මුහම්මද් ලෝකයට බලපෑ ආකාර කිහිපයක් පහත දැක්වේ.
කතෝලික ධර්මාධිකරණයට බලපෑම
කතෝලික ධර්මාධිකරණය (Inquisition) යනුවෙන් හැදින්වෙන්නේ ධර්ම කාරණා විභාග කර දඩුවම් පැමිණවීම සදහා 12 සහ 18 වැනි සියවස් අතර කාලයේ යුරෝපයේ ක්‍රියාත්මක වූ සංස්ථාවකි. පාප්වහන්සේ ප්‍රමුඛ කතෝලික පල්ලියේ අනුබලය සහ අනුමැතිය ද සහිත ව මෙය ක්‍රියාත්මක විය. කතෝලික පල්ලිය විසින් මිත්‍යාදෘෂ්ටික ලෙස සලකනු ලැබූ හැසිරීම් පෙන්නුම් කළ හෝ මත දැරූ බවට චෝදනා ලද පුද්ගලයන් සම්බන්ධව නඩු විභාග කර දඩුවම් නියම කිරීම හෝ දඩුවම් කිරීමට රජයට බාර දීම මෙමගින් සිදුවිය. පෘථිවිකේන්ද්‍රවාදයට පටහැනි මත පළ කළ විද්‍යාඥයන් මරාදැමුණේ, සිරගත කළේ, ඔවුන්ගේ කෘති තහනම් කළේ ද මේ යටතේ ය. මිත්‍යාදෘෂ්ටිය මුලිනුපුටා දැමීමේ අරමුණින් කතෝලික පල්ලියට මිත්‍යාදෘෂ්ටික ලෙස පෙනීගිය කිතුණු නිකායන් පණපිටින් පුලුස්සා දැමුණේ මේ යටතේ ය. මායාකාරියන් ලෙස චෝදනා ලද දහස් ගණන් කාන්තාවන්, ඇතැම්විට දරුවන් සමග පවා ගිනිතැබුණේ මේ යටතේ ය. කිතු දහම වැළද සිටි මුස්ලිම් හා යුදෙව්වරු ද මුල් දහම රහසේ පිළිපැදීම සහ වංචාකාරීව මතුපිටින් කිතුදහම වැළදසිටීම යන චෝදනාව යටතේ දඩුවමට ලක්කරන ලද්දේ ද මේ යටතේ ය. කිසිදු ෂාධාරණ අධිකරණ විභාගයකින් තොර ව හුදු සැකය මත දහස් ගණන් ඝාතනය කරන ලද්දේ සහ වධබන්ධනයන්ට ලක්කරන ලද්දේ ද මෙ මගින් ය.පුද්ගලයන් පසුතැවිලි නොවූ අවස්ථාවල දී ඔවුන් ව ප්‍රසිද්ධියේ පණපිටින් ගිනිතැබීම සිදු විය. මිත්‍යාදෘෂ්ටික ලෙස සැලකූ ක්‍රිස්තියානි නිකායන්, යක්ෂ ගනුදෙනුවක් ලෙස කවරකු හෝ වටහාගත් චර්යාවන්, පර්යේෂණ, ක්‍රියාකාරකම් සහ කිසියම් පෞද්ගලික හේතුවක් හෝ සමාජයට සාමාන්‍ය නොවූ සමාජ හැසිරීමක් සහිත වීම නිසා මායාකාරියක් යැයි අන්‍ය්‍යන් විසින් පවසනු ලැබූ ඕනෑම කාන්තාවකගේ ඉරණම පණපිටින් ගිනිතැබීම වීමට තිබූ ඉඩකඩ ඉතා බියජනක තත්ත්වයක් විය. එසේ වූයේ ධර්මාධිකරණය වූ කලී පාපොච්ඡාරණ ලබාගැනීමට වධ බන්ධන භාවිත කළා වූ වරදකරුවකු ලෙස චෝදනා ලැබූ අයකු වරදකරුවකු ම බව ඔප්පු කරගැනීම සදහා පිහිට වූ සංස්ථාවක් බැවිනි. අන්‍යයන් විසින් කවරකු ගැන හෝ චෝදනාවක් ප්‍රදේශයට පැමිණි ධර්මාධිකරණ විනිශ්චයකාරවරුන්ට ඉදිරිපත් කළ විට චූදිත පුද්ගලයා ව ධර්මාධිකරණය කරා ගෙනගොස් ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරුණි. නිසි