Wednesday, April 22, 2020

ෂරියා නීතිය

මානව හිමිකම්වල තත්ත්වය  

ආගම අතහැරීමට මරණය 

වෙනත් ආගම් කරා යන අයකු මරාදැමිය යුතු බවට මුහම්මද් නබි (සල්) තුමන් අණ කර තිබේ.
ඉක්රිමා මෙසේ පැවසුවේ ය. අලි ඉස්ලාමය අතහැරගිය මිනිසුන් කිහිපදෙනෙක් ව පුලුස්සා දැමුවේ ය. මේ ගැන ඉබ්න් අබ්බාස්ට දැනුම් දුන් විට මම ඔහු විණි නම් මම කිසිවිටෙකත් ඔවුන් ව පුලුස්සන්නේ නම් නැත. මන්ද යත් අල්ලාහ්ගේ දඩුවම කිසිවකුට ලබා දීමට එඩිතර නොවන්නැයි නබිතුමා පැවසූ හෙයිනි. එහෙත් මම ද නිසැක ව ම ඔවුන් ව ඝාතනය කරන්නෙමි. මන්ද යත් ආගම අත්හරින පුද්ගලයන්ව මරාදමන්නැ යි එතුමන් පැවසූ බැවිනි. යයි පැවසුවේ ය.

- සුනන් අබු දාවුද් 4351

අලි විසින් පවසන ලදී: නබි (සල්) තුමන් මෙසේ පවසනු මට ඇසුණි. (ලෝකයේ) අවසාන දිනවල මෝඩ අදහස් සහිත තරුණ පිරිස් නැගී සිටිනු ඇත. ඔවුන් උඩින් භක්තිය ඇත්තන් සේ කථා කළත් ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන්ගේ උගුරෙන් එහාට යන එකක් නොවේ. මොවුහු දුන්නෙන් මුදන ලද ඊයක් සෙයින් ඉස්ලාමයෙන් ඉවත යන්නෝ ය. එනිසා ඔබට ඔවුන් ව කොතැන හමුවුවත් මරාදමාපන්න. මක්නිසාද යත් ඔවුන්ගේ ඝාතකයන්ට (එම ඝාතන) මළවුන්ගෙන් නැගිටුවන දින දී ලාභ වශයෙන් ඇත්තේ ය.

සහීහ් අල්-බුහාරි 5057


අබ්දුල්ලා බින් මස'උද් විසින් පවසන ලදී:

නබි (සල්) තුමන් මෙසේ පැවසුවේ ය. “අල්ලාහ් හැර වෙනත් වැදිය යුතු දෙවියකු නැතැ යි සාක්කි දැරූ මුස්ලිම්වරයකුගේ ජීවිතය නැති කිරීම අවස්ථා තුනක දී හැර නීත්‍යානුකූල නොවන්නේ ය. එනම් (කලින් විවාහ වී සිටි) හෝ විවාහක ව සිටින පුද්ගලයකු අනාචාරය කළ කල්හි, කරන ලද මරණයක් සදහා වන්දි වශයෙන් සහ ආගම හැර ගොස් මුස්ලිම් සමාජයෙන් (ජමා) බැහැර වූ කල්හි යන අවස්ථා තුනෙහි දී ය.”

ජාමි අත්-තිරිමිදි 1402 - සහීහ් (දාරුස්සලාම්)
ඉස්ලාමය හැරයන්නකුට මරණ දඩුවම ලබාදිය යුතු බව අද දක්වා ම ඉස්ලාම් නීතියේ පිළිගැනේ. සුන්නි මද්හබ් හතර ම සහ ෂියාවරුන් ද මේ දඩුවම සම්බන්ධයෙන් එකග වෙති. හනෆි මද්හබය පමණක් ආගම අතහැර යන පිරිමින් පමණක් මරාදැමිය යුතු බවත් කාන්තාවන් නැවත ආගමට පැමිණෙන තුරු සිරගත කර තබා පහරදිය යුතු බවත් පවසති. අද ද සවුදිය ඇතුලු මුස්ලිම් බහුතර රටවල් කීපයක ම ඉස්ලාමය අතහැරීමට මරණ දඩුවම ලබා දේ. මුස්ලිම් බහුතර රටවල් 13ක අදේවවාදීත්වය මරණ දඩුවම් ලැබිය හැකි වරදකි. තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ලොව පුරා පිළිගත්, ශිෂ්ට ලෝකයක තිබිය යුතු අයිතියකි. එය සෑම මිනිස් ජීවියකුට ම ස්වාභාවිකව ම හිමිවන අයිතියකි. ෂරියාව එය අහිමි කරයි.


දේවාපහාස වරද

මුස්ලිම් හෝ මුස්ලිම් නොවන අයෙක් දෙවියන් නැත කීම, මුහම්මද්තුමාගේ වක්තෘත්වය ප්‍රතික්ෂේප කිරීම, දෙවියන් පිළිබද ඉස්ලාමයේ මතයට වෙනස් අදහස් දැරීම වැනි ඉස්ලාමයට නිගරු කරන ආකාරයේ ක්‍රියාවක් සිදුකිරීම දේවාපහාස වරදයි. මුස්ලිම්වරයකු සිදුකළහොත් නිසැක ව මරණ දඩුවම ලබාදෙන්නේ මෙය විසින් ආගම අතහැරයාමක් ද සංයුක්ත වන නිසා ය. මුස්ලිම් නොවන්නන්ට ද මේ වරද සදහා දඩුවම් කරන අතර අතැම්විට මරණ දඩුවම ද ලබා දේ. ඉස්ලාමය වැළදගැනීමෙන් මරණ දඩුවමෙන් නිදහස් වීමට ඇතැම් මද්හබ් අවසර දෙයි.

වෙනත් ආගම්වල මේ කරුණු ගැන ඇත්තේ වෙනස් මත ය. නිදසුන් ලෙස බුදුදහම, ජෛනදහම වැනි ඇතැම් ආගම් අදේවවාදී ය. ඇතැම් කිතුදහම, හින්දු දහම වැනි ආගම්වල දෙවියන් ගැන ඇති මතය ඉස්ලාමීය මතයට වෙනස් ය. වක්තෘවරුන් සම්බන්ධව ද (යුදෙව් දහම, කිතු දහම) වැනි ආගම්වල මතය ඉස්ලාමයෙන් වෙනස් ය. ඔවුන්ට ඒ මත ප්‍රකාශ කිරීම, ප්‍රචාරය කිරීමෙන් තොර ව සිය දහම ඇදහීම හෝ ඉගැන්වීම කළ නොහැකි ය. අනෙක් අතට කලාකරුවන්, දාර්ශනිකයන්, හේතුවාදීන්. විද්‍යාඥයන් ට ද ආගමික විශ්වාස සමග ගැටෙන මත ඉදිරිපත් කිරීමට සිදු වේ. නමුත් ෂරියාවේ මෙම ප්‍රතිපාදනය නිසා මේ අයිතිය අහිමි වී යයි. බරපතල ම දෙය ඉස්ලාමයට අන් ආගම්වල දෙවියන්, වක්තෘවරුන් ගැන වෙනස් මත පැවසීමට අයිතිය ෂරියාව තුළ තිබුණත් අන් ආගම් එය ම කිරීම ඔවුන්ට අනුව අපරාධයක් වීම යි. මට මගේ ආගම ප්‍රචාරයට අයිතිය ඇති මුත් ඔබ එසේ කළහොත් මම ඔබ මරමි යි කීමකින් මෙය නොවෙනස් ය. දේවාපහාසයක් ලෙසින් සැලකේ. චෝදනා ලැබූ විට චෝදනාව අසත්‍ය බව ඔප්පු කිරීමේ භාරය චූදිතයාට පැවරෙයි.

මුහම්මද්, මුහම්මද්ගේ ඥාතීන්, සහබාවරු, අල්ලාහ්, කුරානය වැනි ඉස්ලාමය තුළ ශුද්ධත්වයෙන් පිළිගන්නා කවරක් හෝ සමබන්ධව හාසයක් දැනවීම හෝ එවැනි කතාබහක් මුස්ලිම් නොවන්නකු විසින් සිදුකරන විටක එය අනුමත කිරීමක් යැයි පෙන්විය හැකි හැසිරීමක් (විරෝධය නොපාමින් ඊට සවන් දීම) පෙන්වීම දේවාපහාසයකි. මෙය මුස්ලිම්වරයකු කළහොත් එය ආගම අත්හැරීමේ ක්‍රියාවක් වන අතර ඒ අනුව මරණ දඩුවම ලබා දේ.

ඉස්ලාම් දහමේ කිසියම් කරුණක්, නියමයක් හෝ මුහම්මද්ගේ චරිතයේ කිසියම් ලක්ෂණයක් පිළිබද විවේචනාත්මක අදහස් පළකිරීම, විවේචනාත්මක ලෙස ප්‍රශ්න කිරීම වුව ද ආගම අත්හැරීමේ ක්‍රියාවක් සහ දේවාපහාසයක් වේ.

මුස්ලිම් නොවන්නකු දේවාපහාසය කළ ද මරණ දඩුවම ලබාදෙන බවට නබිතුමාගේ ක්‍රියා නිදසුන් කරමින් පැවසිය හැකි ය. කුරානයේ වැකිවලට වඩා පැරණි අරාබි වීරකතා රසවත් යැයි කියමින් සිනාසුණු වරදට ඔහු නද්ර් ඉබ්න් අල් හාරිත් නමැති අරාබි වෛද්‍යවරයා ව ඝාතනය කරවී ය. තමා ව විවේචනය කරමින් පද්‍යයක් බන්ධනය කිරීමේ වරදට නබිතුමන් අබු අෆාක් නමැති 120 වයස් වූ සම්භාවනීය යුදෙව් පුද්ගලයකු සිය ගෝලයකු ලවා රහසින් ඝාතනය කරවී ය. ඒ ඝාතනය හෙලාදකිමින් පද්‍යයක් බන්ධනය කළ අස්මා බින්ත් මර්වාන් නමැති පස් දරු යුදෙව් මව ද සිය ගෝලයකු ලවා රාත්‍රියේ දී රහසින් මරා දමන ලදී. සැටනික් වර්සස් නවකතාව ලියූ සල්මන් රුෂ්ඩි ඝාතනය කිරීමට අයතුල්ලා කුමේනිතුමන් නියෝග කළේත්, එම කෘතියේ ඇතැම් පරිවර්තකයන් මරා දැමුණේ සහ මරාදැමීමට තැත් කළේත්, සිනමා අධ්‍යක්ෂක තියෝ වැන් ගෝ ඕලන්දයේ දී ම මරාදැමුණේත්, පොස්ටන් ජිලාන්ඩේ පුවත්පතේ මුහම්මද් කාටූන ඇදි කලාකරුවන්ට ඝාතන ප්‍රයත්න එල්ල වූයේත් මේ ආදර්ශ සහ මේ නීතිය නිසා ය. පහත දැක්වෙන්නේ ඉස්ලාමය විවේචනය කරන අන්‍යාගමිකයන් වුවත් මරාදැමිය යුතු බව සනාථ කරවන හදීසයකි.

