්ලාහ්ගෙන් අණ ලැබී ඇත්තේ ය. ඔවුන් මෙය ඉටුකළහොත් ඔවුන්ගේ ජීවිත සහ ධනය මාගෙන් බේරාගැනීමට හැකිවනු ඇත. එවිට මා ඔවුන්ගේ ජීවිත හෝ ධනය නැතිකරනු ලබන්නේ යුක්තිය පසිදලීමක දී පමණක් වන අතර ඔවුන් ගැන අල්ලාහ් විසින් වගබලාගනු ඇත. - සහීහ් බුහාරි 25
ඉබ්න් අවුන් මෙසේ පැවසුවේ ය. (අවිශ්වාසවන්තයන්) සටනේ දී මුණගැසීමට පෙර ඔවුන්ට (ඉස්ලාමය) පිළිගන්නා ලෙස ඇරයුමක් යැවීම අනිවාර්ය දැයි විමසා මම නාෆිට ලියා යැවීමි. ඔහු (පිළිතුරු ලෙසින්) ලියා තිබුණේ ඉස්ලාමයේ මුල් කාලයේ දී නම් එය අවශ්‍ය වූ බවයි. බානු මුස්තලික්වරුන් පහර දෙන බවක් නොදැන සිය ගවයන්ට බීමට උන් ව වතුර කරා ගෙනගොස් සිටියදී නබිතුමා ඔවුන් වෙත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඔහු සටන් කළ අයව මරාදැමූ අතර අන් අය සිරභාරයට ගත්තේ ය. එදින ම ඔහු ජුවරියා බින්ත් අල්-හාරිත් ව අල්ලාගත්තේ ය. මේ සිරිත ඔහුට පැවසුවේ එම ආක්‍රමණය සිදුකළ භට පිරිසේ ම සිටි අබ්දුල්ලාහ් බී. උමර් විසින් යැයි නාෆි මට කීය. - සහීහ් මුස්ලිම් 1730 a
මෙහි වරහන් තුළ ඇති කොටස් යොදා ඇත්තේ අප නොව මේ හදීසය අරාබි බසින් පරිවර්තනය කළ අය යි. (එමගින් මෙහි අදහස විකෘති වී ඇති බවක් හැගෙන්නේ නම් හදීසයේ සබැදිය කරා ගොස් එහි ඇති report බොත්තම ඔබා පැමිණිලි කළ හැකි ය.)
සාබ් බී. ජත්තාමාගේ අධිකාරීත්වය යටතේ වාර්තා වී තිබේ. රාත්‍රියේ සිදුකරන ලද පහර දීමෙන් මියගිය පිළිම වන්දනාකරුවන්ගේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් විමසූ විට නබිතුමන් මෙසේ පැවසී ය. ඔවුන් ඔවුන්ගේ අයයි. - සහීහ් මුස්ලිම් 1745 a

එතුමන් සංහාරකයෙක්/සමූලඝාතකයෙක් ද?

මදීනාවේ සිටි යුදෙව් ගෝත්‍රයක් වූ බානු කුරයිසාවරු (900/700ක් පමණ) වැඩිහිටි පිරිමි සියලු දෙනා ම කුමන්ත්‍රණ චෝදනා මත මරා දැමූ අතර ඔවුන්ගේ ගැහැනුන් සහ දරුවන් සියලු දෙනා වහලුන් ලෙස ගත්තේ ය.

එතුමන් අත්අඩංගුවට පත්වන කාන්තාවන් දූෂණය කිරීම අනුමත කළා ද?

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි. හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින් ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් "සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර" - සුනන් අබුදාවුද් 2150
මෙම හදීසයෙන් සහ කුරානයේ 4:24 වැකියෙන් කියවෙන පරිදි මුස්ලිම්වරුන් සමග ඇති වූ යුද්ධයකින් අල්ලාගත් කාන්තාවන් සමග ඔවුන්ගේ සැමියන් සිටියත් මුස්ලිම් සෙබලුන්ට ලිංගිකව එක්විය හැකි ය. මේ කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් ඔවුන්ගේ ගෝත්‍රයේ අය ව මරාදමා වහලුන් ලෙස ගත් අයයි. ඔවුන් ඊළග වහල් වෙළදපොළේ දී මුස්ලිම්වරුන්ට අවිආයුධ ගැනීමට විකිණීමට නියමිතව සිටි අයයි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය ඥාතීන් මරා දමා තමා සිරභාරයට ගත් සතුරු හමුදාවක් සමග ලිංගිකව එක්වීමට කාන්තාවන් සතුටු සිතින් කැමති වනු ඇතැ යි සිතිය නොහැක. ඒ අනුව මොවුන් දූෂණය වන්නට ඇති බව සිතීම සාධාරණ ය. මෙහි හෝ කුරානයේ කිසිදු තැනක හෝ වහල් කාන්තාවන් සමග ලිංගිකව එක්වීම ගැන සදහන් වන කිසිදු හදීසයක ඔවුන්ගේ කැමැත්ත ගැන සදහන් නොවේ. යුද්ධයෙන් අල්ලාගන්නා සිරකරුවන්ද සැලකෙන්නේ සතුරන්ගෙන් හිමි වූ දේපලක් වශයෙන් බව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ලියූ ඉස්ලාම්භීතිකාව විවෘත දෑසින් පොතේ ද සදහන් වේ. වෙනත් ඕනෑම දේපලක් මෙන් ඔවුන් ව විකිණීම, හුවමාරු කිරීම ආදිය කළ හැකි ය. ඛයිබර්හි යුදෙව්වන්ට පහර දීමෙන් අනතුරුව නබිතුමා ගෝත්‍රයේ නායකයකු වූ කිනානා බින් අල් රාබි හිස ගසා මරා දමයි. ඊට පෙර ඔහුගේ පපුව මත ගින්දර අවුලමින් ඔහුට වධ දෙයි. ඒ ඔවුන්ගේ නිධානයක් සගවා ඇති ස්ථානයක් දැනගැනීමට ය. තමන් එවැන්නක් ගැන නොදන්නා බව කිනානා දිගින් දිගට ම පැවසූ අතර අන්තිමේ දී නබිතුමා ඔහු ව මරා දැමුවේ ය. කිනානාගේ රූමත් තරුණ (17 වියැති) බිරිද වූ සෆියා නබිතුමා කලින් වෙනත් මුස්ලිම්වරයකුට දී තිබුණත් ඇය ලස්සන බව දැකීමෙන් පසු ඇය තමාට ම තබා ගනී. මෙය සිදුවී ඇත්තේ ඇගේ සැමියා ව ඝාතනය කළ දින ම ය. (Ishaq, p. 515 ; Bukhari 1.8. 367) එතුමා විසින් මෙසේ අසරණ (කර) තරුණියන් රැසක් ම විවාහ කරගත්තේ ය. මේ සියලු දෙනා ම එතුමාට වඩා වසර 20-30ක්වත් බාල වූහ. අන් මුස්ලිම්වරුන්ට ඇති භාර්යාවන් 6 දෙනාගේ සීමාව නබිවරයාට අදාල නොවන බව කුරානය 33: 50 පවසයි. අප අඩවියේ මීට පෙර පළ වී ඇති මුහම්මද් නිබිතුමාගේ ලිංගික ජීවිතය ලිපියේ මේ ගැන වැඩි විස්තර ඇත.

පසුවදන

හානිකර විය හැකි කල්ලියක හෝ නායකයෙකු හදුනා ගත හැකි අවදානම් ලක්ෂණ 10ක් ගාඩියන් පුවත්පතේ “what makes a cult?” මැයෙන් පළ වූ ලිපියක සදහන් වේ.
  1. නායකයා ප්‍රශ්න කළ නොහැකි ආධිපත්‍යයක් පතුරා ගෙන සිටින අතර ඔහු හෝ ඔහුගේ ක්‍රියා කිසිම පාලනයකට යටත් නොවේ. - මුහම්මද් තුමන්ට සමාජ විනය කඩකිරීමට පමණක් නොව තම දහමේ ම අන්‍යයන් බැදෙන නීතිවලින් බැදී නොසිටීමට ද හැකියාව තිබුණි. එතුමාගේ විශේෂ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ම කුරානයේ වැකි පහළ කර තිබේ. අන් මුස්ලිම්වරුන්ට මෙන් නොව එතුමන්ට කැමති තරම් කාන්තාවන් සංඛ්‍යාවක් විවාහ කරගැනීමටත්, උපවාස සමයේ දී අන් මෙන් නොවී කලින් ආහාර ගැනීමටත් (Tabaqat, Volume 1, page 369) හැකි විය. එතුමාට කාන්තාරයේ ගස් කපාදැමීම (59:5), ශුද්ධ වූ මාසයේ යුද්ධ කිරීමට වැනි එකල සමාජයේ සදාචාරය කඩකරන ක්‍රියා සිය වාසිය වෙනුවෙන් කිරීමට හැකි විය. කොල්ලකන වස්තුවෙන් පහෙන් එකක් එතුමාට දිය යුතු විය. අන්‍යයන් දිවිපුදා සටන් කළ යුතු වූ නමුත් එතුමා ව අඹුදරුවන් මෙන් රැකගත යුතු විය. (Sira, p. 203) සටන් බිමට නොගිය ඔහු සැගවී ආරක්ෂකයන් පිරිවරා බලා සිටියේ ය. ඒ අතින් නම් සහරාන් තුළ ඔහුට වඩා එක හොද ගුණයක්වත් තිබේ. (හැරත් ඔහු මොහු කළ තරම් අපරාධ කළේ නැත.) ඔහුගේ පැරණි පව්වලට පමණක් නොව ඔහු කරන අනාගත පව්වලට පවා සමාව දෙන බව ඔහුගේ දෙවියන් ඔහුට පැවසූ බව (කුරානය 48: 1-2) ඔහු පැවසුවේ ය. මුහම්මද් නිමක් නැති අපරාධ කළේ මේ විශ්වාසය නිසා විය යුතු ය. මෙය ප්‍රඥ්ඥාවන්තයකු වන සහ මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන දෙවියන්වහන්සේගේ තීරණයක් යැයි කිව හැකි ද? නැතිනම් ෂෙයිතාන්ගේ ලණුවක් ද? අඩු තරමේ සිය වක්තෘවරයාගේ අපරාධකාරී චර්යාව රතුකට්ට පන්නන විටවත් මේ වරප්‍රසාදය ඉවත් කරන්නට අල්ලාහ් තයාලා කල්පනා නොකළේ මන්ද? 

  2. විවේචනාත්මක අදහස් කිසිසේත් නොඉවසීම. - තමා ව විවේචනය කරන අය මරාදමන ලදී

  3. ආදායම් හා වියදම් පිළිබද පිළිගත හැකි මූල්‍ය වාර්තා පවත්වා නොගැනීම, ස්වාධීන විගණන වාර්තා වැනි - මෙය නූතන ලෝකයට පමණක් අදාල වන කරුණක් නිසා සලකා බැලිය නොහැක. තවලම් කොල්ලකෑම් ඇසුරින් අවශ්‍ය නම් කබිතුමාගේ ආදායම් මාර්ගය කුමක් ද යන්න විග්‍රහ කර ගත හැක.

  4. බාහිර ලෝකය කෙරෙහි අහේතුක බියක් තිබීම, ළග එන මහා විනාශයන් පිළිබදව, ඔවුන්ට විරුද්ධ දුෂ්ට කුමන්ත්‍රණ ගැන සහ අන් ආගමිකයන්/බාහිර ලෝකය විසින් සිදුකළ හැකි ආගමික හිංසන ගැන පැවසීම. - ඔහු තමා වටා ගොනුකරගෙන සිටි තරුණ පිරිස මදීනාවට ගෙන යන ලද්දේ කුරයිෂ්වරු තමා මරාදැමීමට කුමන්ත්‍රණය කරන බවත් ඒ අනුව මදීනාවට යන ලෙසත් දෙවියන් දැනුම් දුන් බවත් පවසමිනි. මුස්ලිම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ සහ ඉදිරියේ දී සිදුවිය හැකි හිංසන ගැන පදනම් රහිත චෝදනා එල්ල කරමින් අවට සමාජය ගැන පැවති සැකය හා සටනකට පෙළඹීමේ ආශාව පෙන්වන වැකි කුරානය පුරා ම තිබේ.