සාක්ෂි විභාගයකට සුදුසුකම් නොලැබූ ඔවුන්ට නීති උපකාර කිසිවක් නොමැති විය. විනිශ්චයකරුවා සහ අධිචෝදකයා යන දෙදෙනා ම එක් අයකු විය. වරදකට හසුකරගැනීම සදහා කපටි ලෙස නිපද වූ ප්‍රශ්නකිරීම්වලට ඔවුහු ලක්වූහ. පළමු ප්‍රශ්න කිරීමේ දී ම පාපොච්ඡාරණය කළ විට මාස ගණන් සිරගත කර රදවාගත් අතර වරද පිළිගන්නා තුරු වධ බන්ධනවලට ලක්කෙරුණි. තම නිර්දෝෂීභාවය කියාසිටි විශාල පිරිසක් එලෙස වධබන්ධනවලදී මියගියහ. වසර 14 ට වැඩි පිරිමි සහ 12ට වැඩි ගැහැනු සියලුදෙනා ම තමා දන්නා කියන මිත්‍යාදෘෂ්ටිකයන් ගැන දැනුම් දෙන බවට ප්‍රතිඥාවක් දිය යුතු වූ අතර එය දෙවසරකට වරක් අලුත් කළ යුතු විය. මේ නීතිය මෙකී වයස්වලට ඉහළ වූ සෑම අයෙක් ම මිනිස් දඩයම්කරුවකු බවට පත්කළේ ය. ස්පාඥ්ඥයේ පිහිට වූ රාජ්‍ය ධර්මාධිකරණය ක්‍රියාත්මක වූ වසර 300 ක කාලය තුළ ඔවුන්ගේ ම වාර්තා ඇසුරින් අපෝහනය කළ හැකි පරිදි 5000ක් පමණ ඝාතනය වී තිබේ. 1450 සහ 1750 අතර කාලය තුළ යුරෝපයේ මායාකාරියන්/කාරයන් ලෙස සලකා ගිනිතැබූ සංඛ්‍යාව 35 000ත් 100 000ත් අතර බවට ගණන් බලා ඇත. වඩාත් මෑතකාලීන ගණනය කිරී්ම් අනුව මෙය 40 000ක් පමණ වේ.
මෙවැන්නක් සදහා අලුත් තෙස්තමේන්තුවෙන් අනුබල නොලැබේ. මක්නිසාද යත් ලෞකික ලෝකයේ ආධිපත්‍යය ජේසුතුමන්ගේ අරමුණු නොවූ බැවිනි. තමාගේ ස්වර්ග රාජ්‍යය මේ ලෝකය නොවන බව උන්වහන්සේ පැවසූ සේක.තමාගේ ස්වර්ග රාජ්‍යය මේ ලෝකය නොවන බව උන්වහන්සේ පැවසූ සේක.එසේම උන්වහන්සේ ප්‍රචණ්ඩත්වය දැඩි ව හෙලා දුටු සේක.
ඉස්ලාම් දහම අත්හැරීම පාපයක් හා අපරාධයක් වන අතර ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකේ. මෙයට මරණ දඩුවම දිය යුතු බව මුහම්මද් නබිතුමා ම පවසා තිබේ. එය සුන්නි මද්හබ් හතර හා ෂීයාවරුන්ගේ ජෆාරි මද්හබය ද පිළිගනී. ආගම අතහැරීම ප්‍රසිද්ධ ප්‍රකාශයකින් ම සිදු විය යුතු නැත. ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීමක් බව හැගෙන ක්‍රියාවක් සිදුවීම වුව ප්‍රමාණවත් ය. (නිද: ඌරුමස් කෑම) නිදසුනක් ලෙස තමන් මුස්ලිම්වරයෙකු බව පිළිගනිමින් සහ මුහම්ද්ගේ වක්තෘත්වය හා අල්ලාහ් පිළිගන්නා අයකු පවා කිසියම් ආගමික කරුණක් පිළිබද වෙනස් මතයක් දැරීම හා ඒ අනුව ක්‍රියාකිරීම නිසා ආගම අත්හළ අයකු සේ සැලකිය හැකි ය. ඔවුන් තමන්ගේ හදවත තුළ භක්තිය ඇති බව පැවසීම එහි දී ප්‍රමාණවත් නොවේ.