අබ්දුල්ලාහ් ඉබ්න් අබ්බාස් පැවසුවේ ය. අන්ධ (මුස්ලිම්) මිනිසකු සතු ව (ඔහුට දාව) දරුවන් වැදූ වහල් ගැහැනියක් සිටි අතර ඇය නබි (සල්) තුමන්ට අවමන් හා පරිභව කරන්නට පුරුදු ව සිටියා ය. ඔහු ඇයට එය තහනම් කළ නමුත් ඕ එය නතර කළේ නැත. ඔහු ඇයට තදින් අවවාද කළ නමුත් ඇය ඉන් පසුවවත් සිය ගතිය අත් හළේ නැත. එක් රැයක ඇය පුරුදු පරිදි ම නබි (සල්) තුමා ගැන අවමන් බස් දොඩන්නට පටන් ගත්තා ය. කිණිස්සක් ගත් ඔහු එය ඇගේ උදරය පසා වන සේ තද කර ඇය ව ඝාතනය කළේ ය. ඇගේ දෙකකුල් අතරින් ආ දරුවෙක් එහි වූ ලෙයින් නැහැවී සිටියේ ය. ...නබි (සල්) තුමා අසලින් ඉදගත් ඔහු මෙසේ කීවේ ය. අල්ලාහ්ගේ දූතයාණෙනි, මම ඇගේ හිමිකරුවා වෙමි. ඇය ඔබට අවමන් අපහාස කිරීමට පුරුදු ව සිටියේ ය. මම ඇයට තහනම් කළෙමි. නමුත් ඇය නතර නොකළේ ය. මම ඇයට තරවටු කළෙමි. නමුත් ඇය පුරුද්ද අත් නොහළේ ය. මට ඇගෙන් මිණි කැට දෙකක් වන් දරු දෙදෙනෙක් විය. ඇය මගේ සහකාරිය විය. පෙර දින රාත්‍රියේ ඇය යළිත් ඔබට අවමන් අපහාස කිරීමට පටන් ගත්තේ ය. මම කිණිස්සක් ගෙන ඇගේ බඩ මතට තද කර ඇය ව මරා දැම්මෙමි. එවිට නබි (සල්) තුමන් මෙසේ පැවසුවේ ය. ඔබ සාක්ෂි දරනු, මැගේ ලෙය සදහා කිසිදු වන්දි මුදලක් නොදිය යුතු බව කියමි.
                                                    —සුනන් අබු දාවුද් 4361

හිස්බා

(මෙහි අරුත වගකීම යන්නයි) යනුවෙන් හැදින්වෙන්නේ සිය අසල්වැසියකුගේ හෝ ඥාතියකුගේ වැරදි හැසිරීමක්, එනම් ෂරියාව කඩකරන හැසිරීමක් හෝ ඉස්ලාමයට අපහාස වන ක්‍රියාවක් ගැන පාලකයාට (සුල්තාන්වරයාට/රාජ්‍ය ආයතනයන්ට) පැමිණිළි කිරීමට සෑම මුස්ලිම්වරයකු ම/වරියක ම සතු ආගමික යුතුකමයි. මේ ඔවුන් පිළිපැදිය යුතු නියමයකි. එවැනි පැමිණිළි ඉදිරිපත් වූ විට මැදිහත් වී හරි වැරැද්ද නියම කිරීම සහ ඒ අනුව කටයුතු තිරීමට අණ කිරීම ඉස්ලාමීය පාලකයාට දෙවියන් විසින් පැවරුණු වගකීමකි. ඒ සෑම දෙයක් ම නිසි පරිදි ෂරියාවට අනුව සිදුවන ලෙස වගබලා ගැනීම සදහා ය. හිස්බා පිළිවෙත යටතේ මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු, හිටපු මුස්ලිම්වරයකු හෝ මුස්ලිම්නොවන්නකු සම්බන්ධයෙන් ඉස්ලාමීය සමාජයට හානිකර විශ්වාස හෝ හැසිරීම් පෙන්නුම් කරන බවට චෝදනා කිරීමට අවස්ථාව සැලසේ.


සමලිංගිකයන්ට මරණය ඇතුලු ලිංගික සුලුතර පිරිස් කෙරෙහි වෛරසහගත වීම

අබ්දුල්ලාහ් ඉබ්න් අබ්බාස් පැවසුවේ ය.

නබිතුමන් මෙසේ පැවසුවේ ය. කිසිවකු ලූත්ගේ සමූහය කළාක් මෙන් කරනු දුටුවහොත් එය සිදු කළ පුද්ගලයා මෙන් ම එයට මුහුණදුන් පුද්ගලයා ද මරාදමන්න.

(සහීහ්) සුනන් අබු දාවුද් 40: 112


ඉබ්න් අබ්බාස් පැවසුවේ ය.

ස්ත්‍රී ගති ඇති පිරිමින්ට සහ පිරිමි සේ හැසිරෙන කාන්තාවන්ට නබිතුමා සාප කළේ ය. ඔහු මෙසේ ද පැවසුවේ ය. “එවැන්නන් ව ඔබේ නිවෙස්වලින් පන්නා දමනු.” ඔහු එවැනි කීපදෙනෙක් එලෙස පන්නා දැමූ අතර උමර් ද එවැන්නෙකු ව පන්නා දැමුවේ ය.

 - බුහාරි (6834/8:82:820) සහ බුහාරි (5886 / 7:72:774)

මේ මත පදනම් වී ෂරියා නීතිය තුළ සමලිංගකයන් මරා දමති. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ. එය ස්වාභාවික නැතහොත් සහජයෙන් එන ස්වභාවයකි. එනම් ඇතැම් අය උපත ලැබීමේ දී ඔවුන්ගේ කායික ශරීරයට නොගැලපෙන මානසික ශරීරයකින් යුතු ව උපත ලබති. නිදසුන් ලෙස පිරිමි සිරුරකින් (පිරිමි ලිංගික අවයව සහිතව) උපත ලබන දරුවකු ගැහැනු ළමයකුගේ මනසක් සහිත ව උපත ලැබිය හැක. ඒ අනුව ඔහුට පිරිමි සිරුරක් තිබුණ ද ගැහැනියක ලෙස දිවිගෙවීමට ඇවැසි විය හැක. ඔවුන් විසින් ම තෝරා නොගත් තත්ත්වයක් මත ඔවුන් ව දඩුවමට ලක්කිරීම වැරදි ය. මොවුන් සිය ලිංගභාවය සැත්කමකින් වෙනස් කරගත්ත ද ෂරියා නීතිය තුළ එය ද වරදකි. ගැහැනුන් ව අනුකරණය කරන පිරිමින්ටත්, පිරිමින් ව අනුකරණය කරන ගැහැනුන්ටත් මුහම්මද් නබි (සල්) තුමන් වරක් සාප කර ඇති බැවිනි. ඉස්ලාමය ඔවුන්ට ලබාදෙන එකම විකල්පය වන්නේ මෙවැනි තත්ත්වයකට තමන් පත්කර ඇත්තේ දෙවියන් පරීක්ෂාවක් ලෙසින් සිතා එම පරීක්ෂාව සමත් වීම පිණිස සිය මනසට එරෙහි ව ක්‍රියාකිරීමයි. එහෙත් මෙය සෞඛ්‍යසම්පන්න හෝ විද්‍යානුකූල කරුණු අනුව ප්‍රායෝගික වූ හෝ විසදුමක් නොවේ.

ලිංගික වහල් සේවය

යුද්ධයෙන් අල්ලාගන්නා කාන්තාවන් සමග ලිංගික ව එක්වීමට ඔවුන්ගේ හිමිකරුවන්ට කුරානය විසින් අවසර දී තිබේ. එහි දී ඔවුන් විවාහ කරගැනීමක් අවශ්‍ය නොවේ. මක්නිසාද යත් විවාහක බිරියන්ට අමතරව වෙන ම පිරිසක් ලෙස සදහන් කර ඇති බැවිනි.

එහෙත් ඔවුන් තමන්ගේ භාර්යාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රින් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ.

- කුරානය 23: 6 

ස්ත්‍රීදූෂණය යනු කාන්තාවක් සමග ඇගේ කැමැත්තකින් තොර ව ලිංගික සංසර්ගයේ යෙදීම යි. යුධසිරකාරියන් දූෂණය කිරීමට ඉස්ලාමය තුළ ඉඩක් නැතැ යි කීමට පහත් කරුණු දෙකින් එකක් තෘප්ත වී තිබිය යුතු ය.

1. යුධසිරකාරියන් සමග ලිංගික ව එක්වීමට ඔවුන්ගේ කැමැත්ත තිබිය යුතු බව පවසන කිසියම් කුරාන වැකියක් හෝ හදීසයක් තිබිය යුතු ය.

2. යුධසිරකාරියන් දූෂණය කිරීම තහනම් කර එම වරදට දඩුවමක් දක්වා තිබෙන කිසියම් හෝ කුරාන වැකියක් හෝ හදීසයක් තිබිය යුතු ය. 

මේ දෙකින් එකක්වත් නොමැති නම් ඉස්ලාමය යුධසිරකාරියන් දූෂණය කිරීමට ඉඩ දී ඇති බව නිගමනය කිරීම සාධාරණය. මක්නිසාද යත් යුධසිරාකරියන් සමග මුස්ලිම් සෙබලුන්ට ලිංගික ව එක්වීමට ඉඩ දී තිබෙන නමුත් ඔවුන් සිය හිමිකරුවන් වෙතින් දූෂණය වීම වැළැක්වීමට කිසිදු උත්සාහයක් දරා නැති බැවිනි. ඉස්ලාමය පරිපූර්ණ, අංගසම්පූර්ණ, ප්‍රායෝගික, කොයි කවර කාලයක සෑම අවස්ථාවකට ම අදාල කළ හැකි අන් සෑම නීතියකට ම වඩා දියුණු නීති සංග්‍රහයක් බව මුස්ලිම්වරුන් පවසන බැවින් මෙවැනි හිඩැසක්, හිඩැසක් ලෙස නොව ප්‍රතිවිපාක දනිමින් අදාල කරුණ ගැන නිහඩවීමක් ලෙස වටහාගත යුතු ය. යුද්ධයෙන් අල්ලාගත් කාන්තාවන්ට සැමියන් සිටීම ඔවුන්ගේ හිමිකරුවන්ට ඔවුන් සමග ලිංගිකව එක්වීම වළක්වන්නක් නොවන බව කුරානයේ 4: 24 වැකිය පවසයි.

සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ) ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර.

- කුරානය 4: 24 

මෙම වැකිය පහළ කිරීමට හේතු වූ අවස්ථාව සුනන් අබිදාවුද්හි මෙලෙස සදහන් වේ.

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි.

හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින් ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර.

- සුනන් අබුදාවුද් 2150

මුස්ලිම්වරුන් මෙලෙස ලිංගිකව එක්වුණු බව පැවසෙන්නේ ඔවුන් විසින් සැමියන්, නෑ මිතුරන්, පියවරුන් මරා දමා සිරභාරයට ගත් කාන්තාවන් පිරිසක් සමග ය. මෙම කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් තමන්ට අවි ආයුධ මිලට ගැනීමට හමුවන ළගම වහල් වෙළදපොළේ දී විකිණීමට සිටි අය යි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය සැමියන් ද සිටිය දී සිය ළග ම ඥාතීන් මරා දැමූ හමුදාවකට තමන් සමග ලිංගික ව එක්වීමට කැමැත්තෙන් ඉඩ දෙනු ඇතැ යි සිතිය නොහැකි ය. ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමක් ගැන කිසිදු සදහනක් මෙහි හෝ මේ සම්බන්ධ වෙනත් කිසිදු හදීසයක හෝ කුරානයේ හෝ දක්නට ද නොමැත.

සයියද් අබුල් අලා මවුදුදි (මෑත කාලයේ සිටින ප්‍රබල කුරාන අර්ථ විචාරකයෙකි) සදහන් කරන්නේ ෂාෆි ඉ සහ මාලිකි මද්හබ්වල මතය අනුව සැමියා සමග ම අත්අඩංගුවට ගත් විවාහක කාන්තාවක් සමග වුවද ලිංගික ව එක්වීමට හෝ විවාහ කරගැනීමට මුස්ලිම් සෙබලුන්ට අයිතිය ඇති බව යි.

ඉස්ලාමයේ ස්ත්‍රිදූෂණය ගැනෙන්නේ සිනා වරදක් ලෙස ය. සිනා වැරදි යනු ඉස්ලාමය අනුව නීතිවිරෝධී වන ඕනෑම ලිංගික ක්‍රියාවකි. සිනා වැරදි අදාල වන්නේ නිදහස් මුස්ලිම්වරුන්ට පමණි. එය යුධසිරකරුව්නට/කාරියන්ට අදාල නොවන්නේ ඔවුන් සැලකෙන්නේ ද යුද්ධයෙන් අල්ලාගත් දේපලක් ලෙස බැවිනි. වෙනත් ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් කරන පරිද්දෙන් ඔවුන් ව වෙනත් අයකුට බාරදීම හෝ විකිණීම කළ හැකි ය. "ඉස්ලාම්භීතිකාව විවෘත දෑසින්" මැයෙන් සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමය විසින් ලියන ලද පොතේ දෙවන වෙලුමේ 92 පිටුවේ සදහන් වන්නේ ද ජිහාඩයක දී අල්ලාගන්නා අන්‍යාගමික ජනතාව ද ඉස්ලාමීය නීතිය යටතේ සැලකෙන්නේ වස්තු/භාණ්ඩ වශයෙන් බවයි. ඉහත අප සදහන් කළ එක කරුණක්වත් නොමැති බව ඔබට ම පැහැදිලි වන්නට ඇතැ යි සිමු. එසේ නොවී නම් අප ලියා ඇති මේ ලිපිය කියවා තේරුම් ගැනීමටත් එහි කරුණු ගැන විවේචනයක් ඇත්නම් පිළිතුරක් එවීමටත් පුලුවන.