  5. කණ්ඩායම අතහැරයාමට ඉඩ ලබා නොදීම. හිටපු සාමාජිකයන් ව හැරයාම නිසා වරදකරුවන් ලෙස සැලකීම- ඉස්ලාමය අතහරින්නන් ව මරාදැමිය යුතු ය. මදීනාවට පැමිණි පසු නැවත මක්කමට යන පුද්ගලයන් ව මරාදැමීමට කුරානයේ 4:89 අණ කරයි.

  6. හිටපු සාමාජිකයන්ට හිරිහැර, පීඩා පිළිබද එක සමාන අත්දැකීම් තිබීම. එකම ආකාරයේ දුක්ගැනවිලි අසන්නට ලැබීම. ඕනෑම හිටපු මුස්ලිම්වරයෙක්ගෙන් මේ ගැන අසා බලන්න.

  7. කණ්ඩායමේ නායකයා/නිර්මාතෘවරයා විසින් සිදුකළ සමාජ විරෝධී ක්‍රියා, අපරාධ, හිංසනයන් වැනි දෑ පිළිබද වාර්තා, ග්‍රන්ථ, පුවත්පත් ලිපි, මාධ්‍ය ආදියේ සදහන් වීම. - කණ්ඩායම් නායකයාගේ විශ්වාසවන්ත, සමීප සාමාජිකයන් ම ඒවා වාර්තා කර තිබේ. (හදීස)

  8. තමන්ට කිසිදා අවශ්‍ය මට්ටමට භක්තිමත් විය නොහැකි බව සාමාජිකයන් සිතීම. - පරීක්ෂා කළ නොහැක/විශේෂයක් නොපෙනේ.

  9. කණ්ඩායම් නායකයා කරන ඕනෑම දෙයක් නිවැරදි යැයි සැලකීම. - ඔබ මේ ක්‍රියා සාධාරණීකරනයට තැත් කළ අයුරු, කමෙන්ට් කිරීමට සකසාගත් තර්ක මුස්ලිම් ඔබගේ සිත දනී. මුස්ලිම්වරුන්ට අනුව මුහම්මද් නබිතුමා පරිපූර්ණ මිනිස් ආදර්ශයයි. එතුමාගේ ක්‍රියා හොද ද නරක ද කියා සදාචාර සම්මුතිවලින් මැනිය නොහැක. ඒ වෙනුවට කිසියම් ක්‍රියාවක් හොද ද නරක ද කියා මැනීමේ මිම්ම එතුමා ය. ඒ අනුව එතුමා හරි කියා ඇත්නම් හෝ සිදුකර ඇත්නම් එය කෙතරම් අපරාධයක් වුවත්, අසාධාරණ වුවත් එය එය යහපත් ක්‍රියාවක් වේ. සිය හෘදසාක්ෂියට අනුව කෙතරම් දැවැන්ත අපරාධයක් වුවත් මුලුමනින් ම නිරවුල් මනසින්, කිසිදු වරදකාරී හැගීමකින් තොර ව සිදුකිරීමට මුස්ලිම්වරු සමත් වන්නේ මේ නිසා ය. සිය ආගමික නායකයා සම්බන්ධයෙන් භක්තිමත් වීම කිතුනුවන්, බොදුන්වන් ද තුළ පවතින බව ඔබ පැවසිය හැකි ය. ඒ ඔවුන්ගේ ආගමික නායකයන් කිසිවෙක් මෙතුමා කර තිබෙන අපරාධ කර නැති නිසා ය.

  10. කණ්ඩායම් නායකයා සත්‍ය දැනගැනීමට සහ අධිකාරී බලය දිය හැකි ඇති එකම මූලාශ්‍රය වීම. ඔහුගේ මතය හැර වෙන කිසිදු විමර්ශන ක්‍රමයක් පිළිනොගැනීම. - මෙය සෑම ආගමකට ම පොදු තත්ත්වයකි. නමුත් බුදුන්වහන්සේ සිය අනුගාමිකයන් තමා උගන්වන දෙය පවා ප්‍රශ්න කිරීමට දිරිමත් කළහ. ජේසුතුමන් ද සංවාදයෙන් අන්‍යයන්ට තේරුම් කර දුන් සේක. නමුත් මුහම්මද් ඕනෑවට වඩා ප්‍රශ්න ඇසීම ඔබට තහනම් කර ඇතැ යි පැවසුවේ ය. (කුරානය 5:101-102)
කල්ලියක සලකුණු ඉතා පැහැදිලි ය. එහෙත් ඔබ එය දෙස ඔබේ ආගම, ඔබේ සමාජය, ඔබේ අය යැයි කියමින් බලන තාක් කල් ඔබට එම සලකුණු නොපෙනේ. - බෝස් හෙරිංටන් (කල්ලියක හිටපු සාමාජිකයෙක්)

එහෙත් ... කිසියම් මුස්ලිම්වරයකුට තමන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස පිළිගන්නා ශාස්තෘවරයා ව දරුණු ලෙස විවේචනය කළ හැක්කේ කෙසේ ද? එය ඉස්ලාමය බිද දැමීමක් නොවන්නේ ද? නමුත් මුස්ලිම්වරු තර්කානුකූලව සහ සිය හෘදසාක්ෂියට එකගව සිතා බලත් නම් මෙය කළ යුතු ම ය. මානව සංහතියේ යහපත වෙනුවෙන් ඔවුන් එය කළ යුතු ම ය. - ජේම්ස් ආර්ලන්ඩ්සන්

මේ ලිපියේ සදහන් කිසියම් හෝ කරුණක් පිළිබද ගැටලුවක් ඇති නම් අලි සිනාගේ Understanding Muhammad and Muslims පොත කියවන්න. දමිල භාෂා පිටපත මෙතන ඇත.  

Friday, March 20, 2020

ලෝක ඉතිහාසයේ බලපෑම්සහගත ම පුද්ගලයා මුහම්මද් නබිතුමා ද?

මයිකල් හාට් ලියූ The 100: A Ranking of the Most Influential Persons in History නම් පොතේ ඔහු අංක එකට දක්වන්නේ මුහම්මද් නබි තුමා ය. එනම් ලෝකයට වඩාත් ම බලපෑමක් කර තිබෙන පුද්ගලයා වන්නේ මුහම්මද් ය. මුහම්මද් කර තිබෙන බලපෑම් නම් සුලුපටු නොවන බව අපි පිළිගත යුතු වෙමු. මිනිසකු ගැන ඇති කිසියම් විවේචනයක් නිසා ඔහුට ලැබිය යුතු ගරුත්වයක් ලබා නොදීම කුහක ගතියකි. අපි එවැන්නෝ නොවෙමු. එනිසා කොතරම් විවේචන තිබුණත් මුහම්මද් ලෝක ඉතිහාසයේ බලපෑම්සහගත ම චරිතය බව අපි ද පිළිගනිමු.

මුහම්මද් ලෝකයට බලපෑ ආකාර කිහිපයක් පහත දැක්වේ.

කතෝලික ධර්මාධිකරණයට බලපෑම 

කතෝලික ධර්මාධිකරණය (Inquisition) යනුවෙන් හැදින්වෙන්නේ ධර්ම කාරණා විභාග කර දඩුවම් පැමිණවීම සදහා 12 සහ 18 වැනි සියවස් අතර කාලයේ යුරෝපයේ ක්‍රියාත්මක වූ සංස්ථාවකි. පාප්වහන්සේ ප්‍රමුඛ කතෝලික පල්ලියේ අනුබලය සහ අනුමැතිය ද සහිත ව මෙය ක්‍රියාත්මක විය. කතෝලික පල්ලිය විසින් මිත්‍යාදෘෂ්ටික ලෙස සලකනු ලැබූ හැසිරීම් පෙන්නුම් කළ හෝ මත දැරූ බවට චෝදනා ලද පුද්ගලයන් සම්බන්ධව නඩු විභාග කර දඩුවම් නියම කිරීම හෝ දඩුවම් කිරීමට රජයට බාර දීම මෙමගින් සිදුවිය. පෘථිවිකේන්ද්‍රවාදයට පටහැනි මත පළ කළ විද්‍යාඥයන් මරාදැමුණේ, සිරගත කළේ, ඔවුන්ගේ කෘති තහනම් කළේ ද මේ යටතේ ය. මිත්‍යාදෘෂ්ටිය මුලිනුපුටා දැමීමේ අරමුණින් කතෝලික පල්ලියට මිත්‍යාදෘෂ්ටික ලෙස පෙනීගිය කිතුණු නිකායන් පණපිටින් පුලුස්සා දැමුණේ මේ යටතේ ය. මායාකාරියන් ලෙස චෝදනා ලද දහස් ගණන් කාන්තාවන්, ඇතැම්විට දරුවන් සමග පවා ගිනිතැබුණේ මේ යටතේ ය. කිතු දහම වැළද සිටි මුස්ලිම් හා යුදෙව්වරු ද මුල් දහම රහසේ පිළිපැදීම සහ වංචාකාරීව මතුපිටින් කිතුදහම වැළදසිටීම යන චෝදනාව යටතේ දඩුවමට ලක්කරන ලද්දේ ද මේ යටතේ ය. කිසිදු ෂාධාරණ අධිකරණ විභාගයකින් තොර ව හුදු සැකය මත දහස් ගණන් ඝාතනය කරන ලද්දේ සහ වධබන්ධනයන්ට ලක්කරන ලද්දේ ද මෙ මගින් ය.

පුද්ගලයන් පසුතැවිලි නොවූ අවස්ථාවල දී ඔවුන් ව ප්‍රසිද්ධියේ පණපිටින් ගිනිතැබීම සිදු විය. මිත්‍යාදෘෂ්ටික ලෙස සැලකූ ක්‍රිස්තියානි නිකායන්, යක්ෂ ගනුදෙනුවක් ලෙස කවරකු හෝ වටහාගත් චර්යාවන්, පර්යේෂණ, ක්‍රියාකාරකම් සහ කිසියම් පෞද්ගලික හේතුවක් හෝ සමාජයට සාමාන්‍ය නොවූ සමාජ හැසිරීමක් සහිත වීම නිසා මායාකාරියක් යැයි අන්‍ය්‍යන් විසින් පවසනු ලැබූ ඕනෑම කාන්තාවකගේ ඉරණම පණපිටින් ගිනිතැබීම වීමට තිබූ ඉඩකඩ ඉතා බියජනක තත්ත්වයක් විය. එසේ වූයේ ධර්මාධිකරණය වූ කලී පාපොච්ඡාරණ ලබාගැනීමට වධ බන්ධන භාවිත කළා වූ වරදකරුවකු ලෙස චෝදනා ලැබූ අයකු වරදකරුවකු ම බව ඔප්පු කරගැනීම සදහා පිහිට වූ සංස්ථාවක් බැවිනි. අන්‍යයන් විසින් කවරකු ගැන හෝ චෝදනාවක් ප්‍රදේශයට පැමිණි ධර්මාධිකරණ විනිශ්චයකාරවරුන්ට ඉදිරිපත් කළ විට චූදිත පුද්ගලයා ව ධර්මාධිකරණය කරා ගෙනගොස් ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරුණි. නිසි සාක්ෂි විභාගයකට සුදුසුකම් නොලැබූ ඔවුන්ට නීති උපකාර කිසිවක් නොමැති විය. විනිශ්චයකරුවා සහ අධිචෝදකයා යන දෙදෙනා ම එක් අයකු විය. වරදකට හසුකරගැනීම සදහා කපටි ලෙස නිපද වූ ප්‍රශ්නකිරීම්වලට ඔවුහු ලක්වූහ. පළමු ප්‍රශ්න කිරීමේ දී ම පාපොච්ඡාරණය කළ විට මාස ගණන් සිරගත කර රදවාගත් අතර වරද පිළිගන්නා තුරු වධ බන්ධනවලට ලක්කෙරුණි. තම නිර්දෝෂීභාවය කියාසිටි විශාල පිරිසක් එලෙස වධබන්ධනවලදී මියගියහ. වසර 14 ට වැඩි පිරිමි සහ 12ට වැඩි ගැහැනු සියලුදෙනා ම තමා දන්නා කියන මිත්‍යාදෘෂ්ටිකයන් ගැන දැනුම් දෙන බවට ප්‍රතිඥාවක් දිය යුතු වූ අතර එය දෙවසරකට වරක් අලුත් කළ යුතු විය. මේ නීතිය මෙකී වයස්වලට ඉහළ වූ සෑම අයෙක් ම මිනිස් දඩයම්කරුවකු බවට පත්කළේ ය. ස්පාඥ්ඥයේ පිහිට වූ රාජ්‍ය ධර්මාධිකරණය ක්‍රියාත්මක වූ වසර 300 ක කාලය තුළ ඔවුන්ගේ ම වාර්තා ඇසුරින් අපෝහනය කළ හැකි පරිදි 5000ක් පමණ ඝාතනය වී තිබේ. 1450 සහ 1750 අතර කාලය තුළ යුරෝපයේ මායාකාරියන්/කාරයන් ලෙස සලකා ගිනිතැබූ සංඛ්‍යාව 35 000ත් 100 000ත් අතර බවට ගණන් බලා ඇත. වඩාත් මෑතකාලීන ගණනය කිරී්ම් අනුව මෙය 40 000ක් පමණ වේ.