ඉස්ලාමයේ එන දේවාපහාස වරද ද මේ සදහා අනුබල සපයයි. මුහම්මද්, මුහම්මද්ගේ ඥාතීන්, සහබාවරු, අල්ලාහ්, කුරානය වැනි ඉස්ලාමය තුළ ශුද්ධත්වයෙන් පිළිගන්නා කවරක් හෝ සමබන්ධව හාසයක් දැනවීම හෝ එවැනි කතාබහක් මුස්ලිම් නොවන්නකු විසින් සිදුකරන විටක එය අනුමත කිරීමක් යැයි පෙන්විය හැකි හැසිරීමක් (විරෝධය නොපාමින් ඊට සවන් දීම) පෙන්වීම දේවාපහාසයකි. මෙය මුස්ලිම්වරයකු කළහොත් එය ආගම අත්හැරීමේ ක්‍රියාවක් වන අතර ඒ අනුව මරණ දඩුවම ලබා දේ. දිම්මිවරයෙක් (ඉස්ලාමීය පාලනය යටතේ ජීවත් වන මුස්ලිම් නොවන්නන්) අතින් සිදුවුවහොත් එවිට ද මරණ දඩුවම දෙන බවට ඇතැම් හදීස අනුබල සපයයි. ඉස්ලාම් දහමේ කිසියම් කරුණක්, නියමයක් හෝ මුහම්මද්ගේ චරිතයේ කිසියම් ලක්ෂණයක් පිළිබද විවේචනාත්මක අදහස් පළකිරීම, විවේචනාත්මක ලෙස ප්‍රශ්න කිරීම වුව ද ආගම අත්හැරීමේ ක්‍රියාවක් සහ දේවාපහාසයක් ලෙසින් සැලකේ.
හිස්බා (මෙහි අරුත වගකීම යන්නයි) යනුවෙන් හැදින්වෙන්නේ සිය අසල්වැසියකුගේ හෝ ඥාතියකුගේ වැරදි හැසිරීමක්, එනම් ෂරියාව කඩකරන හැසිරීමක් හෝ ඉස්ලාමයට අපහාස වන ක්‍රියාවක් ගැන පාලකයාට (සුල්තාන්වරයාට/රාජ්‍ය ආයතනයන්ට) පැමිණිළි කිරීමට සෑම මුස්ලිම්වරයකු ම/වරියක ම සතු ආගමික යුතුකමයි. මේ ඔවුන් පිළිපැදිය යුතු නියමයකි. එවැනි පැමිණිළි ඉදිරිපත් වූ විට මැදිහත් වී හරි වැරැද්ද නියම කිරීම සහ ඒ අනුව කටයුතු තිරීමට අණ කිරීම ඉස්ලාමීය පාලකයාට දෙවියන් විසින් පැවරුණු වගකීමකි. ඒ සෑම දෙයක් ම නිසි පරිදි ෂරියාවට අනුව සිදුවන ලෙස වගබලා ගැනීම සදහා ය. හිස්බා පිළිවෙත යටතේ මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු, හිටපු මුස්ලිම්වරයකු හෝ මුස්ලිම්නොවන්නකු සම්බන්ධයෙන් ඉස්ලාමීය සමාජයට හානිකර විශ්වාස හෝ හැසිරීම් පෙන්නුම් කරන බවට චෝදනා කිරීමට අවස්ථාව සැලසේ.
අදටත් සවුදියේ මායාකාරියන් දඩයම සිදුවීම විසින් කතෝලික ධර්මාධිකරණය විසින් එදා යුරෝපයේ කළ සංහාරයන්ට ඉස්ලාමීය බලපෑමක් තිබූ තවත් තහවුරු වේ.