ස්ත්‍රීදූෂණය ඔප්පු කිරීම

ෂරියා නීතිය තුළ ස්ත්‍රීදූෂණය යනු සිනා වැරදි (විවාහයෙන් බැහැර ලිංගික හැසිරීම්) වල ම එක් ප්‍රභේදයකි. විවාහයෙන් බැහැර ව සිය කැමැත්තෙන් යුවළක් ලිංගික ව එක්වීම ඉස්ලාමය තුළ ගල්ගසා මැරිය හැකි වරදක් හෙයින් ස්ත්‍රීදූෂණයකට ලක් වූ කාන්තාවකට ද තමන් එම ක්‍රියාවට කැමැත්තෙන් සහභාගී නොවූ බව ඔප්පු කිරීමට සිදු වේ. නැතිනම් අනාචාරයට ලබා දෙන දඩුවම ඇයට ද ලබා දේ. කුරානයේ 24: 4 අනුව සිනා වරදක් ඔප්පු කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන් 4ක් සිටිය යුතු ය. කුරානයේ 2: 282 වැකිය අනුව කාන්තාවක් උසාවිය හමුවේ දෙන සාක්ෂිය පිරිමියකු දෙන සාක්ෂියෙන් අඩක් වන නිසා මේ සාක්ෂි 4 පිරිමි සාක්ෂි විය යුතු ය. නැතිනම් එක් පිරිමියකුගේ සාක්ෂිය වෙනුවට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය ද බාරගැනෙනු ඇත. යම්කිසි කාන්තාවක් මෙසේ කාන්තාවන් දෙදෙනා බැගින් හෝ පිරිමි හතරක් නොසිටි හෝ ඔවුන් නොදුටු, නොඇසෙන තැනක දී දූෂණයට ලක් වී ෂරියා අධිකරණයේ පිහිට පැතුවා යැයි සිතමු. ෂරියා අධිකරණය කරන්නේ ඇය නිරපරාද පුද්ගලයකුට සිනා වරදක් සදහා චෝදනා කළ නිසා කුරානයේ 24: 13ට අනුව ඇයට කසපහර 80ක් ගැසීමට නියම කිරීමයි. යම්හෙයකින් ඇය පැමිණිළි නොකර සිටියා යැයි සිතමු. එම දූෂණය හේතුවෙන් ඇය ගැබ්ගතහොත් ෂරියා අධිකරණය කරන්නේ ඇගේ දූෂකයාත්, ඔහුත් යන දෙදෙනාට ම ගල්ගසා මැරීමේ දඩුවම නියම කිරීම ය. එසේ මරණයට ලක්වීමට ඇය කළ එකම වරද වන්නේ පිරිමි හතරකගේ ඇස් ඉදිරිපිට දූෂණයට ලක් නොවීම ය. මෙය මගේ උපකල්පනයක් නොවේ. ෂරියා නීතිය මුලුමනින් ම ක්‍රියාත්මක වන සවුදියේ අනන්තවත් සිදු වී තිබෙන දෙයයි. බොරු නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා බැලිය හැක.

මක්නිසාද යත් ඇයට තමන් එම හැසිරීමට කැමැත්තෙන් එක් නොවුණු බව (තමන් එයට විරෝධය පෑ බව, කෑගැසූ බව) පෙන්වීමට සාක්ෂි (ඒ බව දුටු/ඒ හඩ ඇසුණු අය) ගෙන ඒමට නොහැකි හෙයිනි. ස්ත්‍රීදූෂණ සිදුවන්නේ ජනාකීර්ණ ස්ථානවල නොවේ. බොහෝ විට ඇය පමණක් හුදකලාව සිටින විටක ය. ඇය ඇගේ යෙහෙළියක් සමග සිටියත්, එය පිරිමි දෙදෙනෙක් විසින් දැක තිබුණත් ඇයට ගැලවුමක් නැත. සාක්කි නිසි ලෙස සම්පූර්ණ කර නැත. අනෙක් අතට ඇය වුවමනාවට වඩා වැඩියෙන් විරෝධය පළ කළත් එවිට ද වරදකාරිය ඇය ම ය. වරක් සවුදිය කාන්තාවකට මරණ දඩුවම ලබාදුන්නේ ඇය ව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයා ඇය අතින් මියගිය වරදට ය. මට සිතාගන්නට බැරි අල්ලාහ්ට (මුහම්මද්ගේ විකල්ප මමත්වයට) අඩු ප්‍රඥ්ඥාව ද, සංවේදීකම ද නැත්නම් දෙකම ද යන්නයි.

ළමාවිවාහ

ෂාෆි ඉ මද්හබයේ ෂරියා අත්පොත වන Reliance of the Traveler ග්‍රන්ථයට අනුව වැඩිවියට පත් නොවූ දැරියක් හෝ දරුවෙක් පවා ඇගේ හෝ ඔහුගේ පියාගේ තනි කැමැත්ත මත විවාහ කර දිය හැකි ය.

ගෘහස්ත හිංසනය

කාන්තාවන්ගේ පරිපාලකයන් වශයෙන් පිරිමීහුම සිටින්නෝය. මන්දයත් ඔවුන්ගෙන් කෙනෙකුට වඩා අනිත් කෙනාව අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. හැරත් ඔවුහු තමන්ගේ වස්තුව කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ. එබැවින් හොද සීලාචාර ගති පැවතුම් ඇති කාන්තාවෝ අල්ලාහ්ටද ස්වාමිපුරුෂයාටද යටහත් පහත් වී කටයුතු කරන්නාහ. තමන්ගේ ස්වාමිපුරුෂයා ඉදිරියේ නැති අවස්ථාවන්හිදී ආරක්ෂා කරගත යුතුය යනුවෙන් අල්ලාහ් කැමති වන දෙය (තමන්වද ස්වාමිපුරුෂයාගේ වෙනත් වස්තූන්ද) ඉතාමත් ප්‍රවේශමෙන් ආරක්ෂා කරගන්නාහ. කවුරුන් හෝ ස්වාමිපුරුෂයාට වෙනස්කම් කරනු ඇතැයි ඔබ බිය වුවහොත්, ඇයට හොද ඔවදන් ලබා දෙනු. එයින් ඇය නිවැරදි නොවුවහොත් යහනාවෙන් ඈත් කර තබනු. එයිනුත් ඇය පිළිසකර නොවුවහොත් ඇයට ගසනු. එමගින් ඇය ඔබට අවනත වුවහොත් ඇය කෙරෙහි වෙනත් වැරදි පැටවීමට කිසි මාර්ගයක් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ශ්‍රේෂ්ඨවන්තයකු හා අති විශාලවන්තයකුද වශයෙන් සිටින්නේය.

(අන් නිසා - 34) 

මෙම කුරාන වැකිය මත පිහිටමින් අවනත නොවන අවස්ථාවක දී සිය බිරිදට තැලීමට ඉස්ලාම් නීතිය අනුව සැමියාට අවසර තිබෙන බව පිළිගෙන තිබේ. මුහම්මද් මෙන් ම ඔහුගේ ගෝලයන් ද කාන්තාවන්ට මේ අන්දමින් සැලකීමට පසුබට නොවූ බව පහත හදීසවලින් පැහැදිලි වේ.

ආයිෂා, ඔබ හතිදමන්නේ ඇයි? ඔහු විමසුවේ ය. කිසිවක් නැතැ යි මම කීමි. සගවන්නේ නැතිව කියනවා නැතිනම් අල්ලාහ් මාව දැනුවත් කරාවි යැයි හෙතෙමෙ පැවසී ය. නබිතුමනි, මම පියා හා මව ඔබට ගැති වේවා කියූ මම ඔහුට සියලු ම විස්තරය පැවසුවෙමි. අදුරේ මා ඉදිරියෙන් දුටුවේ ඔබේ ඡායාව දැයි හෙතෙම විමසී ය. මම ඔව් කීමි. ඔහු මගේ පපුවට දුන් පහරින් මට වේදනාවක් දැනිණ.

- සහීහ් මුස්ලිම් 4:2127 

රිෆා සිය බිරිද දික්කසාද කළ පසු අබ්දුර්රහ්මාන් අස්-සුබයිර් අල් කුරාසි ඇයව විවාහ කරගත්තේ ය. ඇය කොලපැහැ වස්ත්‍රයකින් සැරසී පැමිණ සිය සැමියා ගැන තමන්ට පැමිණිලි කරමින් ඇගේ ශරීරයේ වූ පහර කෑමෙන් කොලපැහැ ගැන්වුණු තැනක් පෙන්වුයේ යැයි අයිෂා කීය. "ඉස්ලාම් කාන්තාවක් තරම් දුක්විදින කාන්තාවක් මම දැක නැත්තෙමි. බලන්න, ඇගේ සම ඇගේ වස්ත්‍රයේ කොලපැහැයටත් වඩා තැල්මෙන් කොලපැහැ ගැන්වී තිබේ.” යැයි අයිෂා පැවසුවා ය.

- සහීහ් අල් බුහාරි 5825

ගෘහස්ත හිංසනයට අනුබල දෙන මෙම ෂරියා ප්‍රතිපාදන නිසා මැදපෙරදිග රටවල කාන්තාවන්ගේ තත්ත්වය අද ද එදා මීට නොවෙනස් බව ඔවුන්ගෙන් අසා දැනගත හැකි ය.

වෛවාහක ස්ත්‍රීදූෂණය

ඔබේ භාර්යාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබ කැමති විටක, කැමති ආකාරයකින් ඔබේ කෙතට ඇතුලුවන්න.

- කුරානය 2:223

අබු හුරයිරා විසින් පවසන ලදී. සැමියකු සිය බිරියට තමන් සමග ලිංගික ව එක්වීමට ඇරයුම් කළ විටක ඇය එය ප්‍රතික්ෂේප කර ඔහු ට කේන්තියෙන් නිදන්නට සැලැස්සුවහොත් එදින රැය පහන් වන තුරු දේවදූතයන් ඇයට සාපකරන්නේ ය යනුවෙන් අල්ලාහ්ගේ දූතයා පැවසීය.

සහීහ් අල්-බුහාරි 3237

මේ අනුව යමින් ඉස්ලාම් නීතිය තුළ විවාහකයෙකු සිය බිරිද සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම වරදක් නොවන බව ඉස්ලාමීය නීති විද්වතුන් තීරණය කර තිබේ. එනම් විවාහක බිරිදක් සිය සැමියා වෙතින් දූෂණයට ලක් වීම දූෂණයක් ලෙසින් පිළි නොගැනේ. එය සැමියාගේ අයිතියක් ලෙස හදුනාගැනේ. මෙහි දී අවංකව පැවසිය යුතු දෙය නම් නූතන නීති ක්‍රමවල ද දියුණු රටවල් කිහිපයක් හැර මේ තත්ත්වය මෙලෙසින් ම පවතින බවයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නිති සංග්‍රහය තුළ පවා වෛවාහක ස්ත්‍රීදූෂණයක් සිදුවන්නේ බිරිදි සැමියාගෙන් නෛතික වෙන්වීමක් දී තිබෙන අවස්ථාවක සැමියා ඇගේ කැමැත්තෙන් තොර ව සංසර්ගයේ යෙදුණහොත් පමණි.

අධිකරණ පරිපාටියේ දුර්වලතා සහ අසමානතා

ෂරියා අධිකරණවල ප්‍රමුඛත්වය ලැබෙන්නේ වාචික සාක්ෂි(දිවුරුම්)වලට ය. යමක් සත්‍ය බව තෙවරක් දිවුරා සිව්වැනි වර තමා පවසන්නේ අසත්‍යයක් නම් තමන් මත අල්ලාහ්ගේ සාපය පතිත විය යුතු යැයි පැවසිය යුතු ය. මුස්ලිම්වරයකු මෙසේ කියමින් අසත්‍ය්‍යක් පවසන්නේ නැත යන උපකල්පනය මත ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විචාරීමක් නැත. ඔවුන් අසත්‍යයක් දිවුරුවත් එය පිළිගනු ලැබේ. තාක්ෂණික කරුණු විභාගවලට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ වාචික දිවුරුමට ය. නීතිඥ නියෝජනයක් නැත. ජූරි සභාවක් නැත. අභියාචනා කිරීම් නැත. විනිසුරුවරුන් පෙර තීරණවලින් බැද තැබෙන්නේ නැත. ෂරියා විනිසුරුවරයාට පෙනී යන දෙය ම පමණි. ෂරියා අධිකරණවල යොදාගැනෙන මේ දුර්වල අධිකරණ පරිපාටිය චූදිතයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට අසමත් වන අතර ස්ත්‍රී දූෂකයන්ට බේරීයාමටත්, නිරපරාද පුද්ගලයන් ව ඝාතනයටත් අවස්ථාව ලබා දේ. රිසානා ඝාතනය එක් නිදසුනක් පමණි. තාක්ෂණික කරුණු විචාරීමක් හෝ එවැන්නක් ඇය වෙනුවෙන් ඉල්ලුම් කිරීමට නීතිඥ නියෝජනයක් විණි නම් අත්වැරැද්දක් බව පෙන්වා එය වළක්වා ගන්නට තිබුණි. නමුත් ෂරියාවේ එවැනි දේට ඉඩ නැත.

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි මුස්ලිම්වරයකුගේ සාක්ෂි තරම් විශ්වසනීය ලෙස නොපිළිගැනෙන බැවින් සහ මුස්ලිම්වරයකුගේ සාක්ෂිය වඩා ප්‍රමුඛ වන බැවින් මුස්ලිම්වරයකු මුස්ලිම් නොවන්නකුට වරදක් කළොත් සහ එහි දී සාක්ෂි දෙන මුස්ලිම්වරු/වරයා පක්ෂග්‍රාහී වුවහොත් මුස්ලිම් නොවන්නාට දෙයියන්ගේම පිහිට ය. පුද්ගලයකුගේ අවංකකම රදාපවතින්නේ ගතිගුණ මත මිස අදහන ආගම හෝ ජාතිය මත නොවේ.