මෙවැන්නක් සදහා අලුත් තෙස්තමේන්තුවෙන් අනුබල නොලැබේ. මක්නිසාද යත් ලෞකික ලෝකයේ ආධිපත්‍යය ජේසුතුමන්ගේ අරමුණු නොවූ බැවිනි. තමාගේ ස්වර්ග රාජ්‍යය මේ ලෝකය නොවන බව උන්වහන්සේ පැවසූ සේක.තමාගේ ස්වර්ග රාජ්‍යය මේ ලෝකය නොවන බව උන්වහන්සේ පැවසූ සේක.එසේම උන්වහන්සේ ප්‍රචණ්ඩත්වය දැඩි ව හෙලා දුටු සේක.

කතෝලික පල්ලිය මේ සදහා ආදර්ශය ලබාගත්තේ ඉස්ලාමයේ මිහ්නා සංකල්පය තුළිනි. මිහ්නා යනු ධර්ම-අධිකරණය යි. අබ්බාසිද් කාලිෆ් අල්-ම'මූන් විසින් ක්‍රි. ව. 833 දී මිහ්නා ව පිහිටවනු ලැබුවේ සිය ආගමික මත මහජනතාව මත පටවනු ලැබීම සදහා ය. ඉස්ලාම් ධර්මයට පටහැනි හැසිරීම් පෙන්වන මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් නඩි විභාග කිරීම මින් සිදුවිය. පසුකලෙක ඉබ්න් ටේමියා වැනි ඉස්ලාමීය විද්වතුන් පවා කීප වතාවක් ම සිරගත කෙරුණේ ඔවුන්ගේ ආගමික අර්ථ නිරූපණ මෙම ධර්ම අධිකරණය විසින් ඉස්ලාමයට පටහැනි බවට තීරණය කිරීම නිසා ය. මේ පිළිවෙත පසුකාලීන නිර්මිතයක් විය හැකි බවත් ඉස්ලාමයෙන් අනුබල නොලැබෙන බවත් කෙනකු පැවසිය හැකි ය. නමුත් එය සත්‍ය නොවේ. ආගම අත්හැරීමේ වරද, දේවාපහාස වරද, හිස්බා ව යන ඉස්ලාමීය සංකල්ප ත්‍රිත්වය ඔස්සේ මේ බව සනාථ කළ හැකි ය.

ඉස්ලාම් දහම අත්හැරීම පාපයක් හා අපරාධයක් වන අතර ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකේ. මෙයට මරණ දඩුවම දිය යුතු බව මුහම්මද් නබිතුමා ම පවසා තිබේ. එය සුන්නි මද්හබ් හතර හා ෂීයාවරුන්ගේ ජෆාරි මද්හබය ද පිළිගනී. ආගම අතහැරීම ප්‍රසිද්ධ ප්‍රකාශයකින් ම සිදු විය යුතු නැත. ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීමක් බව හැගෙන ක්‍රියාවක් සිදුවීම වුව ප්‍රමාණවත් ය. (නිද: ඌරුමස් කෑම) නිදසුනක් ලෙස තමන් මුස්ලිම්වරයෙකු බව පිළිගනිමින් සහ මුහම්ද්ගේ වක්තෘත්වය හා අල්ලාහ් පිළිගන්නා අයකු පවා කිසියම් ආගමික කරුණක් පිළිබද වෙනස් මතයක් දැරීම හා ඒ අනුව ක්‍රියාකිරීම නිසා ආගම අත්හළ අයකු සේ සැලකිය හැකි ය. ඔවුන් තමන්ගේ හදවත තුළ භක්තිය ඇති බව පැවසීම එහි දී ප්‍රමාණවත් නොවේ.

ඉස්ලාමයේ එන දේවාපහාස වරද ද මේ සදහා අනුබල සපයයි. මුහම්මද්, මුහම්මද්ගේ ඥාතීන්, සහබාවරු, අල්ලාහ්, කුරානය වැනි ඉස්ලාමය තුළ ශුද්ධත්වයෙන් පිළිගන්නා කවරක් හෝ සමබන්ධව හාසයක් දැනවීම හෝ එවැනි කතාබහක් මුස්ලිම් නොවන්නකු විසින් සිදුකරන විටක එය අනුමත කිරීමක් යැයි පෙන්විය හැකි හැසිරීමක් (විරෝධය නොපාමින් ඊට සවන් දීම) පෙන්වීම දේවාපහාසයකි. මෙය මුස්ලිම්වරයකු කළහොත් එය ආගම අත්හැරීමේ ක්‍රියාවක් වන අතර ඒ අනුව මරණ දඩුවම ලබා දේ. දිම්මිවරයෙක් (ඉස්ලාමීය පාලනය යටතේ ජීවත් වන මුස්ලිම් නොවන්නන්) අතින් සිදුවුවහොත් එවිට ද මරණ දඩුවම දෙන බවට ඇතැම් හදීස අනුබල සපයයි. ඉස්ලාම් දහමේ කිසියම් කරුණක්, නියමයක් හෝ මුහම්මද්ගේ චරිතයේ කිසියම් ලක්ෂණයක් පිළිබද විවේචනාත්මක අදහස් පළකිරීම, විවේචනාත්මක ලෙස ප්‍රශ්න කිරීම වුව ද ආගම අත්හැරීමේ ක්‍රියාවක් සහ දේවාපහාසයක් ලෙසින් සැලකේ.

හිස්බා (මෙහි අරුත වගකීම යන්නයි) යනුවෙන් හැදින්වෙන්නේ සිය අසල්වැසියකුගේ හෝ ඥාතියකුගේ වැරදි හැසිරීමක්, එනම් ෂරියාව කඩකරන හැසිරීමක් හෝ ඉස්ලාමයට අපහාස වන ක්‍රියාවක් ගැන පාලකයාට (සුල්තාන්වරයාට/රාජ්‍ය ආයතනයන්ට) පැමිණිළි කිරීමට සෑම මුස්ලිම්වරයකු ම/වරියක ම සතු ආගමික යුතුකමයි. මේ ඔවුන් පිළිපැදිය යුතු නියමයකි. එවැනි පැමිණිළි ඉදිරිපත් වූ විට මැදිහත් වී හරි වැරැද්ද නියම කිරීම සහ ඒ අනුව කටයුතු තිරීමට අණ කිරීම ඉස්ලාමීය පාලකයාට දෙවියන් විසින් පැවරුණු වගකීමකි. ඒ සෑම දෙයක් ම නිසි පරිදි ෂරියාවට අනුව සිදුවන ලෙස වගබලා ගැනීම සදහා ය. හිස්බා පිළිවෙත යටතේ මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු, හිටපු මුස්ලිම්වරයකු හෝ මුස්ලිම්නොවන්නකු සම්බන්ධයෙන් ඉස්ලාමීය සමාජයට හානිකර විශ්වාස හෝ හැසිරීම් පෙන්නුම් කරන බවට චෝදනා කිරීමට අවස්ථාව සැලසේ.

අදටත් සවුදියේ මායාකාරියන් දඩයම සිදුවීම විසින් කතෝලික ධර්මාධිකරණය විසින් එදා යුරෝපයේ කළ සංහාරයන්ට ඉස්ලාමීය බලපෑමක් තිබූ තවත් තහවුරු වේ.

ධර්මාධිකරණ සංකල්පය ඉස්ලාමීය අදහසක් ලෙස සැලකීම මුහම්මද් ලෝක ඉතිහාසයේ බලපෑම්සහගත ම චරිතය ලෙස තෝරාගැනීමට මයිකල් හාට් දක්වන හේතුකාරකය සමග ද සැසදේ. ඔහු පවසන්නේ ලෞකික හා ආගමික යන අංශ දෙකේ ම එක සේ සාර්ථක වූයේ මුහම්මද් බව ය. ජේසු, බුදුන්, බහාඋල්ලා, ගුරු නානක්, මහාවීර, සරතුස්ත්‍ර වැනි අන් ආගමික නායකයෝ මුහම්මද් මෙන් ආගම සහ රජය එකට ගැටගසා ගත්තේ නැත. නමුත් මුහම්මද් රජය සහ ආගම එකක් බවට පත්කළේ ය. ඔහු ලෞකික හා ආගමික අංශ දෙකේ ම සාර්ථක වූ බව කියැවෙන්නේ ආගමික නායකයකු ලෙසත් පාලකයකු ලෙසත් යන දෙයාකාරයෙන් ම ඔහු කටයුතු තළ බැවිනි. ඔහු ඒ අංශයන් දෙකේ වෙනස නොදුටුවා පමණක් නොව ඒ දෙක එකට ගැටගැසීමේ භයානකකම ද නොදුටුවේ ය. වඩාත් නිවැරදි වන්නේ ඔහු ආගමික නායකයකු ලෙස නම් කිසිදා සාර්ථක නොවූ බව ය. පාතාලි කල්ලි නායකයකුට ඔබින ඔහුගේ චර්යාව සමග ඔහු පෙර සදහන් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර තැබීමට හැක්කේ කෙසේ ද? ආගමික නායකයකු ලෙස පෙන්වමින් සිය දේශපාලනික අරමුණු සපුරාගැනීමෙහි ලා නම් ඔහු සාර්ථක වන්නට ඇත. නැවතත් ධර්මාධිකරණය දෙස බැලුවහොත් එහි හරය වන්නේ ද ආගම සහ රජය එකක් ම විය යුතු ය යන අදහස බවත් එය ඉස්ලාමයේ ද හරය බවත් මුහම්මද්ගේ චරිතය පිළිබද මයිකල් හාට්ගේ නිරීක්ෂණය ද එය ම බවත් ඔබට පෙනෙණු ඇත.

නාසිවාදයට බලපෑම

මෑත යුගයේ සිටි භයානක ම සහ දරුණු ම අපරාධකරුවකු වන්නේ අන්ත යුදෙව් විරෝධියකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ය. කෙසේනමුත් ඔහුට සිය යුදෙව් විරෝධය සදහා පූර්වගාමියෙක් සිටියේ ය.