ධර්මාධිකරණ සංකල්පය ඉස්ලාමීය අදහසක් ලෙස සැලකීම මුහම්මද් ලෝක ඉතිහාසයේ බලපෑම්සහගත ම චරිතය ලෙස තෝරාගැනීමට මයිකල් හාට් දක්වන හේතුකාරකය සමග ද සැසදේ. ඔහු පවසන්නේ ලෞකික හා ආගමික යන අංශ දෙකේ ම එක සේ සාර්ථක වූයේ මුහම්මද් බව ය. ජේසු, බුදුන්, බහාඋල්ලා, ගුරු නානක්, මහාවීර, සරතුස්ත්‍ර වැනි අන් ආගමික නායකයෝ මුහම්මද් මෙන් ආගම සහ රජය එකට ගැටගසා ගත්තේ නැත. නමුත් මුහම්මද් රජය සහ ආගම එකක් බවට පත්කළේ ය. ඔහු ලෞකික හා ආගමික අංශ දෙකේ ම සාර්ථක වූ බව කියැවෙන්නේ ආගමික නායකයකු ලෙසත් පාලකයකු ලෙසත් යන දෙයාකාරයෙන් ම ඔහු කටයුතු තළ බැවිනි. ඔහු ඒ අංශයන් දෙකේ වෙනස නොදුටුවා පමණක් නොව ඒ දෙක එකට ගැටගැසීමේ භයානකකම ද නොදුටුවේ ය. වඩාත් නිවැරදි වන්නේ ඔහු ආගමික නායකයකු ලෙස නම් කිසිදා සාර්ථක නොවූ බව ය. පාතාලි කල්ලි නායකයකුට ඔබින ඔහුගේ චර්යාව සමග ඔහු පෙර සදහන් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර තැබීමට හැක්කේ කෙසේ ද? ආගමික නායකයකු ලෙස පෙන්වමින් සිය දේශපාලනික අරමුණු සපුරාගැනීමෙහි ලා නම් ඔහු සාර්ථක වන්නට ඇත. නැවතත් ධර්මාධිකරණය දෙස බැලුවහොත් එහි හරය වන්නේ ද ආගම සහ රජය එකක් ම විය යුතු ය යන අදහස බවත් එය ඉස්ලාමයේ ද හරය බවත් මුහම්මද්ගේ චරිතය පිළිබද මයිකල් හාට්ගේ නිරීක්ෂණය ද එය ම බවත් ඔබට පෙනෙණු ඇත.
නාසිවාදයට බලපෑම
මෑත යුගයේ සිටි භයානක ම සහ දරුණු ම අපරාධකරුවකු වන්නේ අන්ත යුදෙව් විරෝධියකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ය. කෙසේනමුත් ඔහුට සිය යුදෙව් විරෝධය සදහා පූර්වගාමියෙක් සිටියේ ය.නබිතුමන් මෙසේ පවසනු තමන්ට ඇසුණු බව උමර් බී. අල්-ඛත්තිබ් පැවසී ය. මම යුදෙව්වන් සහ කිතුනුවන් අරාබි අර්ධද්වීපයෙන් එළවා දමා මුස්ලිම්වරුන් පමණක් ඉතිරි කරන්නෙමි.
- සහීහ් මුස්ලිම් 1767 a
නබිතුමා මෙසේ කී බව අබු හුරයිරා පැවසී ය.
මුස්ලිම්වරුන් යුදෙව්වන් සමග සටන් කරන තුරු සහ යුදෙව්වන් ගස් ගල් පිටුපස සැගවෙන තුරු සහ මුස්ලිම්වරුන් ඔවුන් මරන තෙක් අවසන් (විනිශ්චයේ) පැය උදා නොවන්නේ ය. යුදෙව්වන් එසේ ගස් ගල් පිටුපස සැගවෙන කල්හි එම ගස් සහ ගල් මෙසේ කියනු ඇත්තේ ය. මුස්ලිම්වරය, අල්ලාහ්ගේ ගැත්ත, මේ මාගේ පිටුපසත් යුදෙව්වෙක් සිටී. පැමිණ ඔහු මරා දමාපන්න. නමුත් එක ම එක ගසක් එසේ නොපවසනු ඇත්තේ ය. ඒ යුදෙව්වන්ගේ ගසක් වන ඝර්කාද් ගසයි.
- සහීහ් මුස්ලිම් 2922
"මා ගරු කරන එකම දහම නම් ඉස්ලාමය යි. මා අගය කරන එකම ආගමික නායකයා මුහම්මද් ය..”