මුස්ලිම් නොවන්නන් සදහා දියා හෙවත් ලේ වන්දි මුදල

එමෙන් ම මුස්ලිම් නොවන්නකුට ලැබෙන්නේ මුස්ලිම්වරයකුට ලැබෙන ලේ වන්දි මුදල (දියා) ට වඩා ඉතා අඩු අගයකි. ෂාෆි ඉ මද්හබයට අනුව මුස්ලිම්වරයකුගේ දියා මුදල යුදෙව්වකුගේ/කිතුනුවකුගේ දියා මුදලට වඩා තුන්ගුණයකින් වැඩි ය. මැගියන්වරුන්ට එය මුස්ලිම්වරයාගේ මෙන් 15න් පංගුවකි. හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන පරිදි සවුදියේ යුදෙව්/කිතුණු අයට ලැබෙන දියා මුදල මුස්ලිම්වරන්ට දෙන මුදලින් අඩක් වන අතර අනෙකුත් ආගම් අදහන අයට එය 16න් පංගුවකි. මෙය මුස්ලිම් නොවනන්ගේ ජීවිත මුස්ලිම්වරුන්ගේ ජීවිතිවලට වඩා වටිනාකමින් අඩු ය කීමක් වැනි ය. ජීවිතයක වටිනාකම තීරණය වන්නේ අදහන ආගම අනුව ද?

අනාචාරය ආදිය අපරාධ වීම

ෂරියා නීතියට අනුව විවාහක මුස්ලිම් පිරිමියකු අනෙකකු හා විවාහක ව සිටින මුස්ලිම් ගැහැනියක හා ලිංගික ව එක්වුවහොත් දෙදෙනා ම ගල්ගසා මැරිය යුතු ය. අවිවාහක මුස්ලිම් යුවළක් එකනෙකා සමග ලිංගිකව එක්වුවහොත් දෙදෙනාට ම කසපහර 100ක් බැගින් ගැසිය යුතු ය. එක් අයෙක් විවාහකයෙක් නම් ඔහු/ඇය ව ගල්ගසා මැරිය යුතු ය. අපරාධ යනු සොරකම, මංකොල්ලකෑම, අපහාස කිරීම, ඝාතනය වැනි අන්‍යයන්ට හානිකරන ක්‍රියා ය. අනාචාරය හෝ විවාහ පූර්ව මෛථූන්‍ය එවැනි දඩුවම් කළ යුතු ගණයේ අපරාධ ක්‍රියා නොවේ. අනාචාරය කෙසේවෙතත් විවාහ පූර්ව මෛථූන්‍යය දඩුවම් ලැබිය යුතු වරදක් වීමට කිසිදු පදනමක් නැත. ආගම් අනුව යමක් කෙතරම් පවක් වුවත් අන්‍යයන්ට හිරැහැර නොවන්නේ නම් රජය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධව මැදිහත් විය යුතු නැත. එය නූතන රාජ්‍ය්‍යට පටහැනි ය. නූතන රාජ්‍ය්‍ය යනු ආගමත් රජයත් වෙන් කළ එකකි. මෙය මුස්ලිම් මනසට ආගන්තුක ය.

සොරකමට අත කැපීම

පිරිමි වුවද, ගැහැනු වුවද, කවුරුන් සොරකම් කළද, (මෙම නපුරු) ක්‍රියාවට දඩුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා වෙන්කර දමනු. (මෙය) අල්ලාහ් විසින් ඇති කරන ලද ආදර්ශමත් දඩුවමකි. අල්ලාහ් බලසම්පන්න වන අතර ඥානවන්තයකු වශයෙන් සිටින්නේය.

- කුරානය 5: 38 

සොරකම යනු සුළු අපරාධයකි. මංකොල්ලකෑම බරපතළ අපරාධයකි. සොරකමට සුලු දඩුවම් ලබාදෙන්නෙත් මංකොල්ලකෑමට දැඩි දඩුවම් ලබාදෙන්නෙත් එබැවින් ය. සොරකම තුළ නැති ප්‍රචණ්ඩත්වය යොදාගැනීම හෝ යොදාගන්නා බවට බියගැන්වීම යන අංගය මංකොල්ලකෑම තුළ ඇති බැවිනි. සුළු අපරාධයකට ලැබිය යුත්තේ දඩයක්, සිරදඩුවමක් වැනි සුලු දඩුවමක් මිස අත කැපීම වැනි බරපතල දඩුවමක් නොවේ. අල්ලාහ් ඥානවන්තයකු යැයි කියමින් කුරාන වැකිය අවසන් වුවත් මේ වැකිය පෙන්යන්නේ ඔහුගේ අනුවණකමේ තරම ය. දිවිරැකගැනීමට ක්‍රමයක් නැති කමින් සොරකම් කරන්නෙකු හමුවුවහොත් ෂරියාව යටතේ ඔහුගේ අත ද කපාදමනු ඇත. එක් අතක් අහිමි වූ බැවින් වැඩපළක නියැලී ඉපැයීම දුෂ්කර වන ඔහු යළිදු සොරකම් කරනු ඇත. එවිට ප්‍රඥාවන්ත අල්ලාහ්ගේ නියමයට අනුව ඔහුගේ දෙවන අත ද කපාදමනු ඇත. දැන් දෑත ම නැති බැවින් ඔහුට සොරකම් නම් කළ නොහැකි වනු ඇත. නමුත් අමන නීතියක් සාමාන්‍ය දඩුවමකින් වරදට බියගන්වා යහමගට ගත හැකි ව තිබූ ජීවිතයක් විනාශ කළේ නොවන්නේ ද?

ඇසට ඇස, දතට දත, ලෙයට ලෙය

විශ්වාසවන්තයිනි, ඝාතනය සදහා පළි ගැනීම ඔබ කෙරෙහි නියම කරනු ලැබ ඇත්තේය. (එබැවින් මිනීමරුවා) නිදහස් මිනිසෙකු වුවහොත් නිදහස් ඔහුවම, වහලෙකු වශයෙන් සිටියහොත් එම වහලාවම, කාන්තාවක් වුවහොත් එම කාන්තාවම (ඔබ ඝාතනය කර දමනු.)

- කුරානය 2: 178-179 

ඇසට ඇසක් හා දතට දතක් යන නීතිය අප සැවොම අන්ධයන් කරනු ඇත.

- මාර්ටින් ලූතර් කිං

ඉස්ලාම් නීතිය අනුව ඝාතන සදහා ඝාතකයාගේ මරණය ම සිදුවිය යුතු ද නැතිනම් වන්දි මුදලකින් සෑහීමට පත් වන්නේ ද යන්න වින්දිත පාර්ශ්වයේ කැමැත්ත මත තීරණය වේ. ගල්ගසා මරන්නේ ද ප්‍රජාව විසිනි. මේ සියලු පිළිවෙත් වෛරය හා පළිගැනීමේ මානසිකත්වය වැඩිකරයි.

ඉස්ලාමීය රාජ්‍යය තුළ මුස්ලිම් නොවන්නන්ගේ තත්ත්වය

ඉස්ලාමීය පාලකයන් සිය පාලන තුළ සිටි මුස්ලිම් නොවන වැසියන්ට කිසිදු හිංසාවක් නොකළ බවත් ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් හා අනෙකුත් මානව අයිතිවාසිකම් ලබාදුන් බවත්, වෙනස්කම් පීඩා ආදිය නොකළ බවත් මුස්ලිම්වරු සහතික කර පවසති. නමුත් දෙවැනි උමර් කාලිෆ්වරයා සහ ජෙරුසලමේ කිතුනුවන් හා යුදෙව්වන් සමග අත්සන් කෙරුණු ගිවිසුමේ (ඔවුන්ගේ ජීවිත, ධනය හා සිද්ධස්ථාන ආරක්ෂා කෙරෙන බවට පවසමින් ඇරඹුණත්) පහත සදහන් කොන්දේසි ඔවුන් මත පණවා තිබුණි. ඔබ මුස්ලිම්වරයකු නම් මේ සෑම වැකියක් ම ඔබට ඔබේ ආගමට ආදේශ කරගනිමින් එනම්, කිතුණු/යුදෙව්/මුස්ලිම් නොවන යන වදන් වෙනුවට මුස්ලිම් යනුවෙනුත් මුස්ලිම් යන වදන වෙනුවට සිංහල-බෞද්ධ යනුවෙනුත් යොදාගනිමින් කියවන්න. අනෙක් තැන් ද එලෙස ම ගැලපෙන පරිදි වෙනස්කර ගනිමින් කියවන්න.

උමර්ගේ ගිවිසුම

  • මුස්ලිම්වරුන්ට විශේෂ සැලකිලි දැක්විය යුතු වීම. මුස්ලිම්වරයකු අසුන් ගැනීමට කැමති නම්, අසුන් ගෙන සිටින මුස්ලිම් නොවන අයකු සිය අසුනින් නැගී සිට එය මුස්ලිම්වරයාට අසුන් ගැනීම සදහා දිය යුතු ය. 
  • Palm sunday සහ පාස්කු දින පෙරහැර තහනම් ය. කිතුණු පල්ලිවල කුරුස එල්ලා තැබීම තහනම් ය. 
  • දවාලේ හෝ රාත්‍රියේ හෝ විවේක ගැනීමට අවශ්‍ය වූ විට කිතුණු පල්ලි හෝ යුදෙව් සිනගෝග තුළට ඇතුලු වීමට මුස්ලිම්වරුන්ට ඉඩ දිය යුතු ය. කිතුණු පල්ලිවල ඝණ්ඨාර අඩු හඩකින් නාද කළ යුතු ය. 
  • මුස්ලිම්වරුන්ගේ ආසන්නයේ තිබෙන හෝ කිතුණුවන්ගේ/යුදෙව්වන්ගේ ආසන්නයේ හෝ තිබෙන විනාශ වුණු කිතුණු පල්ලි නැවත ගොඩනැගීම සපුරා තහනම් ය. 
  • මුස්ලිම් නොවන්නන්ගේ සිද්ධස්ථාන නගරයේ තිබෙන මිටි ම මුස්ලිම් පල්ලියට වඩා උසින් අඩු විය යුතු ය. 
  • මුස්ලිම් නොවන්නන්ගේ නිවෙස් මුස්ලිම්වරුන්ගේ නිවෙස්වලට වඩා උසින් වැඩි නොවිය යුතු ය. 
  • නව කිතුනු පල්ලි, යුදෙව් සිනගෝග, ආරාම හෝ එවැනි කුටියක් පවා ගොඩනැගීම තහනම් ය. (මේ නීතිය යුදෙව් ජනතාවට බයිසැන්තියානු අධිරාජයේදීත් පණවා තිබුණු නමුත් කිතුණුවන් වෙතට ද අදාල කරන ලද්දේ මුස්ලිම්වරුන් විසිනි.) 
  • ඉස්ලාමයෙන් වෙනත් ආගමකට හරවා ගැනීමේ අදහසින් මුස්ලිම්වරුන්ට ආගම් ප්‍රචාරය කිරීම තහනම් ය. (මුස්ලිම්වරුන්ට අන් ආගම්වලින් සිය ආගමට බදවා ගැනීමට තිබෙන අයිතිය අනික් ආගමිකයන්ට මුස්ලිම්වරුන් උදෙසා නොවී ය.) 
  • ඉස්ලාමය වැළදගන්නා අයකු එසේ කිරීමෙන් වැළැක්වීම තහනම් ය. (ඉහත තිබෙන සීමාකිරීමෙන් මුස්ලිම්වරුන් අන්‍යාගම්වලට හරවා ගැනීමට තිබෙන අයිතිය අන් ආගමිකයන්ට අහිමි කරන මුස්ලිම්වරු සිය ආගමික පිරිස ආගමෙහි රදවා ගැනීමට අන්‍යයන්ට තිබෙන අයිතිය මෙයින් තහනම් කරති.) 
  • කිතුණුවන්ට සිය ආගමික සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් වූ අතර ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ හෝ සංකේත සමග ප්‍රසිද්ධියේ පෙනී නොසිටිය යුතු විය. එනම් මාවත්වල හෝ මුස්ලිම්වරුන්ගේ වෙළදසැල්වල නොසිටිය යුතු විය. 
  • කිතුණුවන් සහ යුදෙව්වන් දේවමෙහෙයන්හි දී සිය හඩවල් උස් හඩින් භාවිතා කිරීම තහනම් විය. අවමගුල් නිහඩ ව සිදු කළ යුතු විය. 
  • තමා පසුකර යන මුස්ලිම්වරයකුට මුස්ලිම් නොවන්නකු අවම දින 3ක් වත් නවාතැන් හා ආහාර දිය යුතු විය. 
  • සැදලයක් මත අසුන්ගෙන අසුන් මත යාම මුස්ලිම් නොවන්නන්ට තහනම් විය. 