නබිතුමන් මෙසේ පවසනු තමන්ට ඇසුණු බව උමර් බී. අල්-ඛත්තිබ් පැවසී ය. මම යුදෙව්වන් සහ කිතුනුවන් අරාබි අර්ධද්වීපයෙන් එළවා දමා මුස්ලිම්වරුන් පමණක් ඉතිරි කරන්නෙමි.

- සහීහ් මුස්ලිම් 1767 a
නබිතුමා මෙසේ කී බව අබු හුරයිරා පැවසී ය.

මුස්ලිම්වරුන් යුදෙව්වන් සමග සටන් කරන තුරු සහ යුදෙව්වන් ගස් ගල් පිටුපස සැගවෙන තුරු සහ මුස්ලිම්වරුන් ඔවුන් මරන තෙක් අවසන් (විනිශ්චයේ) පැය උදා නොවන්නේ ය. යුදෙව්වන් එසේ ගස් ගල් පිටුපස සැගවෙන කල්හි එම ගස් සහ ගල් මෙසේ කියනු ඇත්තේ ය. මුස්ලිම්වරය, අල්ලාහ්ගේ ගැත්ත, මේ මාගේ පිටුපසත් යුදෙව්වෙක් සිටී. පැමිණ ඔහු මරා දමාපන්න. නමුත් එක ම එක ගසක් එසේ නොපවසනු ඇත්තේ ය. ඒ යුදෙව්වන්ගේ ගසක් වන ඝර්කාද් ගසයි.

- සහීහ් මුස්ලිම් 2922
"මා ගරු කරන එකම දහම නම් ඉස්ලාමය යි. මා අගය කරන එකම ආගමික නායකයා මුහම්මද් ය..”

“..එනිසා, යුදෙව්වන්ට එරෙහි ව කරන මගේ අරගලය සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත ඉටුකිරීමක් ලෙස මම දකිමි. මම අල්ලාහ්ගේ සැලැස්ම පරිපූර්ණ වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙමි.” -

ඇඩොල්ෆ් හිට්ලර්, මේන් කාම්ෆ් (මගේ අරගලය) කෘතිය

හිට්ලර්ගේ සුපිරි ජාතිය/ආර්ය වර්ගය පිළිබද අදහසට බලපෑවේ ද ප්‍රශ්න කළ නොහැකි ආධිපත්‍යයක් සහිත සුපිරි ආගමක් පිළිබද මුහම්මද්ගේ සංකල්පය යි. දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ යුධ කටයුතු සම්බන්ධ අමාත්‍යවරයාව සිටි ඇල්බර්ට් ස්පියර් සිය මතකාවර්ජනයන්හි සදහන් කරන පරිදි 8 වැනි සියවසේ ප්‍රංශයෙන් ඔබ්බට ගොස් යුරෝපයේ සෙසු ප්‍රදේශ ආක්‍රමණය කිරීමට මුස්ලිම්වරුන්ට නොහැකි වීම ගැන හිට්ලර් පසුතැවිලි විය.

හිට්ලර් ඉස්ලාමයට ආකර්ෂණය වූයේ සහ මුහම්මද්ව පැසසුවේ ඉස්ලාමයේ වූ ව්‍යාප්තියට හේතු වූ ප්‍රචණ්ඩකාමීත්වය නිසා බව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වයෙන් ව්‍යාප්ත වීමට ඉස්ලාමය තුළ වූ වරප්‍රසාදය ගැන ඔහු පැහැදීමට පත් වූ බව නිසැක ය. නාසිවාදය නිර්මාණය කිරීමට ඔහුට බලපෑවේ ඉස්ලාමයයි. යුදෙව් විරෝධය සදහා ද හිට්ලර්ට බලපෑවේ මුහම්මද් බව පැහැදිලි ය. දෙවන ලෝක යුධ සමයේ මුස්ලිම්වරු හිට්ලර් සමග ද එක්වූයේ මේ යුදෙව් පොදු හතුරා නිසා ය.

අබු හුරයිරා වාර්තා කළේ ය. අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. බානු ඊස්‍රායල්වරුන් පිරිසක් අතුරුදන් විය. ඔවුන්ට වූ දෙය මා නොදන්නා නමුත් මා සිතන්නේ ඔවුන් මීයන් බවට පත් වූ බවයි.

- සහීහ් මුස්ලිම් පොත 042, හදීස් අංක 7135

1940 දී නාසි ජර්මනියේ The Eternal Jew නමින් වාර්තා චිත්‍රපටයක් නිපදවුණි. යුදෙව් ජනතාව මනුෂ්‍යයන් ලෙස නොසැලකීමට සහ ඒ සදහා හිට්ලර්ගේ "අවසන් විසදුම" ට ජනමනස සැකසීම මින් සිදුවිය. එම චිත්‍රපටයේ යුදෙව් ජනතාව සමාන කර දැක්වූයේ මීයන්ට ය. චිත්‍රපටය යුදෙව් ජනතාව ඉබාගාතේ යන සංස්කෘතික පරපෝෂිතයන් පිරිසක් ලෙස හදුනාගත් අතර මුදලට ගිජු වූ, තණ්හාවෙන් යුතු, සුඛපරමවාදී ජීවිත ගත කරන පිරිසක් ලෙස පෙන්වා දුන්නේ ය. මේ අදහසට ද හිට්ලර් මුහම්මද්ගේ කුරානයට ණයගැති ය. කුරානයේ 2: 96 වැකිය පවසන්නේ මෙලොව සිටින මිනිස් වර්ගවලින් ජීවිතයට කෑදර ම පිරිස යුදෙව්වන් බවත් හැකිනම් අවුරුදු 1000ක් වුව ජීවත් වීමට ඔවුන් ආසාකරන බවත් ය. (අල්ලාහ් නොදන්නවාට යුදෙව් ජනතාව නොව ලොව සිටින රහත්බව නොලැබූ ඕනෑම මිනිසකු එබදු ය.)

මාෆියාවට බලපෑම

ලොව ප්‍රබල ම සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලයක් වන ඉතාලියානු මාෆියාවේ බොහෝ ලක්ෂණ ඉස්ලාමීය ලක්ෂණ පෙන්වයි. ඔවුන්ගේ සංවිධාන තුළ සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෞද්ගලික ජීවිතය පවා ආවරණය වන පරිදි ඇති දැඩි රෙගුලාසි ඉස්ලාමය වැනි කල්ලි සමාජවල දැකගත හැකි වේ. සමාජය කෙරෙහි ඇති පක්ෂපාතීත්වය, සහෝදරත්වය සහ සමාජය හැරයන්නන් ද්‍රෝහීන් ලෙස සැලකීම සහ ක්ෂමාවිරහිත පළිගැනීම ආගම හැරයන්නන් ඝාතනය කිරීමේ ඉස්ලාමීය සම්ප්‍රදාය සිහිගන්වයි. කිසිදු ප්‍රදානය කරනු ලැබූ බලයකින් තොර ව තමන් බලවත් ව සිටින ප්‍රදේශවල පොලිස් හා අධිකරණ කටයුතු (නඩු ඇසීම හා දඩුවම් දීම, ගැටුම් නිරාකරණය) සිදුකරන්නේ මුහම්මද් කිසිදු නිල බලයකින් තොර ව මදීනාවේ (සහ පසුව අරාබියේ) නොනිල පාලකයා වූ ආකාරය සිහිගන්වමිනි. එලෙස ජනතාවට "සාධාරණය" ලබාදෙන අතර ම මාෆියාවරු සිය බලය සිය අවශ්‍යතා සදහා ද යොදාගන්නේ මුහම්මද් සිය සෙබලුන්ට යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන් දූෂණය කිරීමට ඉඩ දුන් අන්දම සිහිගන්වමිනි. වඩාත් ප්‍රබල සමානකම මේ නොවේ. ඔවුන් සිය සංවිධානය ගැන සරල හෝ විවේචනයක් සපයන අයකු ආදර්ශමත් ලෙස ඝාතනය කිරීමට පසුබට නොවේ. මෙය මුහම්මද් සිය විරුද්ධවාදීන් මත දැරූ අය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නොවන්නේ ද? ඔහු එම ඝාතන සිදුකළේ රජවරයකු හෝ වෙනත් එවැන්නකු කරන පරිදි සිය විරුද්ධ මතධාරියා කැදවා, අවවාද කර, නඩු අසා නොවේ. අබු අෆාක්, අස්මා බින්ත් මර්වාන් වැනි අය ඝාතනය කෙරුණේ ඔහුගේ අණකිරීම මත, සාමාජිකයකු විසින් රහසිගතව ය. එනම් පාතාල නායකයකු කරන අන්දම සිහිපත් කරමිනි. දෙවන ප්‍රබල ම සමානකම නම් ජිස්යා සංකල්පයෙන් මාෆියාව ලබා ඇති ආභාෂයයි. බලපෑමයි. ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් වෙතින් වසරකට ආදායමෙන් තුනෙන් එකක්/අඩක් වන බද්දක් අය කරනු ලැබේ. එය නොගෙවන්නන් එකකෝ පිටමං විය යුතු ය. නැතිනම් මරාදමනු ලැබේ. මාෆියාවේ හිංසනවලින් ආරක්ෂා වී සිටීමට නම් සාමාජිකයන් නොවන වැසියන් මාෆියාවට ද කිසියම් මුදලක් මාස් පතා ගෙවිය යුතු ය.

මාෆියා සංවිධානය ඇරඹුණු ඉතාලියේ සිසිලි දූපත ක්‍රි. ව. 831 සිට 1072 දක්වා ඉස්ලාමීය පාලනය යටතේ පැවතුණු බව දන්නා අයකුට මෙවැනි සංවිධානයකට මුල් ආදර්ශය සිසිලියානුවන් දුටුවේ කෙසේදැයි සිතාගැනීම අපහසු නොවේ. ඉහත දැක්වූ සමාන ලක්ෂණත් මෙම ඓතිහාසික පසුබිමත් අමතක කරමින් මාෆියාවට මුහම්මද් වෙතින් බලපෑමක් වූ බව අපි නොපිළිගන්නේ එය ඔහුට කරන බලවත් අසාධාරණයකි.

Tuesday, February 11, 2020

මුහම්මද් නබිතුමාගේ ලිංගික ජීවිතය

ඉස්ලාම් ධර්මය දෙවියන් විසින් පහළ කිරීමට යොදාගත් දූතයා වූයේ මුහම්මද් නබිතුමන් ය. එතුම්න් දෙවියන් විසින් මීට පෙර තෝරාගත් අන් කිසිම දූතයකු පෙන්නුම් නොකළ තරම් අපූර්ව වූ චරිත ලක්සණ පෙන්නුම් කළේ ය. මේ සුවිශේෂී චරිත ලක්ෂණ නිසා ම එතුමා ලොව වැඩිපුර ම කථාබහට ලක්වන අයකු බවට පත් වී තිබේ. නිදසුන් ලෙස ශක්තිමත්, පෞරුෂයවත් පිරිමියකු වශයෙන් එතුමාගේ ලිංගික ජීවිතය අති සුවිශේෂී එකක් විය. වෙනත් කිසිදු ශාස්තෲවරයකුගෙන් (ජේසු, බුදුන්, මහාවීර, බහාඋල්ලා,) මෙබදු ලිංගික ජීවිතයක් නම් දැකගත නොහැක. අපේ මුස්ලිම් සහෝදරවරු ඉස්ලාමය ගැන මොන දේ කියාදුන්නත් මෙවැනි රසවත් දේවල් කියාදීමට මැළිවන නිසා ම ඒ ගැන ලිපියක් ලිවීමට අපි අදහස් කළෙමු.

එතුමන් සතු ව සල්ලාල පැවතුම් තිබුණා ද?