“..එනිසා, යුදෙව්වන්ට එරෙහි ව කරන මගේ අරගලය සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත ඉටුකිරීමක් ලෙස මම දකිමි. මම අල්ලාහ්ගේ සැලැස්ම පරිපූර්ණ වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙමි.” -
ඇඩොල්ෆ් හිට්ලර්, මේන් කාම්ෆ් (මගේ අරගලය) කෘතිය
හිට්ලර්ගේ සුපිරි ජාතිය/ආර්ය වර්ගය පිළිබද අදහසට බලපෑවේ ද ප්‍රශ්න කළ නොහැකි ආධිපත්‍යයක් සහිත සුපිරි ආගමක් පිළිබද මුහම්මද්ගේ සංකල්පය යි. දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ යුධ කටයුතු සම්බන්ධ අමාත්‍යවරයාව සිටි ඇල්බර්ට් ස්පියර් සිය මතකාවර්ජනයන්හි සදහන් කරන පරිදි 8 වැනි සියවසේ ප්‍රංශයෙන් ඔබ්බට ගොස් යුරෝපයේ සෙසු ප්‍රදේශ ආක්‍රමණය කිරීමට මුස්ලිම්වරුන්ට නොහැකි වීම ගැන හිට්ලර් පසුතැවිලි විය.
හිට්ලර් ඉස්ලාමයට ආකර්ෂණය වූයේ සහ මුහම්මද්ව පැසසුවේ ඉස්ලාමයේ වූ ව්‍යාප්තියට හේතු වූ ප්‍රචණ්ඩකාමීත්වය නිසා බව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වයෙන් ව්‍යාප්ත වීමට ඉස්ලාමය තුළ වූ වරප්‍රසාදය ගැන ඔහු පැහැදීමට පත් වූ බව නිසැක ය. නාසිවාදය නිර්මාණය කිරීමට ඔහුට බලපෑවේ ඉස්ලාමයයි. යුදෙව් විරෝධය සදහා ද හිට්ලර්ට බලපෑවේ මුහම්මද් බව පැහැදිලි ය. දෙවන ලෝක යුධ සමයේ මුස්ලිම්වරු හිට්ලර් සමග ද එක්වූයේ මේ යුදෙව් පොදු හතුරා නිසා ය.
අබු හුරයිරා වාර්තා කළේ ය. අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. බානු ඊස්‍රායල්වරුන් පිරිසක් අතුරුදන් විය. ඔවුන්ට වූ දෙය මා නොදන්නා නමුත් මා සිතන්නේ ඔවුන් මීයන් බවට පත් වූ බවයි.
- සහීහ් මුස්ලිම් පොත 042, හදීස් අංක 7135
1940 දී නාසි ජර්මනියේ The Eternal Jew නමින් වාර්තා චිත්‍රපටයක් නිපදවුණි. යුදෙව් ජනතාව මනුෂ්‍යයන් ලෙස නොසැලකීමට සහ ඒ සදහා හිට්ලර්ගේ "අවසන් විසදුම" ට ජනමනස සැකසීම මින් සිදුවිය. එම චිත්‍රපටයේ යුදෙව් ජනතාව සමාන කර දැක්වූයේ මීයන්ට ය. චිත්‍රපටය යුදෙව් ජනතාව ඉබාගාතේ යන සංස්කෘතික පරපෝෂිතයන් පිරිසක් ලෙස හදුනාගත් අතර මුදලට ගිජු වූ, තණ්හාවෙන් යුතු, සුඛපරමවාදී ජීවිත ගත කරන පිරිසක් ලෙස පෙන්වා දුන්නේ ය. මේ අදහසට ද හිට්ලර් මුහම්මද්ගේ කුරානයට ණයගැති ය. කුරානයේ 2: 96 වැකිය පවසන්නේ මෙලොව සිටින මිනිස් වර්ගවලින් ජීවිතයට කෑදර ම පිරිස යුදෙව්වන් බවත් හැකිනම් අවුරුදු 1000ක් වුව ජීවත් වීමට ඔවුන් ආසාකරන බවත් ය. (අල්ලාහ් නොදන්නවාට යුදෙව් ජනතාව නොව ලොව සිටින රහත්බව නොලැබූ ඕනෑම මිනිසකු එබදු ය.)