මෙම කොන්දේසි කලු ජාතිකයන් මත පණවා තිබූ ඇපාතීඩ් නීතිවලින් නොවෙනස් ද? සැබවින් ම ඇපතීඩ් නීති මෙ තරම් අමානුෂික නැත. මෙවැනි නීති අප ඔබ මත පැණවුවහොත් ඔබට ඇතිවනු ඇත්තේ කවර හැගීමක් ද? එවැන්නකට ඔබ ප්‍රතිචාර දක්වන විලාසය සිතාගන්නට අපට අපහසු නැත්තේ ඉතා සුලු රාජ්‍ය ආරක්ෂාව, මහජන සෞඛ්‍ය වෙනුවෙන් ගන්නා තීරණයක දීද ඔබ හැසිරෙන මුරණ්ඩු විලාසය අප හොදින් ම අත්දැක ඇති බැවිනි. නමුත් අප ඔබ වැනි ජාතියක් නොවන බැවින් එදා ඔබේ මුතුන් මිත්තන් වෙතින් ජෙරුසලමේ යුදෙව් හා කිතුණු බැතිමතුන් විදි වෙනස්කර සැලකීම්වලින් ඔවුන්ට ඇති වූ පීඩාව මනසින් විද බලන්නැයි ඇරයුම් කරමි. එසේ ම ඒ මුතුන් මිත්තන්ගේ මාවත යන්නට දගලමින් සිටින ඔබේ නෑ හිත මිතුරන්ට තමා අකමැති දෙයට අනුන් ද අකමැති වන බව වටහා දෙන්නැයි ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ජිස්යා

(විශ්වාසවන්තයිනි) ධර්මය පහළ කරනු ලැබූවන්ගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විහ්වාස නොකරද, අල්ලාහ්වද ඔහුගේ දූතයාද තහනම් කරනු ලැබූ දැය සුදුසු නැතැයි යන්න අදහස් නොකරද, මෙම සත්‍ය ධර්මය අනුගමනය නොකර සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) අත්වලින් යටහත්ව ජිස්යා (නමැති කප්පම්) ගෙවන තුරු ඔබ ඔවුන් සමග යුද්ධ කරනු.

- කුරානය 9: 29 

ජිස්යාව යනු ඉස්ලාමීය රාජ්‍යයක් තුළ ජීවත් ව සිටින ක්‍රිස්තියානින්, යුදෙව්වන් වැනි ආගමික කණ්ඩායම් කෙරෙහි පැණවිය යුතු බද්දකි. මෙය මුස්ලිම්වරුන් ගෙවිය යුතු අනිවාර්ය බද්දක් වන සකාතය වෙනුවට පැණවූවක් බවත්, එඒ අනුව එය නූතන ආදායම් බද්දකට සමාන වූවක් බවත්. සකාතයට වඩා ජිස්යාව ප්‍රමාණයෙන් අඩු වීම හා එය ගෙවීෙමන් මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ යුද්ධ සේවයෙන් සේවයෙන් බැහැර වී මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව යටතේ සිටීමට ඔවුන්ට හැකි වූ බවත් ඇතැම් මුස්ලිම්වරු සහ ඉස්ලාම් වියත්තු මෙය සාධාරණීකරණයට කියති. එහෙත් මෙය සත්‍ය නොවන බවත් එහි අරමුණ මුස්ලිම් නොවන පිරිස් අවමානයට පත්කිරීම බවත් තෆ්සීර් ඉබ්න් කාතිර් හි සහ සහී බුහාරි හි එන පහත කියුම් දෙකින් පැහැදිලි වෙයි.

ඉස්ලාමය දිවා රැය උදාවන්නාක් සේ වේගයෙන් සහ සන්තතිකව ම පැතිරෙනු ඇත්තේ ය. මැටියෙන් තැනූ පැළ වුව අල්ලාහ් විසින් සිය දහම ඒ කරා යැවීමෙන් මිදී නොසිටිනු ඇත්තේ ය. වික්‍රමාන්විතයා (මුස්ලිම්වරයා) හට ම වික්‍රමය ගෙන දෙමින් සහ අවමන් ලද්දාට (ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නාට) අවමානය ම තිලිණ කරමින් එය පැතිරෙනු ඇත. ඉස්ලාමයට පැමිණීමට පෙර කිතුනුවකු ව සිටි තමීම් අද්-දාරි මෙසේ කීමට පුරුදු ව සිටියේ ය. “මගේ ම ජනයා (කිතුනුවන්) තුළින් මම මෙම හදීසයේ අරුත වටහා ගත්තෙමි. ඔවුන්ගෙන් මුස්ලිම්වරුන් බවට පත් වූ අය යහපත්බව, ගරුත්වය සහ බලය අත්කරගත්හ. අවමානය, නින්දාව සහ ජිස්යාව අවිශ්වාසවන්තයන් මත විය. ”

- තෆ්සීර් ඉබ්න් කාතිර් 

"මාගේ ජීවිකාව මාගේ හෙල්ලය සරණ කරගෙන පවතින්නේ ය. [1] එමෙන් ම මාගේ අණවලට අවනත නොවන සෑම අයෙක්ට ම ජිස්යාව ගෙවීමෙන් ලැජ්ජාවට පත්වන්නට සිදුවනු ඇත.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව ඉබ්න් උමර් පැවසුවේ ය.
(The Translation of the Meanings of Sahih Al-Bukhari,  Arabic-English, Vol. IV by Dr. Muhammad Mushin Khan, Islamic University---Al-Medina Al-Manauwara. Page 104)

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි

මුස්ලිම් නොවන්නන්ගේ සාක්ෂි මුස්ලිම්වරයකුගේ සාක්ෂි තරම් විශ්වසනීය ලෙස නොපිළිගැනෙන බැවින් සහ මුස්ලිම්වරයකුගේ සාක්ෂිය වඩා ප්‍රමුඛ වන බැවින් මුස්ලිම්වරයකු මුස්ලිම් නොවන්නකුට වරදක් කළොත් සහ එහි දී සාක්ෂි දෙන මුස්ලිම්වරු/වරයා පක්ෂග්‍රාහී වුවහොත් මුස්ලිම් නොවන්නාට දෙයියන්ගේම පිහිට ය. පුද්ගලයකුගේ අවංකකම රදාපවතින්නේ ගතිගුණ මත මිස අදහන ආගම හෝ ජාතිය මත නොවේ.

මුස්ලිම් නොවන්නන් සදහා දියා හෙවත් ලේ වන්දි මුදල

එමෙන් ම මුස්ලිම් නොවන්නකුට ලැබෙන්නේ මුස්ලිම්වරයකුට ලැබෙන ලේ වන්දි මුදල (දියා) ට වඩා ඉතා අඩු අගයකි. ෂාෆි ඉ මද්හබයට අනුව මුස්ලිම්වරයකුගේ දියා මුදල යුදෙව්වකුගේ/කිතුනුවකුගේ දියා මුදලට වඩා තුන්ගුණයකින් වැඩි ය. මැගියන්වරුන්ට එය මුස්ලිම්වරයාගේ මෙන් 15න් පංගුවකි. හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙන පරිදි සවුදියේ යුදෙව්/කිතුණු අයට ලැබෙන දියා මුදල මුස්ලිම්වරන්ට දෙන මුදලින් අඩක් වන අතර අනෙකුත් ආගම් අදහන අයට එය 16න් පංගුවකි. මෙය මුස්ලිම් නොවනන්ගේ ජීවිත මුස්ලිම්වරුන්ගේ ජීවිතිවලට වඩා වටිනාකමින් අඩු ය කීමක් වැනි ය. ජීවිතයක වටිනාකම තීරණය වන්නේ අදහන ආගම අනුව ද?

ඉස්ලාමීය රාජ්‍යය තුළ දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය

ඉස්ලාමීය රාජ්‍යය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ජන-නායකයන්, ආණ්ඩු හා මනත්‍රීන් පත්කරගැනීම පිණිස මැතිවරණ, පාර්ලිමේනුත් වැනි නීති සම්පාදන ව්‍යුහ යන මේ කිසිවක් නැත. දේශපාලන පක්ෂ තහනම් ය. ඒ අනුව එහි කිසිම ආකාරයක දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මිනිසා විසින් නිර්මාණය කරන කිසිම නීතියක් පිළි නොගැනෙන එහි ඇති එක ම නීතිය වන්නේ කුරානයත් කුරාන හා හදීස වැකි ඇසුරින් තැනුණු ඉස්ලාමීය නීතියත් පමණි. පාලකයා වන කාලිෆ්වරයා යනු මුස්ලිම් ප්‍රජාව විසින් පත්කරන ඉ්සලාමීය විද්වතෙකි. ඔහු ඉවත් කළ හැක්කේ සීමිත අවස්ථා කිහිපයක දී මුස්ලිම්වරුන්ගේ සාමූහික තීරණ අනුව පමණි. ඔහු පූර්ණ බලැති ආඥාදායකයෙකි. කිසිවකුට ඔහු ව විවේචනය කළ නොහැකි ය. ඔහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි ය. කිසිවකු ඔහු ව විවේචනය කළහොත් එය දේවාපහාසයක් වන අතර ඉස්ලාමය විවේචනය කළහොත් ඉස්ලාමය රාජ්‍යයද වන හෙයින් එය රාජද්‍රෝහීත්වයක් සේ සලකා මරණ දඩුවම ලබා දේ. එනම් අදහස් ප්‍රකාශනයේ නිදහසක් නැත. මුස්ලිම්වරයකු ඉස්ලාමය හැරගිය ද එබදු ය. එයින් පිටත සිටින මුස්ලිම්වරයකු එහි හෝ කාලිෆ්වරයාගේ අධිකාරිය නොපිළිගන්නේ නම් එය ආගම අත්හැරීමක් මෙන් ම රාජද්‍රෝහීත්වයක් ද සංයුක්ත කරන බැවින් දඩුවම මරණය ය.

සමස්ත පාලනය ම කිසියම් එක් ආගමක නීති අනුව සිදුවන අතර පාලකයා බවට පත්විය හැක්කේ ද කිසියම් එක් ආගමක විද්වතකුට පමණි. නඩුකාරයන් ද පත්කරන්නේ මුස්ලිම්වරුන් අතරිනි. ඒ ඇත්තේ ෂරියා අධිකරණ පමණක් බැවිනි. පාලකයා වීමේ හැකියාව මෙන් ම තීරණය කිරීමේ අයිතිය ද ඇත්තේ කිසියම් එක් ආගමික පිරිසකට ය. මුස්ලිම් නොවන ජනතාවන්ට පාලනය සහභාගී වීමට කිසිදු ඉඩක් තබා නැත. නමුත් ශ්‍රී ලංකාව ගතහොත් බුදුදහමට ප්‍රමුඛස්ථානය සහ රජයේ සුරක්ෂිතතාව තිබුණ ද මෙලෙස අන් ආගමිකයන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් අවුරා නැත. කොටින් ම කිවහොත් ඉස්ලාමීය රාජ්‍යය තුළ සෑම කණ්ඩායමකට ම සමාන අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස, දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය යන මේ කිසිවක් නැත. අලි සිනාගේ වචනයෙන් කිවහොත් " යුරෝපීය පුනරුදයේ සිට අප දිනාගත් සියලු දේ අහිමි වී යනු ඇත.”