සායිද් ඉබ්න් හරීතා යනු වහල් බවින් නිහස් වූ පසු මුහම්මද්තුමා විසින් සිය දරුකමෙහි තබාගත් අයෙකි. ඔහු විවාහ වූයේ සයිනාබ් බින්ත් ජාෂ් සමග ය. දිනක් එතුමා සායිද් ව බැලීමට ගිය විටක ඇය ව දකී. අල් වකිදි වෙතින් තබාරි මේ සිද්ධිය පහත පරිදි උපුටා දක්වයි.
දිනක් මුහම්මද් සායිද් මුණගැසෙන්නට ගියේ ය. දොරකඩ වේලයකින් ආවරණය කර තිබිණි. නමුත් එය සුළගට එසවී ගොස් ඇතුළත නිරාවරණය විය. සයිනාබ් සිය කුටිය තුළ නිරුවතින් සිටි අතර නබිතුමාගේ සිතට ඈ ගැන ආසාවක් ඇතිවිය. අනතුරුව අල්ලාහ් ඇයව සායිද්ට අරුචි කළ අතර ඔහු ඇයව දික්කසාද කළේ ය. (124 Tabari VIII:3 ^ Tabari VIII:4 )
මේ ගැන දැනුවත් වන සෙයිද්, මුහම්මද්ට විවාහ කරගැනීම පිණිස තමන් ඇය ව දික්කසාද කරන බව මුහම්මද්ට දැනුම් දෙයි. (මෙහි අනතුරුව අල්ලාහ් ඇයව සායිද්ට අරුචි කළේ යැයි පැවසෙන්නේ මෙය යි.) එවිට "ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබාගනු. අල්ලාහ්ට බිය වනු" යැයි නබිතුමා පවසයි.

පූර්ව ඉස්ලාමීය අරාබිවරු දරුකමට ගත් දරුවන් ද තමන්ගේ ම දරුවන් ලෙස සැලකූ අතර ඔවුහු ද ලෙයින් උපදින දරුවකු හා සමාන හිමිකම් නීතිමය වශයෙන් දැරූහ. මේ නිසා ම තමන්ගේ හදාගත් දරුවකුගේ හෝ බිරියක් ඇය දික්කසාද වූ පසුවවත් තමන් විසින් විවාහ කරගැනීම ව්‍යභිචාරී ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකූහ. (Sell, E. ,1905, The Histoical Development of the Quran, London: Society for Promoting Christian Knowledge. pp. 149–50) නබිතුමන් සෙයිද්ට ඔබේ භාර්යාව ඔබ වෙත ම තබාගනු යැයි පැවසුවේ ඒ නිසා විය හැකි ය. නමුත් එතුමන් සිටි අසහනය තේරුම් ගත් නිසාදෝ අල්ලාහ් වැකියක් පහළ කරමින් එතුමන්ගේ දොළදුක ඉෂ්ට කර දෙයි.
අල්ලාහ් කවුරුන් හට දයාව පහළ කර, ඔබත් ඇය කෙරෙහි කරුණාව, දයාව දක්වමින් වට කරගෙන සිටියෙහිද, ඇය වෙත ඔබ අල්ලාහ්ට බිය වී (සයිනබ් වන) ඔබගේ භාර්යාව (විවාහ බන්ධනයෙන් පහ නොකර) ඔබ වෙතම නවතා තබා ගනු. යයි පැවසූ අවස්ථාවේදී අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ, ඔබගේ මනසෙහි සගවා තැබුවෙහිය. ඔබ බියවීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. (මිනිසුන් නොව). සෙයිද් (නමැත්තාගේ සිත වෙනස් වී තම බිරිද වන) ඇයව තලක් පැවසීමෙන් පසු, අපි ඇයව ඔබට විවාහ කර තැබුවෙමු. මන්දයත් විශ්වාසවන්තයින් විසින් (දරුකමට ගෙන) හදා වඩා ගනු ලැබූ අය, තමන්ගේ භාර්යාවන්ව තලාක් පැවසුවහොත්, (ඔවුන්ව හදාවඩාගත්) විශ්වාසවන්තයින්ට එම කාන්තාවන්ව විවාහ කරගැනීමේදී කිසිම බාධාවක් ඇති නොවිය යුතුය යන්න සදහාම (මෙය) අනිවාර්යයෙන්ම සිදු විය යුතුය යන අල්ලාහ්ගේ නියෝගයක් වශයෙන් තිබුණි.

- කුරානය 33: 37
හදාවඩා ගත් දරුවන්ගේ දික්කසාද කළ භාර්යාවන් විවාහ කරගත හැකි බව පෙන්වා දීම සදහා දෙවියන්වහන්සේ, හරියට ම නබිතුමා තම හදාගත් දරුවාගේ බිරියගේ නිරුවත දුටු මොහොත ම තෝරා ගැනීම අපූරු අහම්බයකි.
අල්ලාහ් නබි කෙරෙහි නියම කළ කුමන නියෝගයක් වුවද, ඉටු කිරීමෙහි ඔහු කෙරෙහි කිසිම වරදක් නැත. මෙයට පෙර සිටි (අය වන නබිවරුන්)ට අල්ලාහ් ඇති කළ මාර්ගයද මෙයයි. අල්ලාහ්ගේ නියෝගයන් කළින්ම නිර්මාණය කරනු ලැබ ඇත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මෙවැනි නියෝගයන් අනිවාර්යයෙන්ම ගෙනහැර දක්වන්නාහ. ඔහු (එක් කෙනෙකුම) බිය වන්නාහ. අල්ලාහ් හැර, වෙන කිසිවෙකුටත් බිය නොවන්නාහ. (එබැවින් නබියේ, ඔබත් වෙන කිසිකෙුටත් බිය නොවනු. මේ ගැන ඔවුන් වෙතින් ප්‍රශ්න) ගණනය කිරීමට අල්ලාහ් (එක් කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි.

- කුරානය 33: 38-39

ඔබගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් මුහම්මද් (නබි තුමාණන්) පියා වශයෙන් සිටියේ නැත. නමුත් ඔහු නම් අල්ලාහ්ගේ දූතයා වශයෙන්ද, නබිවරුන්ට අවසන් මුද්‍රාව වශයෙන්ද, සිටින්නේය. අල්ලාහ් සියල්ල හොදින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

- කුරානය 33: 40
මුහම්මද් ඊට වසර කීපයකට පෙර මිරාජ් ගමන ගිය විට තමන් දෙව්ලොව දී සයිනබ් දුටු බවත් ඇය තමන් සායිද්ට අයිති යැයි කී බවත් පැවසුවේ ය. එය ඇසූ සායිද් සයිනබ් හා තමන් අතර විවාහය දේව කැමැත්ත යැයි සිතා ඇය ව විවාහ කරගත්තේ ය. මුහම්මද් ද මේ විවාහයට ආශිර්වාද කළේ ය. නමුත් මුහම්මද් ඇගේ නිරුවත දුටු විට ඔහුගේ සිත වෙනස් විය. ඒ සමග ම දෙවියන්ගේ සිත ද වෙනස් විය. අරාබිවරුන්ගේ සමාජ සම්මතය වරදක් බව කීමෙන් මුහමම්ද්ගේ ලිංගික අවශ්‍යතාව ඉෂ්ට කරගැනීමට ඇති බාධාව ඉවත් කිරීමත්, නබිවරයාට එල්ල විය හැකි අපවාද වැළැක්වීමට තවත් වැකි කීපයක් ම පහළ කිරීමටත් ඔහුට සිත්විය. මෙලෙස දෙවියන් මුහම්මද්ගේ ලිංගික ආශාව ඉෂ්ට කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් නීතිය තුළ දරුකමට හදාගැනීම තහනම් වී තිබේ.

තවත් මෙබදු ම විස්මිත සිද්ධියක් විමසමු.
නබිතුමා සිය භාර්යාවන් අතර දවස් බෙදා තිබුණි. හෆ්සාගේ භාර්යාවගේ වාරය පැමිණි විට ඔහු රාජකාරියක් සදහා ඇය ව ඇගේ පියා වන උමර් ඛත්තාබ්ගේ නිවසට යැවී ය. ඇය ඒ සදහා ගිය පසු නබිතුමා ඇගේ වහල් කෙල්ල වූ කොප්ට් ජාතික මරියාට අඩ ගැසූ අතර ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදුණි. පසු කලෙක ඔහුගේ ඊබ්‍රාහිම් නැමති පුතාට උපත දුන් ඇය ලැබී තිබුණේ නජාශි වෙතින් තෑග්ගක් වශයෙනි. දොර අගුලු දමා ඇති බව ආපසු පැමිණි විට හෆ්සා දුටුවේ ය. නබිතුමා සිය කාරිය අවසන් කරන තුරු ඇය වැසූ දොර ඉදිරිපිට අසුන් ගෙන බලා සිටියේ ය. පසුව දහඩිය බේරෙමින් පැමිණෙන නබිතුමා දුටු අතර එතුමා ඒ ආකාරයෙන් සිටිනු දුටු ඇය ඔහුට බැණවදින්නට පටන් ගත්තා ය. "ඔබ මගේ ගෞරවයට සලකන හැටි ද ඔය? මෙයත් එක්ක නිදාගන්න ඕනවට ද බොරු කියලා මගේ ගෙදරින් මාව යැව්වේ? ඊටත් වඩා මාත් එක්ක තියෙන දවසෙදි ම එහෙම කරපු එක!” නබිතුමා හෆ්සාට සංසුන් වන ලෙසත්, ඇය තමාගේ වහලිය නිසා තමාට ඇයව කැප (හලාල්) බවත්, නමුත් ඇගේ සතුට වෙනුවෙන් මරියා ව එතුමා ම එතුමාට හරාම් කරගන්නා බවත් පැවසී ය. නමුත් හෆ්සා යටත් නොවූ අතර නබිතුමා ඇගේ නිවසින් පිට වූ පසු ඇගේත් අයිෂාගේත් කොටස් වෙන්කරන බිත්තියට තට්ටු කර ඇයට සියල්ල ම කීවා ය.

(Published by Entesharat-e Elmiyyeh Eslami Tehran 1377 lunar H. Tafseer and translation into Farsi by Mohammad Kazem Mo’refi, Cited in – Undertanding Muhammmad by Ali Sina )

නමුත් හෆ්සාට වූ මේ පොරොන්දුව කඩකරන ලෙස අල්ලාහ් ඔහුට අණ කළ බව ඔහු පසුව පවසයි.
නබියේ, ඔබ ඔබගේ භාර්යාවන්ගේ තෘප්තිය උදෙසා අල්ලාහ් ඔබට අනුමත කර තබා ඇති (මී පැණි පාවිච්චි කරන්නේ නැතැයි) ඔබ කුමක් නිසා (දිව්රා එය හරාම් යයි) තහනම් කර ගත්තෙහිද? අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. ඔබගේ දිව්රුමට (එය වෙනස් කර ගැනීමට හැකි) වන්දි ගෙවන ක්‍රමයක් නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියම කර ඇත්තේය. අල්ලාහ්ම ඔබගේ හාම්පුතාය. ඔහු (සියල්ලන්වම) හොදින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේ ය.

- කුරානය 66: 1-2

එපමණක් නොව සිය සැමියාගේ චපලත්වය ගැන කතාකිරීම ගැන හෆ්සාට හා අයිෂාට අවවාද ද කිරීමට අල්ලාහ් පසුබට නොවේ. පහත වැකි ද තමන්ගේ දෙවියන් පැවසූ බව මුහම්මද් පැවසුවේ ය.
(ඕ, නබිවරයාගේ එම භාර්යාවන් දෙදෙනා) ඔබ දෙදෙනාම (ඔබගේ වැරදි ගැන) අල්ලාහ් දෙසට පසුතැවිලි වී ආරක්ෂා වුවහොත් (නබිවරය ඔබට අගනේය. මන්දයත්) ඔබ දෙදෙනාගේ හෘදයන් (සෘජු මාර්ගයෙන්) ඇල වී ගියේය. එබැවින් ඔබ දෙදෙනාම ඔහුට විරුද්ධව ඒකරාහී වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද, ජිබ්රීල්ද, විශ්වාසවන්තයින්ගෙන් වූ හොද වහලුන්ද ඔහුට උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. තවද ඉන්පසුව (ඔහුට වෙනත්) මලායිකාවරුන්ද උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. 