මාෆියාවට බලපෑම
ලොව ප්‍රබල ම සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලයක් වන ඉතාලියානු මාෆියාවේ බොහෝ ලක්ෂණ ඉස්ලාමීය ලක්ෂණ පෙන්වයි. ඔවුන්ගේ සංවිධාන තුළ සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෞද්ගලික ජීවිතය පවා ආවරණය වන පරිදි ඇති දැඩි රෙගුලාසි ඉස්ලාමය වැනි කල්ලි සමාජවල දැකගත හැකි වේ. සමාජය කෙරෙහි ඇති පක්ෂපාතීත්වය, සහෝදරත්වය සහ සමාජය හැරයන්නන් ද්‍රෝහීන් ලෙස සැලකීම සහ ක්ෂමාවිරහිත පළිගැනීම ආගම හැරයන්නන් ඝාතනය කිරීමේ ඉස්ලාමීය සම්ප්‍රදාය සිහිගන්වයි. කිසිදු ප්‍රදානය කරනු ලැබූ බලයකින් තොර ව තමන් බලවත් ව සිටින ප්‍රදේශවල පොලිස් හා අධිකරණ කටයුතු (නඩු ඇසීම හා දඩුවම් දීම, ගැටුම් නිරාකරණය) සිදුකරන්නේ මුහම්මද් කිසිදු නිල බලයකින් තොර ව මදීනාවේ (සහ පසුව අරාබියේ) නොනිල පාලකයා වූ ආකාරය සිහිගන්වමිනි. එලෙස ජනතාවට "සාධාරණය" ලබාදෙන අතර ම මාෆියාවරු සිය බලය සිය අවශ්‍යතා සදහා ද යොදාගන්නේ මුහම්මද් සිය සෙබලුන්ට යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන් දූෂණය කිරීමට ඉඩ දුන් අන්දම සිහිගන්වමිනි. වඩාත් ප්‍රබල සමානකම මේ නොවේ. ඔවුන් සිය සංවිධානය ගැන සරල හෝ විවේචනයක් සපයන අයකු ආදර්ශමත් ලෙස ඝාතනය කිරීමට පසුබට නොවේ. මෙය මුහම්මද් සිය විරුද්ධවාදීන් මත දැරූ අය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නොවන්නේ ද? ඔහු එම ඝාතන සිදුකළේ රජවරයකු හෝ වෙනත් එවැන්නකු කරන පරිදි සිය විරුද්ධ මතධාරියා කැදවා, අවවාද කර, නඩු අසා නොවේ. අබු අෆාක්, අස්මා බින්ත් මර්වාන් වැනි අය ඝාතනය කෙරුණේ ඔහුගේ අණකිරීම මත, සාමාජිකයකු විසින් රහසිගතව ය. එනම් පාතාල නායකයකු කරන අන්දම සිහිපත් කරමිනි. දෙවන ප්‍රබල ම සමානකම නම් ජිස්යා සංකල්පයෙන් මාෆියාව ලබා ඇති ආභාෂයයි. බලපෑමයි. ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් වෙතින් වසරකට ආදායමෙන් තුනෙන් එකක්/අඩක් වන බද්දක් අය කරනු ලැබේ. එය නොගෙවන්නන් එකකෝ පිටමං විය යුතු ය. නැතිනම් මරාදමනු ලැබේ. මාෆියාවේ හිංසනවලින් ආරක්ෂා වී සිටීමට නම් සාමාජිකයන් නොවන වැසියන් මාෆියාවට ද කිසියම් මුදලක් මාස් පතා ගෙවිය යුතු ය.මාෆියා සංවිධානය ඇරඹුණු ඉතාලියේ සිසිලි දූපත ක්‍රි. ව. 831 සිට 1072 දක්වා ඉස්ලාමීය පාලනය යටතේ පැවතුණු බව දන්නා අයකුට මෙවැනි සංවිධානයකට මුල් ආදර්ශය සිසිලියානුවන් දුටුවේ කෙසේදැයි සිතාගැනීම අපහසු නොවේ. ඉහත දැක්වූ සමාන ලක්ෂණත් මෙම ඓතිහාසික පසුබිමත් අමතක කරමින් මාෆියාවට මුහම්මද් වෙතින් බලපෑමක් වූ බව අපි නොපිළිගන්නේ එය ඔහුට කරන බලවත් අසාධාරණයකි.
No comments:
Post a Comment