Sunday, April 5, 2020

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ

ඉස්ලාම් ධර්මය ලොවට පහළ කිරීමට අල්ලාහ් විසින් තෝරාගත් දූතයා වූ මුහම්මද් නබි (එතුමානන්ගේ නමට ශාන්තිය හා සමාදානය වේවා) තුමා මුස්ලිම්වරුන් පිළිගන්නේ ලොව විසූ ශ්‍රේෂ්ඨත ම මිනිසකු ලෙස ය. එතුමන් ව මුස්ලිම්වරුන්ට අලංකාරවත් ආදර්ශයක් ලෙස තබා ඇතැ යි කුරානයේ 33: 21 වැකිය පවසයි. එතුමාගේ ක්‍රියා හා වචන ඉස්ලාම් නීතිය සහ ඉස්ලාමීය දිවිපැවැත්ම තීරණයේ ද ප්‍රබල මූලාශ්‍රයක් වේ. තෝමස් කාලයිල්, බර්නාඩ් ෂෝ, මහත්මා ගාන්ධි, ජෝන් විලියම් ඩ්‍රැපර් වැනි ඇතැම් යුරෝපීය විද්වතුන් ද එතුමා උසස් මිනිසකු ලෙස පැසසුමට ලක් කර තිබේ. නමුත් ඉස්ලාම්විරෝධී අඩවි දිගින් දිගට ම පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ එතුමා දුෂ්ට, අකාරුණික, ප්‍රචණ්ඩ, නොදැමුණු චරිතයක් ලෙස ය. එතුමා ගැන මොවුන් ඉදිරිපත් කරන මේ චෝදනා කෙතරම් සත්‍යය ද යන්න අප විමසා බැලිය යුතු ය. සැබවින් ම එතුමා එවැනි අයෙක් නම් එතුමා දෙවියන්ගේ දූතයකු විය නොහැකි බව අපි පිළිගත යුතු වෙමු. නබිතුමා කළ ප්‍රකාශ (හදීස) සහ එතුමා ක්‍රියාවෙන් ලබා දුන් ආදර්ශයන් (සුන්නා) එතුමාගේ ඒවා ඇසූ දුටු සහ අතිශයින් විශ්වාසවන්ත වූ අනුගාමිකයන් විසින් වාර්තා කර ඇති අතර ඒවා ලේඛන ගත කර තිබේ. හදීසයන් කටින් කට පැමිණි දාමය අඛණ්ඩ, ශක්තිමත්, විශ්වාසවන්ත ලෙස පිළිගැනෙන අනුගාමිකයන් පමණක් අත්කරගන්නා විට ඒවා නිවැරදි හදීස හෙවත් සහී හදීස ලෙස හදුන්වති. එසේ ම එතුමා පිළිබදව, එතුමාගේ මරණින් කෙටිකලකට පසු විසූ ඉස්ලාම් වියතුන් විසින් ලියූ චරිතාපාදාන (සීරා) ද තිබේ. ඉස්ලාමයේ අධිකාරී ලෙස ගැනෙන මෙකී මූලාශ්‍ර ආශ්‍රයෙන් අපි දැන් මුහම්මද් නබි (එතුමාගේ නමට ශාන්තිය හා සමාදානය වේවා) තුමන්ට එරෙහි ව ඉදිරිපත් කරන චෝදනා එකින් එක සලකා බලමු. අප හුදෙක් කරුණු පමණක් දක්වන අතර ඔබ ඔබේ හදවතට එකගව අවංක නිගමනයකට තර්කානුකූලව සිතා බලා පැමිණෙනු ඇතැ යි අපේක්ෂා කරමු.

එතුමන් ආගම්වාදියෙක් ද? අන් ආගම් හෝ ආගමිකයන් නොඉවසූ අයෙක් ද?

ඉබ්න් උමර් පැවසුවේ ය. අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියකු නැති බවත් මුහම්මද් යනු ඔහුගේ දූතයා බවත් පවසා සලාතය ඉටුකර සදකා බද්ද ගෙවන තුරු මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට මට අල්ලාහ්ගෙන් අණ ලැබී ඇත්තේ ය. ඔවුන් මෙය ඉටුකළහොත් ඔවුන්ගේ ජීවිත සහ ධනය මාගෙන් බේරාගැනීමට හැකිවනු ඇත. එවිට මා ඔවුන්ගේ ජීවිත හෝ ධනය නැතිකරනු ලබන්නේ යුක්තිය පසිදලීමක දී පමණක් වන අතර ඔවුන් ගැන අල්ලාහ් විසින් වගබලාගනු ඇත. - සහීහ් බුහාරි 25

මිනිසුන් ෂහාදාව (අල්ලාහ් එකම දෙවියන් බවත්, මුහම්මද් ඔහුගේ දූතයා බවත්  පිළිගැනීම) පවසා සලාතය හෙවත් මුස්ලිම්වරුන් දිනකට පස් වතාවක් කරන නැමදුම කරන තුරු ඔවුන්ට එරෙහි ව සටන් කරන බව මින් කියැවේ. ෂහාදාව පැවසීම කෙනකු මුස්ලිම්වරයකු වූ බව හගවන ක්‍රියාවයි. පස් වත් නැමදුම මුස්ලිම්වරුන් දෛනිකව කළ යුතු අනිවාර්ය ආගමික යුතුකමකි. ඉස්ලාමීය ආගමික යුතුකම් කරන තුරු සටන් කිරීම යනු ඉස්ලාමය වැළදගන්නා තුරු සටන් කිරීම හැර වෙන කුමක් ද? මෙලෙස කිසියම් ආගමක සිරිත් අනුන් පිළිපදින තුරු සටන් කිරීම ම ආගමික අන්තවාදයකි. ත්‍රස්තවාදයකි. ආගමික උම්මත්තකභාවයකි.

16 වැනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් විසින් සිය රෙගෙන්ස්බර්ග් සරසවි දෙසුමේ දී උපුටා දක්වන්නට යෙදුණු, විශිෂ්ඨ ගණයේ ප්‍රාඥයකු වූ බයිසැන්තියානු අධිරාජ දෙවන මැනුවෙල් පැලයියලොගෝස්ගේ කියුම මෙහි දී අපට නිතැනින් ම සිහියට එයි.

මුහම්මද් අලුතින් හදුන්වල දීපු එකදෙයක් පුලුවන් නම් මට පෙන්නන්න. එහෙම දෙයක් තියෙනවනං ඒ තමන්ගේ ආගම කඩුවෙන් පතුරන එක වගේ තිරිසන්, දුෂ්ට ක්‍රියාවන් විතරයි. ලේ හලල දෙවියන් ව සතුටු කරවන්න බැහැ. ඒ වගේම තර්කානුකූලව කටයුතු නොකිරීම දෙවියන්ගේ ස්වභාවයට පටහැනියි. භක්තිය හටගන්නේ හිතේ. ශරීරයේ නෙවෙයි. තව කෙනක් තුළ තමන්ගේ ධර්මය ගැන විශ්වාසය ඇතිකරවන්න පුලුවන් තර්ජන ගර්ජන නැතිව සිත්ගන්නා ලෙස කථා කරන්න පුලුවන් සහ මනාව පහදා දෙන්න පුලුවන් කෙනෙකුට විතරයි. විමසුම්සහගත සිතක් සිය මතයට එකග කරවාගන්න අත පයේ හයියෙවත්, අවිආයුධවලත්, මරණ තර්ජන හෝ වෙන විදියක තර්ජනවලවත් අවශ්‍යතාවයක් නෑ.
අන් ආගමිකයන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල යෙදීමට සාධාරණ හේතුවකින් තොර ව ඉඩ නොදීම අන් ආගමික නොඉවසීම (religious intolerance) නම් වේ.
අබ්දුල්ලාහ් විසින් පවසන ලදී. සටන් කර එය ජයග්‍රහණය කළ දවසේ දී නබිතුමන් මක්කාවට ඇතුලු වනවිට කාබාව තුළ පිළිම 360ක් විය. නබිතුමන් සිය අතේ තිබුණු පොල්ලකින් ඒවාට පහරදෙමින් මෙසේ පවසන ලදී. “සත්‍යය පැමිණ තිබෙන අතර මිත්‍යාව යළි හිස එසවීම හෝ මතුවීම කිසිදා නොසිදුවනු ඇත.” - සහීහ් අල්-බුහාරි 4287

මේ ආදර්ශය නිසාදෝ පිළිරූ, ස්මාරක ආදිය (පිරමීඩ, ආගමික ප්‍රතිමා ඇතුලු සෙවනැල්ලක් ඇතිකරන සහ ගෘහයන් තුළ නොපිහිටි - පිටතට පෙනෙන ඕනෑම නිර්මාණයක්) ඒවා මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත් මංසලකුණු වුවත් විනාශ කිරීම ෂරියා ව තුළ අනිවාර්ය ය. වෙනත් ඇදහීම් උදෙසා කැප වී ඇත්නම් එම අනිවාර්යතාව ශක්තිමත් වන බව ද එම නියෝගයේ (ෆත්වා) පෙන්වා දී තිබේ. බෞද්ධ අපේ අවුකන පිළිම, දාගැබ් ආදී පෞරාණික ස්මාරක මේ සියලු අවශ්‍යතා සපුරන නිසා දිනක මුස්ලිම් ඔබ ඒවා ද විනාශ කරනු ඇත. ඔබට ආදර්ශයක් ලෙස තබා ඇති පුද්ගලයා ද එය සිදුකර තිබෙන නිසා එම අවශ්‍යතාවය තවත් ශක්තිමත් වේ.

ආගම හැර යන පුද්ගලයන් ව ඝාතනය කිරීම

ඉක්රිමා මෙසේ පැවසුවේ ය. අලි ඉස්ලාමය අතහැරගිය මිනිසුන් කිහිපදෙනෙක් ව පුලුස්සා දැමුවේ ය. මේ ගැන ඉබ්න් අබ්බාස්ට දැනුම් දුන් විට මම ඔහු විණි නම් මම කිසිවිටෙකත් ඔවුන් ව පුලුස්සන්නේ නම් නැත. මන්ද යත් අල්ලාහ්ගේ දඩුවම කිසිවකුට ලබා දීමට එඩිතර නොවන්නැයි නබිතුමා පැවසූ හෙයිනි. එහෙත් මම ද නිසැක ව ම ඔවුන් ව ඝාතනය කරන්නෙමි. මන්ද යත් ආගම අත්හරින පුද්ගලයන්ව මරාදමන්නැ යි එතුමන් පැවසූ බැවිනි. යයි පැවසුවේ ය. - සුනන් අබු දාවුද් 4351

යුදෙව් විරෝධය

එතුමන් යුදෙව්වන් කෙරෙහි ප්‍රකට කළ ද්වේෂසහගත ආකල්පය හිට්ලර් පවා ආකර්ෂණය කිරීමට සමත් විය.

නබිතුමන් මෙසේ පවසනු තමන්ට ඇසුණු බව උමර් බී. අල්-ඛත්තිබ් පැවසී ය. මම යුදෙව්වන් සහ කිතුනුවන් අරාබි අර්ධද්වීපයෙන් එළවා දමා මුස්ලිම්වරුන් පමණක් ඉතිරි කරන්නෙමි.    - සහීහ් මුස්ලිම් 1767 a
මෙයට හේතුව ලෙස දක්වන්නේ ජයග්‍රහණයෙන් පසු එය අල්ලාහ්ට, ඔහුගේ දූතයාට සහ මුස්ලිම්වරුන්ට පමණක් අයත් වීම යි. බලන්න සහීහ් අල්-බුහාරි 3152 එතුමන් යුදෙව්වන් කෙරෙහි ද්වේෂී ව කටයුතු කිරීමෙන් නොනැවතී අනාගතයේ දිනක ඔවුන් ව ඝාතනය කිරීමට අවශ්‍ය පදනම ද මුස්ලිම්වරුන්ට සපයා දුන්නේ ය.
නබිතුමා මෙසේ කී බව අබු හුරයිරා පැවසී ය. මුස්ලිම්වරුන් යුදෙව්වන් සමග සටන් කරන තුරු සහ යුදෙව්වන් ගස් ගල් පිටුපස සැගවෙන තුරු සහ මුස්ලිම්වරුන් ඔවුන් මරන තෙක් අවසන් (විනිශ්චයේ) පැය උදා නොවන්නේ ය. යුදෙව්වන් එසේ ගස් ගල් පිටුපස සැගවෙන කල්හි එම ගස් සහ ගල් මෙසේ කියනු ඇත්තේ ය. මුස්ලිම්වරය, අල්ලාහ්ගේ ගැත්ත, මේ මාගේ පිටුපසත් යුදෙව්වෙක් සිටී. පැමිණ ඔහු මරා දමාපන්න. නමුත් එක ම එක ගසක් එසේ නොපවසනු ඇත්තේ ය. ඒ යුදෙව්වන්ගේ ගසක් වන ඝර්කාද් ගසයි. - සහීහ් මුස්ලිම් 2922
මේ අනුව මුස්ලිම්වරුන්ට යුදෙව්වකු යනු අනාගතයේ යම්දිනක තමන් විසින් ඝාතනය කළ යුතු පිරිසකි. ඉස්ලාම් ධර්මය තුළ ඇති යුදෙව් විරෝධය සිගිති මනස පවා විනාශ කරන ආකාරය මේ වීඩියෝවෙන් දැකගත හැකි ය.

එතුමන් වෙනස් මත නොඉවසූ ඝාතකයෙක් ද?