- කුරානය 66: 4

(අපගේ නබිවරයා වන) ඔහු ඔබව තලාක් පවසා (ඈත්) වුවහොත් (ඔබ වෙනුවට) ඔබටත් වඩා උසස් අය වන වැන්දඹුවන් හෝ කන්‍යාවන් හෝ මුස්ලිම්වරුන් වන විශ්වාසය තැබූ, බිය වී කටයුතු කරන, පාපයන්ගෙන් ඈත් වූ, දෙවියන්ව නමදින, උපවාසයේ යෙදෙන කාන්තාවන්ව ඔහුගේ දෙවියන් ඔහුට භාර්යාවන් බවට පත් කර තැබිය හැකිය.

- කුරානය 66: 5
මුහම්මද් සිදුකළ වැරදි ක්‍රියාව ගැන කථාකිරීම ගැන බිරියන්ට අවවාද වැකි කීපයකින් ම කරන දෙවියන් සැමියාගේ චපලත්වයට වචනයකින්වත් තරවටු නොකිරීම පුදුම සහගත ය. මරියා ඔහුට තහනම් නැති බව සැබෑ ය. එහෙත් හෆ්සා ව රවටා ඇය සමග එක්වීම වංචාකාරී චපල ක්‍රියාවකි.

එසේ ම අල්ලාහ් බිරියන් හයදෙනෙකුගේ සීමාව ඔහුට පමණක් බල නොපාන බවත් නබිවරයාට ඕනෑම කාන්තාවන් ගණනක් විවාහ කරගැනීමට අවස්ථාව ලබා දුන් බව ඔහු පැවසුවේ ය.
....(නබියේ)ඔබට (අපි ලබා දෙන) දෙන විශේෂ අයිතිවාසිකමක් වන්නේය. අනිත් විශ්වාසවන්තයින්ට නොව. ඔවුන්ගේ භාර්යාවන්ගේ කාරණාවෙහිද, ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ගේ කාරණාවෙහිද, අපි ඔවුන් කෙරෙහි නියම කර ඇති නියෝගයන් අපි හොදින් දනිමු. (ඔවුන් ඒවා පිළිපැදිය යුතු ම ය.) ඔබට එවැනි දුෂ්කරතාවන් ඇති නොවනු පිණිස, (එම නියමයන්ගෙන් ඔබව නිදහස් කළෙමු.) 

- කුරානය 33: 50
තමාගේ භාර්යාවන් තමාගේ මරණින් පසු වුවත් කිසිවකු විසින් විවාහ කරගැනීම පාපයක් බව අල්ලාහ් පැවසූ බව ද ඔහු පැවසුවේ ය.
තවද ඔහුගේ භාර්යාවන්ව ඔහුගෙන් පසු කිසි කලෙක ඔබ විවාහ කර ගැනීම වැරදි ය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ඉමහත් වූ පාපතර ක්‍රියාවකි.

- කුරානය 33: 53
නබිවරයාගේ භාර්යාවන්ට අන් අය සමග ප්‍රසන්න ලෙස කතා නොකරන ලෙස කුරානයේ 33: 32 අණකරයි. ඒ එවිට කිසිවකු ඒ හේතුවෙන් ඔවුන් ගැන ආශාවක් ඇති කර ගත හැකි බැවිනි.

නබිවරයාගේ භාර්යාවන්ට නිවසින් පිටත නොයන ලෙස කුරානයේ 33: 33 වැකිය අණ කරයි. එසේ ම තමාගේ බිරියන් වරදක් කළහොත් ඔවුන්ට දෙන දඩුවම දෙගුණ කරන බව අල්ලාහ් පැවසූ බව ද ඔහු පැවසුවේ ය.
නබිවරයාගේ භාර්යාවෙනි, ඔබගෙන් කවුරුන් හෝ ප්‍රකට අවමන් ගෙන දෙන ක්‍රියාවක් කරන්නෙහු නම්, එයට අයත් දඩුවම ඇයට දෙගුණයක් බවට වැඩි කරනු ලැබේ. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි.

- කුරානය 33: 30
මුහම්මද්ගේ බිරියන් (කදීජා හැර) ඔහුට වඩා බෙහෙවින් ලාබාල යුවතියෝ වූහ. ඔහු වයස 50ක් හෝ වැඩි ව සිටිද්දී ඔහු අවුරුදු 6 සිට 30 දක්වා තරුණියන් සමග විවාහ විය. උනුත් බොහෝදෙනා නාඹර වයස්වල වූහ. සාමාන්‍යයෙන් මහලු මිනිසකුගේ තරුණ භාර්යාවන් අනියම් ඇසුරට පෙළඹීම සුලබ ය. හැරත් මේ බොහෝ කතුන් ඔහු සමග පෙමින් බැදුණෝ නොවූහ. ඔවුන් ඇතමකුගේ සැමියන්, පියවරුන් ඔහු විසින් ඝාතනය කළ විට (මේ ලිපියේ ම වෙනත් තැනක මේ ගැන විස්තර වේ.) විට වෙන කළ හැක්කක් නැති නිසා ය. ඉතින් මෙවැනි පසුබිමක මහලු මිනිසකුට සිය තරුණ බිරියන් ගැන සැක සිතීම පුදුමයක් නොවේ. ඔවුන් ව අනියම් සබදතාවක් ඇතිකරගැනීමෙන් වැළැක්වීමට සීමා පැනවීමත් තේරුම් ගත හැකි ය. නමුත් අපට ඇති ගැටලුව මුහම්මද් වෙනුවෙන් මේ වැඩ සර්වබලධාරී දෙවියන් බාරගත්තේ ඇයි දැයි කියා ය. මීට පෙරත් අල්ලාහ් අනන්ත නබිවරුන් තෝරාගෙන තිබුණි. එහෙත් ඒ කිසිවිටක මෙවැනි අභග්ගයක් නම් උන්වහන්සේට සිද්ධ වුණේ නැත. නබිවරයාගේ පෞද්ගලික ලිංගික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්නට වෙන තැනට දෙවියන් පල්ලම් බැස්සේ මුහම්මද් වැනි කෙනකු තෝරාගත්තායින් පසුව බව පෙනේ.

අල්ලාහ්ට සිය නබිවරයාගේ ලිංගික ආශාවන් වෙනුවෙන් පිම්පියකු වන්නට සිදුව ඇති බව වයස 6 දී එතුමා සමග විවාහ වූ අයිෂා (රළි) තුමියට ද පෙනී ගොස් තිබේ.

අයිෂා විසින් දැනුම් දෙන ලදී.

අල්ලාහ්ගේ රසූල්වරයාට තමන්ගේ සිරුර පුදකරන ඒ කාන්තාවන් ව හෙලා දකින මම වනිතාවකට මෙලෙස තමා ව පිරිමියකුට ලබාදිය හැකි දැයි අසන්නට පුරුදු ව සිටියෙමි. නමුත් “(නබියේ) ඔබගේ භාර්යාවන් වන ඔවුන්ගෙන් ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) වෙන්කර තැබිය හැකිය. ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) ඔබ සමග සිටීමට සැලැස්විය හැකිය. ඔබ වෙන්කර තැබූ අයගෙන් ඔබ කැමති අයවද ඔබ සමග එක්කාසු කර ගත හැතිය. (මේවා ගැන) ඔබ කෙරෙහි කිසිම වරදක් නැත.” (33:51) යන වැකිය අල්ලාහ් පහළ විට ඔබේ දෙවියන් ඔබේ ආශාවන් ඉටුකරදෙන්න දගලන අන්දම මට පෙනෙනවා යැයි මම පැවසුවෙමි.

සහීහ් අල්-බුහාරි, වෙලුම 6, Book of Prophetic Commentary on the Quran, හදීත් අංක 311
මුහම්මද්ගේ දෙවියන් ඔහුගේ ආශාවන් ගැන කරදර වී ඇත්තේ මිනිසකු තමාගේ ම ආශාවන් ගැන කරදරවන පරිද්දෙන් ම ය!

අසරණ (කර) කතුන් විවාහ කරගත්තා ද?

ඛයිබර්හි යුදෙව්වන්ට පහර දීමෙන් අනතුරුව නබිතුමා ගෝත්‍රයේ නායකයකු වූ කිනානා බින් අල් රාබි හිස ගසා මරා දමයි. ඊට පෙර ඔහුගේ පපුව මත ගින්දර අවුලමින් ඔහුට වධ දෙයි. ඒ ඔවුන්ගේ නිධානයක් සගවා ඇති ස්ථානයක් දැනගැනීමට ය. තමන් එවැන්නක් ගැන නොදන්නා බව කිනානා දිගින් දිගට ම පැවසූ අතර අන්තිමේ දී නබිතුමා ඔහු ව මරා දැමුවේ ය. කිනානාගේ රූමත් තරුණ (17 වියැති) බිරිද වූ සෆියා නබිතුමා කලින් වෙනත් මුස්ලිම්වරයකුට දී තිබුණත් ඇය ලස්සන බව දැකීමෙන් පසු ඇය තමාට ම තබා ගනී. මෙය සිදුවී ඇත්තේ ඇගේ සැමියා ව ඝාතනය කළ දින ම ය. (Ishaq, p. 515 ; Bukhari 1.8. 367)
අනාස් පැවසුවේ ය. ඛයිබර්හි දී අල්ලාගත් සිරකරුවන් එක්රැස් කෙරුණි. දියා පැමිණි අතර නබිතුමනි, මට සිරකරුවන්ගෙන් වහල් කෙල්ලක් ලබාදෙන්නැයි පැවසී ය. ගිහින් (ඕනකෙනනෙක්) වහල් කෙල්ලක් (විදියට) අරගන්න යැයි එතුමා පැවසුවේ ය. ඔහු හුයායිගේ දියණිය වූ සෆියා තෝරාගත්තේ ය. නබිතුමා හමුවට පැමිණි මිනිසෙක් ඔබතුමා හුයායිගේ දුවත්, කුරියිෂ්වරුන්ගේ සහ අල් නදිර්වරුන්ගේ නායිකාවත් වූ සෆියා දියාට දුන්නා ද? ඇය වටින්නේ ඔබට ම පමණි යැයි පැවසුවේ ය. නබිතුමා ඇයත් සමග ඔහු ව කැදවාගෙන එන්නැයි පැවසුවේ ය. නබිතුමා ඇය ව නිරීක්ෂණය කළේ ය. සිරකරුවන්ගෙන් වෙනත් කෙනෙක් අරගන්න යැයි එතුමා දියාට පැවසුවේ ය. ඉන්පසු නබිතුමා ඇය ව (වහල් කමින් = යුද්ධයෙන් අල්ලාගන්නා අය වහල්ලු වෙති. වෙනත් ඕනෑම දේපලක් මෙන් ඔවුන් ව විකිණීම ආදිය කිරීමට හැකි ය.) නිදහස් කර විවාහ කර ගත්තේ ය.

සුනන් අබු දාවුද් 2998
එතුමා මේ කාන්තාවන් විවාහ කරගත්තේ ඔවුන්ගේ අසරණකමට පිහිටක් වීමට බව මුස්ලිම්වරු කියති. නමුත් විවාහ වීමට අදහස් කරගෙන සිටි ඇතැම් වැන්දඹු කාන්තාවන් සිතෙන් ඉවත් කළේ ඔවුන්ට දරුවන් සිටි බව, එතරම් ම තරුණ නැති බව, තරුණ වුවත් රූමත් නැති බව අසන්නට ලැබුණු විට ය.