මදීනාවට ගොස් කෙටිකළකින් ම එතුමන් සියවසරක වැඩි මහලු පුද්ගලයෙක් ව තමා ව විවේචනය කිරීමේ වරදට ඝාතනය කිරීමට අණ දුන්නේ ය. මිනිසුන් මුහම්මද්ගේ අනුගාමිකයන් වීම ගැනත් එකිනෙකාට සතුරන් වී සිටීම ගැනත් සංවේගය පළකරමින් ඔහු පද්‍යයක් බන්ධනය කළේ ය. ඉබ්න් සාද් මේ සිද්ධිය මෙසේ වාර්තාකර තිබේ.
ඊළගට සිදුවුණේ සලීම් ඉබ්න් උමයිර් අල් අම්රි විසින් යුදෙව් ජාතික අබු අෆාක්ට එදිරිව කළ වැටලීම (සරිය්යාහ්) යි. හිජ්රාවේ සිට විසිවැනි මාසය ආරම්භයේ එය සිදු විය. බානු අම්ර් ඉබ්න් අව්ෆ් ගෝත්‍රයට අයත් අබු අෆාක් එකසිය විසි වයසට එළැඹි මහලු පුද්ගලයකු විය. ඔහු යුදෙව්වෙක් වූ අතර අල්ලාහ්ගේ දූතයාට එරෙහි ව මිනිසුන් තුළ මතය ඇතිකිරීමට කටයුතු කරමින් සිටියේ ය. ඔහු මුහම්මද් ගැන උපහාසාත්මක කවියක් රචනා කළේ ය.“මම අබු අෆාක් ව මරාදමන බවට හෝ නැතිනම් ඔහුගෙන් මැරුම් කන බවට ප්‍රතිඥාවක් දුනිමි” යැයි බද්ර් යුද්ධයට ද සහභාගී වූ අයෙක් වූ සලීම් ඉබ්න් උමයිර් පැවසී ය. අවස්ථාවක් එන තුරු බලා සිටි ඔහු උණුසුම් දිනයක් තෝරා ගත්තේ ය. එදින අබු අෆාක් එළිමහන් තැනක නිදාගත්තේ ය. මෙය මෙසේ වන බව දැනසිටි සලීම් ඉබ්න් උමයිර් සිය කඩුව අෆාක්ගේ අක්මාව සිදුරු කරමින් ඇද තෙක් කිදා බැස්සුවේ ය. අල්ලාහ්ගේ සතුරා විලාප දුන් අතර ඔහුගේ සගයෝ වහා පැමිණ ඔහු ව ගෙන ගොස් භූමදාන කළෝ ය. (The Kitab al Tabaqat al kabir, Vol. 2, p 31)
මේ ගැන අසන කුඩා දරුවන් පස්දෙනෙකුගේ මවක් වන අස්මා බින්ත් මර්වාන් නැමති යුදෙව් කත පිටස්තරයකුට පැමිණ තමන් අතර භේද ඇති කර ගෞරවණීය මහලු මිනිසෙකු මරාදමන පහත් තැනට ඔවුන් ව පත්කරන්නට ඉඩදීම ගැන මදීනා වැසියන් ව හෙලාදකිමින් පද්‍යයක් බන්ධනය කළේ ය. මේ අවස්ථාවේ දී ද සිය ගෝලයන් වෙත යන මුහම්මද් "මර්වාන්ගේ දුවගෙන් මා ගලවා ගැනීමට ඉදිරිපත් වන්නේ ඔබෙන් කවුද?” යි අසමින් මොර දෙයි. ඒ අසන උමයිර් බින් අදියි අල් ඛත්මි එදින රැයේ ම ඇගේ නිවසට ගොස් ඇය ව මරාදමයි. පසුදින උදයේ රසූල්වරයා ව හමුවන ඔහු කළ දෙය ගැන දැනුම් දෙයි. එවිට මුහම්මද් මෙසේ පවසයි. “අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔබ කළේ උපකාරයක් උමයිර්.” තමාට මෙහි ඵලවිපාකයක් (විනිශ්චයේ දී) විදින්නට වේ දැයි ඇසූ විට මුහම්මද් නබි (සල්) තුමා මෙසේ පිළිතුරු දෙයි. "එළුවන් දෙනේනෙක්වත් ඈ ගැන හිස සලන්නේ නෑ.” (From pp. 675-676 of The Life of Muhammad , which is A. Guilaume’s translation of Sirat Rasul Allâh by Ibn Ishaq) මෙලෙස අස්මා බින්ත් මර්වාන්ගේ ඝාතනය ගැන මුහම්මද් නබි (සල්) තුමාගේ පැසසුම් ලැබූ පසු ඝාතකයා ඇගේ කුඩා දරුවන් වෙත ගොස් ඝාතනය ගැන පුරසාරම් දොඩමින් ඔවුන් සහ ගෝත්‍රය බියගන්වයි. ඉබ්න් සාද්ගේ වචනවලින්;
මර්වාන්ගේ දියණිය සම්බන්ධ සිද්ධිය අරභයා එදින බානු ඛත්මාවරු අතර කළබළකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ඇයට දරුවන් පස්දෙනෙක් සිටි අතර නබිතුමා වෙත සිට කෙළින් ම ඔවුන් කරා ගිය උමයිර් මෙසේ කී ය. “ඛත්මාවරුගේ දරුවනි, මම බින්ත් මර්වාන් ව මරා දැම්මෙමි. ඔබට හැකි කමක් තිබේ නම් මට එරෙහි වනු. මට රැදී ඉන්නට නම් සලස්වන්න එපා.” ඉස්ලාමය බලවත් බව බී. ඛත්මාවරුන්ට පළමුවරට පෙනී ගියේ එදින යි. ඊට පෙර සිටි මුස්ලිම්වරු ඒ බව වසන් කළහ. ඔවුන්ගෙන් ඉස්ලාමය වැළදගත් මුල් ම අය වූයේ උමයිර් බී. අදියි, අබ්දුල්ලාහ් බී. අවුස් සහ කුසයිමා බී. තාබිත් යන අයයි. බින්ත් මර්වාන් මරාදැමූ දින බී. ඛත්මාවරු මුස්ලිම්වරු බවට පත්වූහ. මන්දයත් ඔවුහු ඉස්ලාමයේ බලය කෙතරම් දැයි දුටුවෝ ය. (From pp. 675-676 of The Life of Muhammad , which is A. Guilaume’s translation of Sirat Rasul Allâh.)
මේ එතුමන් කරවූ මිනීමැරුම් කීපයක් පමණි. ඔහු විසින් අනුබල දුන් හෝ අණ දුන් මෙවැනි ඝාතනය කිරීම් හතලිහකට අධික ය. කවියක් ලිවීම සාමකාමී ව විරෝධය පළකිරීමේ ක්‍රමයකි. එයටත් කෝප වී මරාදමන මිනිසා උම්මත්තකයෙකි. මුහම්මද් කාලීන සමාජයේ පැවති විශ්වාසයට පටහැනි මතයක් දැරුවේ යම් සේ ද ඔවුහු ද මුහම්මද්ගේ මතයට වෙනස් මතයක් දැරූහ. කුරානය යුදෙව්වන් ඉතා ම කැත අන්දමින්, ද්වේෂහගත ලෙස හෙලාදකින්නේ යම් සේ ද ඔවුහු ද තමාට හරි නැතැ යි හැගෙන දේ විවේචනය කළහ. නමුත් තමන්ට තිබෙන අයිතිය අන්‍යයන්ට ද තිබිය යුතු බව මුහම්මද් නබි (සල්) තුමාවත් එතුමන්ගේ අනුගාමිකයන්වත් නොසිතූහ. (අද ද මෙය මෙසේ නොවේ ද?) අපට ඔවුන්ගේ මතය විවේචනය කරන්න පුලුවන්. නමුත් ඔවුන් අපගේ මතය විවේචනය කළොත් එය මරා දැමිය යුතු අපරාධයක්. නබිතුමාගේ තර්කය එය යි. නබිතුමාගේ මේ ආදර්ශ නිසා දෝ අද දවසේ මුස්ලිම්වරු ද ඉස්ලාමය ගැන මද විවේචනයක් හෝ පළකරන ලේඛකයෙක්, කලාකරුවෙක්, වෙන යම් විද්වතෙක් ඝාතනය කිරීමට පසුබට නොවෙති. නිදසුන් - සල්මන් රුෂ්ඩි, අයාන් හිර්සි අලි ඝාතන නියෝග, සැටනික් වර්සස් කෘතියේ පරිවර්තකයන්ට, මුහම්මද්තුමන් ගැන කාටුන් ඇදි කලාකරුවන්ට එල්ල වූ ඝාතන ප්‍රයත්න, සිනමා අධ්‍යක්ෂක තියෝ වැන් ගෝ සහ සැටනික් වර්සස් කෘතියේ ජපන් පරිවර්තක හිතොෂි තගරිෂි ඝාතනය කිරීම.

එතුමන් මංකොල්ලකරුවෙක් ද?

මුහම්මද් නබි (සල්) තුමා සියයක් නො ඉක්ම වූ සිය අනුගාමික පිරිස ද සමග මක්කම සිට මදීනාවට ගියහ. මක්කාවසීන් තමා ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බැවින් මදීනාවට යන ලෙස දෙවියන් අණ කළ බව සිය අනුගාමිකයන්ට පැවසී ය. එතුමන්ගේ අනුගාමික පිරිස වූයේ බොහෝවිට ඉතා තරුණ වියේ දරුවනුත්, වහල් පුද්ගලයනුත් ය. මෙසේ පැමිණි මොවුන් ජීවිකාව සපයා ගත්තේ වගාකිරීමෙන් හෝ වෙනයම් වෘත්තියක යෙදීමෙන් හෝ නොවේ. ඔවුහු මග රැක සිට මක්කාව සිට මදීනාව කරා යන තවලම්වලට පහර දී, ආරක්ෂකයන් මරා දමා, ඒවායේ වූ බඩුබාහිරාදිය අරගත්හ. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී මංකොල්ලකෑම යනුවෙන් හදුන්වයි. පළමු සාර්ථක මංකොල්ලකෑම වූ නක්ලාහි දී වූ වැටලීම සිදුවූයේ අරාබිවරුන් අතර යුද්ධ කිරීම තහනම් වූ ශුද්ධ වූ මාසයක දී ය. නබිතුමා මේ ගැන උපදෙස් ඉබ්න් ජාෂ්ට මුද්‍රා තැබූ ලිපියකින් දුන් අතර අදාල ස්ථානයට ගිය පසු පමණක් කියවිය යුතු විය. සත්ව හම්, මුද්දරප්පලම් වැනි "කුරයිෂ්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය" රැගත් තවලමක් පැමිණෙන තුරු වන්දනාකරුවන් මෙන් වෙස්ගෙන බලාසිටි ඔවුහු, ඔවුන් වන්දනාකරුවන් නිසා අනතුරක් නැතැ යි කුරයිෂ්වරු රැවටී අවි පහත හෙලූ විට කඩා පැන කීපදෙනෙක් මරා දමා සෙසු අයත් බඩුත් අල්ලාගනී.

(ishaq p. 287) යුද්ධ කිරීම තහනම් මාසයේ දී කළ මේ අපරාධය නිසා කුරයිෂ්වරු කැළඹීමට පත්වෙති. සම්මතය බිදීම ගැන මුහම්මද් ව නිතර නිතර විවේචනයට ලක් වේ. ඒ අවස්ථාවේ දී කුරානයේ 2: 217 වැකිය ඔහුට පහළ වේ.

"ශුද්ධ වූ මාසයන්හි යුද්ධ කිරීම ගැන ඔබගෙන් ඔවුන් විමසන්නාහ. ඔබ මෙසේ පවසනු. “ඒවායෙහි යුද්ධ කිරීම ඉමහත් පාපයකි! නමුත් අල්ලාහ්ගේ ධර්මයෙහි එක්කාසු වීම වැළැක්වීමද, ඔහුව ප්‍රතික්ෂේප කිරීමද, මස්ජිදුල් හරාම්වලට යාමට නොදී වැළැක්වීම ද, එහි වාසය කරන්නන්ගෙන් විශ්වාසය තැබූවන් ව පිටමං කිරීමද අල්ලාහ් වෙතින් ඊටත් වඩා විශාල පාපයන්ව ඇත්තේ ය. තවද මිථ්‍යා දෘෂ්ටිය (ෂිර්ක්) ඝාතනයට වඩා ඉතාමත්ම නපුරු ය. තවද ඔවුන්ට හැකි වුවහොත් ඔබව ධර්මයෙන් හරවා දමන තෙක් නිමක් නැති යුද්ධ කරමින් සිටිනු ඇත. එසේ වී ඔබගෙන් කවුරුන් හෝ ධර්මය හැරදමා ගියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල මෙලොව දීද, පරලොව දීද විනාශ වී යනු ඇත. ඔවුන්ම නිරාවාසීන් ය. සදාකල් ඔවුන් එහි රැදෙනු ඇත."