එතුමා සිය ඥාතිසහෝදරියක ම වූ හින්ද් බින්ත් අබු තාලිබ්ට තමා සමග විවාහ වන ලෙස යෝජනා කළේ ය. නමුත් ඇය සතුව දරුවකු සිටින බව දැනගත් විට ඒ අදහස අතහැරියේ ය. (Muhammad ibn Jarir al-Tabari (838–923) was one of the earliest, most prominent and famous Persian historians and exegetes of the Quran, most famous for his Tarikh al-Tabari and Tafsir al-Tabari.) සියාහ් බින්ත් ආමිර් ව විවාහ කරගන්නා ලෙස වෙනත් අයකුගෙන් ඉල්ලා සිටියත් ඇය ලාබාල බව දැනගත් විට ඇය තමාට විවාහ කරගත්තේ ය. (Persian Tabari, Vol. IV, page 1298.) රූප සුන්දරියක වූ සාබා නම් අමිර්ගේ දියණියට ඇගේ පුතු අත මුහම්මද් විවාහ ඇරයුමක් යවයි. ඇය රූමත් වුවත් තරුණ නැතැ යි ඒ අතර කෙනකු පවසයි. මව කැමති බව පවසමින් කොලුවා පැමිණුන විට ඔහු කිසිවක් නොකියා සිටී. (Tabaqat V. 8 p. 157)

ඔහු අසරණ වැන්දඹුවන් විවාහ කරගත්තේ අසරණකම අනුව නම් මේ කරුණු මත ප්‍රතික්ෂේප කරන්නට වුවමනාවක් නැත. එමෙන් ම එතුමා විවාහ කරගත් බොහෝ කාන්තාවන් එතුමාට වඩා ඉතා ම ලාබාල අය විය. ඔහුගේ පරම ආශාව වූයේ ලිංගික වින්දනය යි. ලිංගික වින්දනය වරදක් නොවුණත් ඔහු මේ කාන්තාවන් ඔවුන්ගේ සැමියන් මරා දමා අසරණ තත්ත්වයට පත්කර විවාහ කරගැනීම පහත් ක්‍රියාවකි.

මේ කාන්තාවන් ඔහු සමග විවාහවීමට විරුද්ධ නොවූයේ මන්දැයි ද කෙනකු විමසිය හැකි ය. ඔවුන් ඔහු සමග විවාහ නොවී නම් එවිට ද ඔවුන්ට ඔහුගේ හෝ වෙන යම් මුස්ලිම්වරයකුගේ ලිංගික වහලියක් ලෙස හිදින්නට සිදුවනු ඇත. තමාගේ මව්පියන්, සැමියා මරාදැමූ මිනිසා සමග විවාහ වීම අඩු තරමෙන් ඊට වඩා හොද තත්ත්වයක් ඇතිකරනු ඇතැ යි සෆියා වැනි තරුණියන් කල්පනා කරන්නට ඇත. වහලියකට වඩා නීතිමය අයිතිවාසිකම් බිරියකට හිමි ය. එය කපටි ගෑනු ගතියක් නොව අසරණකම විසින් ඇති කළ තීරණයකි. ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා මිනිසා දූෂකයෙකුගෙන් වෙනස් වන්නේ ද?

යුද සිරකාරියන් දූෂණයට ලක්වීමට ඉඩ හැරියා ද?

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි. හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින්  ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර
                                                                                                    
                                                                                  -  සුනන් අබුදාවුද් 2155
මෙම හදීසයෙන් සහ කුරානයේ 4:24 වැකියෙන් කියවෙන පරිදි මුස්ලිම්වරුන් සමග ඇති වූ යුද්ධයකින් අල්ලාගත් කාන්තාවන් සමග ඔවුන්ගේ සැමියන් සිටියත් මුස්ලිම් සෙබලුන්ට ලිංගිකව එක්විය හැකි ය. මේ කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් ඔවුන්ගේ ගෝත්‍රයේ අය ව මරාදමා වහලුන් ලෙස  ගත් අයයි. ඔවුන් ඊළග වහල් වෙළදපොළේ දී මුස්ලිම්වරුන්ට අවිආයුධ ගැනීමට විකිණීමට නියමිතව සිටි අයයි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය ඥාතීන් මරා දමා තමා සිරභාරයට ගත් සතුරු හමුදාවක් සමග ලිංගිකව එක්වීමට කාන්තාවන් සතුටු සිතින් කැමති වනු ඇතැ යි සිතිය නොහැක. ඒ අනුව මොවුන් දූෂණය වන්නට ඇති බව සිතීම සාධාරණ ය.

පහත දැක්වෙන්නේ මේ ඇසුරු කරන තවත් හදීසයකි.
බුරයිදා මෙසේ දැනුම් දෙයි. නබිතුමන් අලි ව (යුද්ධයෙන් ලැබුණු) කුමූවරුන් ව රැගෙන ඒම පිණිස ඛාලිඩ් වෙත යැවී ය. මට අලි ගැන අප්‍රසන්න හැගීමක් ඇති විය. ඒ ඔහු (කුමුවරුන් අතර සිටි වහල් කෙල්ලක් සමග ලිංගික ව එක්වීමෙන් අනතුරු ව) ස්නානය කරනු දුටු හෙයිනි. ඔබ එය (අලි කළ දෙය) දුටුවා නේදැ යි මම ඛාලිඩ්ගෙන් ඇසීමි. නබිතුමන් වෙත ගියවිට මම මේ ගැන ඔහුට පැවසුවෙමි. ඔබ අලි කළේ වරදක් යැයි සිතනවාදැයි හෙතෙම මගෙන් විමසීය. මම එය එසේ බව පැවසුවෙමි. බුරයිදා, ඔහුට මීට වඩා තව බොහෝ දේ කුමූවරුන්ගෙන් ලැබිය යුතු ව තිබෙද්දීත් ඔබ අලි ව මේ ගැන පිළිකුල් කරනවා දැයි හෙතෙම මගෙන් නැවත වරක් ඇසී ය.
- බුහාරි 4350
යුද්ධයෙන් අල්ලාගත් එක්තරා දැරියක් සමග ලිංගික ව එක්වීම විෂයෙහි මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ක්‍රියා කළ ආකාරය දැක්වෙන එක්තරා හදීසයක් ද තිබේ. එම හදීසයේ ඉංග්‍රීසි පරිවර්තනය වංචනික ලෙස කර ඇති බැවින් මුල් හදීසය (Bukhari Volume 7: 63: 182) වෙනුවට ඒ පිළිබද ව හිටපු මුස්ලිම්වරයකු ලියූ කෘතියකින් උපුටා දක්වමු.
එක්තරා හදීසයකට අනුව ඔහු බානි ජවුන් නගරය අත්පත් කරගත් පසු ජවුනිය්යාහ් නමැති දැරියක් ඇගේ කිරිමවත් සමග ඔහු වෙත රැගෙන එනු ලැබුවා ය. ඔබ මා සමග එක්වන්න ඕනෑ (give yourself to me) නබිතුමන් ඇයට පැවසුවේ ය. නූතන ව්‍යවහාරයෙන් - මට උඹ එක්ක නිදාගන්න ඕන. කුමරියක් එහෙම නිකම් මිනිහෙකුට තමන් ව දෙනවා ද ? දැරිය පිළිතුරු ලෙස කියා සිටියා ය. මුහම්මද් එවිට ඇයට පහරදෙනු පිණිස සිය අත එසවී ය. මම ඔබෙන් අල්ලාහ්ගේ රැකවරණය අපේක්ෂා කරනවා යැයි දැරිය එවිට බියෙන් කෑ ගැසුවා ය.

මෙය ඇසුණු මුහම්මද් අදහස් කළ දෙය කිරීමෙන් වැළකුණි. ඒ මොහොතේ තමන් ගැන ඇති වූ ලැජ්ජාවෙන් මෘදු වූ ඔහු ඇයට සුදු ලිනන් රෙද්දෙන් කළ ඇදුම් දෙකක් ගෙනැත් දෙන්නැයි කීය. මේ ඇදුම් ඔහු ඇයට තෑගිදෙන්නට සිතාගෙන ගෙනා ඒවා නොවී ය. ඒවා ඔහු ඇගෙන් ම හෝ ඇගේ ගෝත්‍රයේ ම වෙනත් දැරියකගෙන් හෝ සොරාගත් ඒවා ය.

ජවුනිය්යාහ් පැමිණියේ කිරිමවක් සමග ය. ඇය තවමත් නොවැඩුණු දැරියක් ව සිටි බව මෙයින් පෙනේ. තමන් මරන්නට පවා අණ කළ හැකි ව තිබුණු මිනිසකුට ඇය එහෙම නිකම් මිනිහෙකුට කුමරියක් ඇය ව දෙනවද  වැනි ගරුසරු නැති එඩිතර ප්‍රතිචාරයක් දක්වන්නට ඇත්තේ ද ළමාවියේ සිටි ඇයට එහි ප්‍රතිවිපාක ගැන වැටහීමක් නොවූ නිසා ය.

මෙම හදීසයේ ඉංග්‍රීසි පරිවර්තකයා give me yourself යන්න ළගට (in marriage) යනුවෙන් වරහන් තුළ යොදා එක්කර තිබේ. මේ අදහස දෙන වචන මුල් හදීසයේ පෙළ තුළ දක්නට නැත. අරාබි පෙළේ ඇත්තේ හබ්බා නෆ්සිකා ලි යනුවෙනි. හබ්බා යන වචනය විවාහය හැදින්වීමට භාවිත වූවක් නොවේ.

හදීසයේ ඇත්තේ මුහම්මද් ඇයට පහර දෙන්නට සිය අත එසවූයේ ඇය එයින් මෙල්ල වනු පිණිස බව ය.  මුහම්මද්ගේ ක්‍රියාවේ ඇති පහත් ගතිය දකින පරිවර්තකයා පහරදීම සදහා යෙදී ඇති අරාබි වචනය strike යනුවෙන් පරිවර්තනය නොකර pat යනුවෙන් පරිවර්තනය කරයි. යෙදී ඇති අරාබි වචනය අහ්වා යන්නයි. එය පැමිණෙන්නේ හවා යන්නෙනි. එහි අදහස ක්ෂණිකව පහත හෙලීම, වේගයෙන් එල්ල කිරීම මිස තට්ටු කිරීම (patting) නොවේ.

මුහම්මද් තැත් කළේ ඇයට සුරතල් ලෙස තට්ටු කරන්නට නම් ඇය මම ඔබෙන් අල්ලාහ්ගේ රැකවරණය අපේක්ෂා කරනවා යැයි කෑගැසුවේ ඇයි ?

එතුමන්ට ළමුන් කෙරෙහි ලිංගික ආශාවක් තිබුණා ද?

කෞමාරකාමය (pedophilia) ලෙස හැදින්වෙන්නේ වැඩිවියට පත් නොවූ දරුවන් කෙරෙහි පවතින ලිංගික ආකර්ෂණය යි. වැඩිවියට පත් නොවූ (සාමාන්‍ය වයස 13ට අඩු) දරුවකු හෝ දැරියක සම්බන්ධයෙන් සෑහෙන කාලයක් පුරා (අඩු තරමේ මාස 6ක්) ලිංගිකව හැසිරීම සම්බන්ධ ප්‍රබල ලිංගික පරිකල්පනයන්, ආවේගයන් හෝ හැසිරීම් ප්‍රකට කිරීම ලෙස එය නිර්වචනය කර තිබේ.

Diagnostic and Statistical Manual of Mental Disorders හි 5 වැනි සංස්කරණයට (DSM-5) අනුව කෞමාරකාමය ව්‍යාධිමය ලෙස පවතින පුද්ගලයකු පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • වැඩිවියට පත් නොවූ (සාමාන්‍ය වයස 13ට අඩු) දරුවකු හෝ දැරියක සම්බන්ධයෙන් සෑහෙන කාලයක් පුරා (අඩු තරමේ මාස 6ක්) ප්‍රබල ලිංගිකව හැසිරීම සම්බන්ධ පරිකල්පනයන්, ආවේගයන් හෝ හැසිරීම් ප්‍රකට කිරීම.
  • මේ ලිංගික අවශ්‍යතාවය ඔහුගේ සමාජ, වෘත්තීය හෝ වෙනත් වැදගත් ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු හානියක් කර තිබීම. 
  • ඔහු/ඇය වයස 16ක් වත් විය යුතු අතර දරුවාටදැරියට වඩා වසර 5කින් වත් වැඩිමහලු විය යුතු ය. නමුත් අවුරුදු 12ක 13ක දැරියක සමග ලිංගික සබදතාවයක් පවත්වාගෙන යන නවයොවුන් වියේ අගභාගයේ සිටින තරුණයකු මීට අයත් නොවේ. 
මුහම්මද් නබිතුමන් අයිෂා (රළි) තුමිය විවාහ කරගන්නේ ඇයට වයස අවුරුදු 6 දී ය. වයස 6දී සැලසුම් කළ විවාහය සිදුවන්නේ වයස 9 දී ය. විවාහය සැලසුම් කරන විට එතුමන්ගේ වයස අවුරුදු 54ක් විය. එවක ඇය වැඩිවියට පත් නොවූ දැරියක් විය.
නබිතුමන් ඇය සය වියැති ව සිටිය දී ඇය ව විවාහ කරගත් බවත් ඇය නමහැවිරිදි වූ විට විවාහය එය සම්පූර්ණ කළ බවත් එතැන් පටන් ඇය ඔහුත් සමග (ඔහුගේ මරණය සිදුවන තෙක්) වසර නමයක් වාසය කළ බවත් අයිෂා පැවසුවා ය.
Sahih Bukhari 7:62:64   Sahih Bukhari 7:62:65   Sahih Bukhari 7:62:88

ආයිෂා විසින් දැනුම් දෙන ලදී. මම පල්ලියේ මිදුලේ ක්‍රීඩා කරමින් සිටි ඉතියෝපියානුවන් දෙස බලා සිටින අතරේ නබිතුමන් ඔහුගේ උඩරෙද්දෙන් මා වසාගත්තේ ය. මම ඇතිවනතුරු ම ඒ දසුන දෙස බලා සිටියෙමි. විනෝදයට ආසාකරන (වැඩිවියට නො එලඹුණු) කුඩා දැරියක් කෙතරම් වේලා බලා සිටින්නේ දැයි ඔබ ම සිතා බැලිය යුතු ය.
Sahih Bukhari 7:62:163
එකල විවාහය සදහා අවම වයස් සීමාවක් නොවී ය. අනෙක් අතට පැරණි සමාජවල ළමා විවාහය ද සම්මත දෙයක් විය. මේ නිසා දැරියක් විවාහ කරගැනීම මත ම එතුමන් කෞමාරකාමුකයෙක් ද යන්න නිගමනය කළ නොහැක. එසේ විණි ද යන්න නිගමනය කළ හැක්කේ ළමුන් කෙරෙහි නිරන්තර, තියුණු ලිංගික පරිකල්පනයන්, ආවේගයන්, හැසිරීම් (අඩු තරමේ මාස 6ක කාලයක් තිස්සේ) තිබී ඇති ද යන්න මත ය.
අයිෂා මෙසේ පැවසුවේ ය. මගේ සහෝදර බිරින්දෑවරු උම් සල්මාගේ නිවසේ රැස්ව කථාකරමින් මෙසේ කීහ. ඕ, උම් සල්මා! නබිතුමා අයිෂා ළගට යන දවසට මිනිස්සු තෑගි එවනවා. අපිත් අයිෂා වගේම තෑගිවලට කැමතියි. තෑගි එවනකොට තමන් කා ළග හිටියත් ඒවා එවන්න කියලා මිනිස්සුන්ට කියන්න කියලා ඔයා නබිතුමාට කිව්ව නම් හරි. උම් සල්මා එය නබිතුමාට පැවසූ විට ඔහු ඇය මගහැර ගියේ ය. නබිතුමන් ආපසු පැමිණි විට ද ඇය එය ම පැවසූ අතර එවර ද එතුමන් ඇයව මගහැර ගියේ ය. ඇය තෙවන වරට ද එය ම පැවසූ විට නබිතුමන් මෙසේ කීවේ ය. ඕ, උම් සල්මා! අයිෂා ගැන අහිත හිතලා මා අපහසුවට පත්කරන්න එපා. අල්ලාහ්ගේ නාමෙන්, අයිෂා එක්ක හැර ඔබගෙන් වෙන කිසිවෙක් එක්ක පොරෝනය යටට වෙලා ඉද්දි මට කවදාවත් දිව්‍ය ඥානය (divine inspiration) පැමිණියේ නැහැ.

- බුහාරි 5:57,119
සර්වබලධාරී දෙවියකු සිය නබිවරයාට දිව්‍ය ඥානය ලබාදීම සදහා දැරියක් සමග සැතපෙන පෞද්ගලික අවස්ථාවක් ම තෝරාගැනීම ඉතා අතාර්කික ය. මෙහි දිව්‍යඥානය පැමිණීම යන්නෙන් එතුමන් අදහස් කරන්නට ඇත්තේ තමන් ප්‍රමෝදයට පත් වීම විය හැකි ය. (අරාබි වචනය අපි නොදනිමු. ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ නම් divine inspiration යනුවෙනි.) සතුටින්, උද්යෝගයෙන් සිටින විට කෙනකුගේ නිර්මාණශීලීත්වය, පවතින දක්ෂතාවය හොදින් ඉස්මතු වේ. ඒ අනුව දිව්‍යඥානය පැමිණීම යනු එතුමා අතිමහත් තෘප්තියට පත්වීම යි. එය සිදු ව ඇත්තේ අයිෂා සමග පොරෝනය යට තුරුල් වී සිටින විට පමණි. ඔහුගේ අනෙක් බිරියන් ද වයස 12, 15, 17, 19, 20 වැනි ලාබාල නාඹර වයස්වල රූමතියෝ වූහ. එහෙත් ඔහු ඔවුන් සමග සිටිද්දීට වඩා අවුරුදු 8ක 9ක දැරියක් සමග සිටිද්දී ප්‍රමෝදයට පත්විය. ඔහුගේ මේ පොරෝනය යට තුරුලු කරගෙන සිටීම කුඩා දැරියක කෙරෙහි ඇති වූ සෙනෙහෙසක් නොවන බවත් එය ලිංගිකමය වූ අනුරාගයක් බවත් පෙනී යයි.  
අයිෂා පැවසී ය.
(මා හට) ඔසප් වන විට නබිතුමන් සහ මම එකම නාන බේසමක නෑමට පුරුදු ව සිටියෙමු. ඔසප් වන විට ඔහු මට ඉසර් රෙද්දක් (නානරෙද්දක්) අදින්නැයි අණ කර මා (එසේ සිටින විට) සුරතල් කිරීමට පුරුදු ව සිටියේ ය. ඉක්තිකාෆ් කරන විට ඔහු ඔහුගේ හිස මා සමීපයට ගෙනෙන අතර ඔසප් වෙමින් සිටිය දී ම මම එය (ඔහුගේ හිස) සෝදමි.
සහීහ් අල්-බුහාරි 299, 300, 301
අයිෂා විසින් දැනුම් දෙන ලදී.

මම ඔසප් වී සිටින විට නබිතුමන් මගේ උකුලේ හිස තබාගෙන කුරානය සජ්ඣායනා කිරීමට පුරුදුව සිටියේ ය.

සහීහ් අල්-බුහාරි 7549  

යුනුස් ඉබ්න් ඉස්හාක් ලියන පරිදි රසූල්වරයා උම්මු අයි ෆාදි ව දුටුවේ ඇය බිළිදියක ව සිටි විට ය. ඔහු ඉදිරියේ දණගාමින් සිටි ඇය ව දුටු ඔහු මෙසේ කීවේ ය. ඇය වැඩුණොත් සහ මම ඒ වනවිටත් ජීවත් ව සිටියොත් මම ඇය ව විවාහ කරගනිමි. (Ibn Ishaq: Suhayli, 2.79 p. 311)  මුස්නද් අහ්මද් හි සදහන් හදීසයක ද මෙලෙස සදහන් වේ. මුහම්මද්තුමා අබ්බාස්ගේ දුව වූ උම් හබීබා ව ඇය කිරිබොන දැරියක ව (ෆාතිම්) සිටි විට දුටු අතර මා ජීවත් ව සිටිද්දී ඇය වැඩිමහත් වුණොත් මම ඇය ව විවාහ කරගනිමි. යි පැවසුවේ ය. (Musnad Ahmad, Number 25636) මේ ළදැරියන් දෙදෙනාගේ වාසනාවට ඔහු ඊට පසු කෙටිකලකින් ම මියගියේ ය. අබ්බාස් වාසය කළේ මක්කාවේ ය. ඒ නිසා මුහම්මද් ඔහුගේ දැරිය දකින්නට ඇත්තේ ඔහු එම නගරය ආක්‍රමණය කළ විට ය. ඒ වනවිට ඔහු වයස 61ක මිනිසෙක් විය. ඒ මහලු වයසේදී ඔහු වසරක් නැතිනම් දෙකක් වයසැති බිළිදියන් ගැන රාගික සිත් ඇතිකරගත්තේ ය. නබිතුමා මේ දැරියන් දෙදෙනා ද විවාහ කරගන්නට අදහස් කරන්නට ඇත්තේ අයිෂා විවාහ කරගත් වයසේ දී ම බව සිතීම සාධාරණ ය. එතුමාට දැරියන් කෙරෙහි විශේෂ ආශාවක් තිබූ බව අයිෂා ප්‍රියතම බිරිය වීමෙනුත්, තවත් දැරියන් ගැන ම එවැනි සිත් පහළ වීමෙනුත් පෙනේ.

අතීතයේ ළමා විවාහ සම්මතයක් වුවත් මෙතරම් වැඩිමහලු අයෙකු වැඩිවිය නොපන් දැරියන් විවාහ කරගත් අවස්ථා තිබේ ද යන්න සැකසහිත ය. ළමා විවාහ සම්මත වුවත් සිදුවූයේ වයස 12ක් 13ක් වන දැරියන් සමග සිදු වූ විවාහ මිස වසර 6ක් වැනි ලාබාල දැරියන් සමග සිදු වූ විවාහ නොවේ. ගාන්ධිතුමා කස්තුරිබායි විවාහ කරගන්නේ ඇයට වයස 13 දී බව සැබෑ ය. නමුත් එතුමන් ද එවිට වයස 15ක පමණ තරුණයෙක් විය. (එම ඉන්දියානු ක්‍රමය හුදු වැඩිහිටියන් විවාහය තීරණය කර තැබීමක් පමණක් විය. ළමුන් දෙදෙනා වැඩිහිටියන් වන තුරු වාසය කරන්නේ අධ්‍යාපනය ලබමින් මව්පියන් සමග ය.) නමුත් නබිතුමා වයස 50කට වැඩි වයසක දී වයස 6ක දැරියක් සමග විවාහ වෙයි. වෙනස එය යි.

අයිෂා සමග මුහම්මද්ගේ විවාහය සහ ඒ ආහ්‍රිත කරුණු ගැන  අලි සිනා ලියූ ලිපියකට යක් පරපුරේ සිංහලයා කළ සිංහල පරිවර්තනයක් මෙතන ඇත. මරියාගේ සිද්ධිය සහ සූරා තහ්රීම් සම්බන්ධව එම අඩවියේ ම ලිපියක් මෙතන ඇත.