මේ කුරාන වැකිය කියවූ කෙනෙකුට හැගෙන්නේ මුස්ලිම්වරුන් ඉස්ලාම් දහම ඇදහීම නිසා ජීවිත අවදානමකට ලක්ව සිටි අවස්ථාවක පහළ වූවක් කියා ය. එහෙත් ඇතත්ට ම මෙය දෙවියන් තමාට කී බව මුහම්මද් පැවසුවේ යුද්ධ කිරීම තහනම් මාසයේ මිනිසුන් ඝාතනය කර, අහිංසක වෙළද තවලමක් කොල්ල කෑ අවස්ථාවක එය සාධාරණීකරනය කිරීමට ය. අන්‍යාගමිකයන් මැරීමට අණ දෙන වැකි සටන් අවස්ථාවල පහළ වූයේ යැයි මුස්ලිම්වරුන් කිවුවත් එම වැකිවල සැබෑ යථාර්ථය මෙය යි. මස්ජිදුල් හරාම් වෙත යාමට නොදීම නිසා මෙය කිරීම සාධාරණ යැයි කිව නොහැක. තමාගේ ආගමික සිද්ධස්ථානයක තමාගේ දෙවිවරුන්ට අපහාස කළ වෙනත් ආගමික පිරිසකට වතාවත් කිරීමට ඉඩ දීමට කාට නම් සිත් දේවි ද? මක්කාවේ මුස්ලිම්වරුන් හැරුණු විට ඒකදේවවාදී තවත් කණ්ඩායම් සිටියහ. ඔවුන්ට තහනම් නොකර මුස්ලිම්වරුන්ට පමණක් තහනම් කළේ කරදරකාරීව හැසිරුණේ ඔවුන් පමණක් නිසා ය. ඉස්ලාමය ඇදහූ පිරිස සියයකට නොවැඩි වූ බැවින් එය වේගයෙන් පැතිරුණු නිසා මෙසේ කළා යැයි කීමට ද නොහැක. හැරත් ආත්මාරක්ෂාවට සටන් කිරීම යනු ජීවිතය රැකගැනීමට නොකර බැරි තැන සටන් කිරීම මිස මෙලෙස එකට එක කිරීම නොවේ. මේ සිදු වූයේ මුස්ලිම්වරුන් සහ කුරයිෂ්වරුන් අතර සිදු වූ ප්‍රථම යුද්ධය වූ බද්ර් යුද්ධය සිදුවීමටත් පෙර ය. බද්ර් යුද්ධය යනුවෙන් හැදින්වෙන්නේ ද, මුස්ලිම්වරුන් කියන ආකාරයේ, එනම් තමන් ඝාතනය කරන්නට පැමිණි අයගෙන් දිවිබේරා ගැනීමට කළ සටනක් නොවේ. එය ද මේ ආකාරයේ තවලම් කොල්ලකෑමකි. එම තවලම් සමග කුරයිෂ්වරු සටන්කරුවන් පිරිසක් එවූ බව ඇත්ත ය. ඒ මුස්ලිම්වරු ඔවුන්ගේ තවලම් කොල්ලකෑමට පටන්ගෙන සිටි බැවින් එවැන්නක් සිදුවුවහොත් සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට ය. මුස්ලිම්වරු කුරානයේ ප්‍රචණ්ඩ වැකි ගැන පවසන වචනවලින් ම කිවහොත් එය ආත්මාරක්ෂාවට කළ ක්‍රියාවකි. මුස්ලිම්වරුන්ගේ කොල්ලකෑමෙන් ආරක්ෂා වීමට කළ දෙය ඔවුන් හදුන්වන්නේ ආගමික හිංසනයක් ලෙස ය. මේ ගතිය නම් අද ද මෙලෙස ය. ඉස්ලාම් අන්තවාදයට එරෙහි ව රජය ගන්නා නීති පියවරක් පවා ඔවුන්ට ආගමික හිංසනයකි.

නබිතුමා ඉහත ආකාරයේ වැටලීම් (අපේ වචනයෙන් මංකොල්ලකෑම්) 70 කට අධික ගණනක් සිදු කළේ ය.
සුහයිල්ගේ පුත් අබු ජන්දල් බේරී පැනගොස් අබු බසිර් සමග එක්විය. ඔවුන්ව වටකරගත් 70ක් පමණ මුස්ලිම්වරු කුරයිෂ්වරුන්ට හිරිහැර කරන්නට වූහ. ඔවුන්ට මක්කාවේ සිට සිරියාවට යන තවලමක් ගැන අසන්නට ලැබුණු හැමවිට ම ඔවුහු එය නතර කර, තමන්ට අල්ලාගත හැකි වූ සෑම අයෙක් ම මරා දැමූහ. ඔවුහු සෑම තවලමක් ම කුඩුපට්ටම් කර දමා ඒවායේ වූ බඩුබාහිරාදිය අරගත්හ. (Ishaq: 508, See Also Al-Tabari, Vol. 9, p. 91)
මෙසේ ලබාගන්නා වස්තුවෙන් පහෙන් එකක් හැමවිටම මුහම්මද්ට ලබා දිය යුතු විය. කුරානයේ 8:1 සහ 8:41 බලන්න.
"මාගේ ජීවිකාව මාගේ හෙල්ලය සරණ කරගෙන පවතින්නේ ය. [1] එමෙන් ම මාගේ අණවලට අවනත නොවන සෑම අයෙක්ට ම ජිස්යාව ගෙවීමෙන් ලැජ්ජාවට පත්වන්නට සිදුවනු ඇත.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූ බව ඉබ්න් උමර් පැවසුවේ ය.
(The Translation of the Meanings of Sahih Al-Bukhari, Arabic-English, Vol. IV by Dr. Muhammad Mushin Khan, Islamic University---Al-Medina Al-Manauwara. page 104)
මෙහි මගේ "හෙල්ලය සරණ කරගෙන" (Under the shade of my spear) යන්නට පාදසටහනක් සපයන ආචාර්ය මුෂින් ඛාන් එයින් අදහස් වන්නේ යුද්ධයෙන් ලබාගත් දේපලින් (from war booty) යන්න බව පවසයි. (සැ. යු. මෙම හදීසය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබේ.)

එතුමන් ත්‍රස්තවාදියෙක් ද?

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව ත්‍රස්තවාදියෙක් යනු සිය දේශපාලන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ට (විශේෂයෙන් ම සිවිල් වැසියන්ට) එරෙහි ව නීතිවිරෝධීව ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ තැතිගැන්වීම සිදුකරන්නෙකි.
අල්ලාහ්ගේ දූතයා මෙසේ පැවසුවේ ය. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියකු නැති බවත් මුහම්මද් යනු ඔහුගේ දූතයා බවත් පවසා සලාතය ඉටුකර සදකා බද්ද ගෙවන තුරු මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට මට අල්ලාහ්ගෙන් අණ ලැබී ඇත්තේ ය. ඔවුන් මෙය ඉටුකළහොත් ඔවුන්ගේ ජීවිත සහ ධනය මාගෙන් බේරාගැනීමට හැකිවනු ඇත. එවිට මා ඔවුන්ගේ ජීවිත හෝ ධනය නැතිකරනු ලබන්නේ යුක්තිය පසිදලීමක දී පමණක් වන අතර ඔවුන් ගැන අල්ලාහ් විසින් වගබලාගනු ඇත. - සහීහ් බුහාරි 25
ඉබ්න් අවුන් මෙසේ පැවසුවේ ය. (අවිශ්වාසවන්තයන්) සටනේ දී මුණගැසීමට පෙර ඔවුන්ට (ඉස්ලාමය) පිළිගන්නා ලෙස ඇරයුමක් යැවීම අනිවාර්ය දැයි විමසා මම නාෆිට ලියා යැවීමි. ඔහු (පිළිතුරු ලෙසින්) ලියා තිබුණේ ඉස්ලාමයේ මුල් කාලයේ දී නම් එය අවශ්‍ය වූ බවයි. බානු මුස්තලික්වරුන් පහර දෙන බවක් නොදැන සිය ගවයන්ට බීමට උන් ව වතුර කරා ගෙනගොස් සිටියදී නබිතුමා ඔවුන් වෙත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඔහු සටන් කළ අයව මරාදැමූ අතර අන් අය සිරභාරයට ගත්තේ ය. එදින ම ඔහු ජුවරියා බින්ත් අල්-හාරිත් ව අල්ලාගත්තේ ය. මේ සිරිත ඔහුට පැවසුවේ එම ආක්‍රමණය සිදුකළ භට පිරිසේ ම සිටි අබ්දුල්ලාහ් බී. උමර් විසින් යැයි නාෆි මට කීය. - සහීහ් මුස්ලිම් 1730 a
මෙහි වරහන් තුළ ඇති කොටස් යොදා ඇත්තේ අප නොව මේ හදීසය අරාබි බසින් පරිවර්තනය කළ අය යි. (එමගින් මෙහි අදහස විකෘති වී ඇති බවක් හැගෙන්නේ නම් හදීසයේ සබැදිය කරා ගොස් එහි ඇති report බොත්තම ඔබා පැමිණිලි කළ හැකි ය.)
සාබ් බී. ජත්තාමාගේ අධිකාරීත්වය යටතේ වාර්තා වී තිබේ. රාත්‍රියේ සිදුකරන ලද පහර දීමෙන් මියගිය පිළිම වන්දනාකරුවන්ගේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් විමසූ විට නබිතුමන් මෙසේ පැවසී ය. ඔවුන් ඔවුන්ගේ අයයි. - සහීහ් මුස්ලිම් 1745 a

එතුමන් සංහාරකයෙක්/සමූලඝාතකයෙක් ද?

මදීනාවේ සිටි යුදෙව් ගෝත්‍රයක් වූ බානු කුරයිසාවරු (900/700ක් පමණ) වැඩිහිටි පිරිමි සියලු දෙනා ම කුමන්ත්‍රණ චෝදනා මත මරා දැමූ අතර ඔවුන්ගේ ගැහැනුන් සහ දරුවන් සියලු දෙනා වහලුන් ලෙස ගත්තේ ය.

එතුමන් අත්අඩංගුවට පත්වන කාන්තාවන් දූෂණය කිරීම අනුමත කළා ද?

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි. හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින් ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් "සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර" - සුනන් අබුදාවුද් 2150
මෙම හදීසයෙන් සහ කුරානයේ 4:24 වැකියෙන් කියවෙන පරිදි මුස්ලිම්වරුන් සමග ඇති වූ යුද්ධයකින් අල්ලාගත් කාන්තාවන් සමග ඔවුන්ගේ සැමියන් සිටියත් මුස්ලිම් සෙබලුන්ට ලිංගිකව එක්විය හැකි ය. මේ කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් ඔවුන්ගේ ගෝත්‍රයේ අය ව මරාදමා වහලුන් ලෙස ගත් අයයි. ඔවුන් ඊළග වහල් වෙළදපොළේ දී මුස්ලිම්වරුන්ට අවිආයුධ ගැනීමට විකිණීමට නියමිතව සිටි අයයි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය ඥාතීන් මරා දමා තමා සිරභාරයට ගත් සතුරු හමුදාවක් සමග ලිංගිකව එක්වීමට කාන්තාවන් සතුටු සිතින් කැමති වනු ඇතැ යි සිතිය නොහැක. ඒ අනුව මොවුන් දූෂණය වන්නට ඇති බව සිතීම සාධාරණ ය. මෙහි හෝ කුරානයේ කිසිදු තැනක හෝ වහල් කාන්තාවන් සමග ලිංගිකව එක්වීම ගැන සදහන් වන කිසිදු හදීසයක ඔවුන්ගේ කැමැත්ත ගැන සදහන් නොවේ. යුද්ධයෙන් අල්ලාගන්නා සිරකරුවන්ද සැලකෙන්නේ සතුරන්ගෙන් හිමි වූ දේපලක් වශයෙන් බව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ලියූ ඉස්ලාම්භීතිකාව විවෘත දෑසින් පොතේ ද සදහන් වේ. වෙනත් ඕනෑම දේපලක් මෙන් ඔවුන් ව විකිණීම, හුවමාරු කිරීම ආදිය කළ හැකි ය. ඛයිබර්හි යුදෙව්වන්ට පහර දීමෙන් අනතුරුව නබිතුමා ගෝත්‍රයේ නායකයකු වූ කිනානා බින් අල් රාබි හිස ගසා මරා දමයි. ඊට පෙර ඔහුගේ පපුව මත ගින්දර අවුලමින් ඔහුට වධ දෙයි. ඒ ඔවුන්ගේ නිධානයක් සගවා ඇති ස්ථානයක් දැනගැනීමට ය. තමන් එවැන්නක් ගැන නොදන්නා බව කිනානා දිගින් දිගට ම පැවසූ අතර අන්තිමේ දී නබිතුමා ඔහු ව මරා දැමුවේ ය. කිනානාගේ රූමත් තරුණ (17 වියැති) බිරිද වූ සෆියා නබිතුමා කලින් වෙනත් මුස්ලිම්වරයකුට දී තිබුණත් ඇය ලස්සන බව දැකීමෙන් පසු ඇය තමාට ම තබා ගනී. මෙය සිදුවී ඇත්තේ ඇගේ සැමියා ව ඝාතනය කළ දින ම ය. (Ishaq, p. 515 ; Bukhari 1.8. 367) එතුමා විසින් මෙසේ අසරණ (කර) තරුණියන් රැසක් ම විවාහ කරගත්තේ ය. මේ සියලු දෙනා ම එතුමාට වඩා වසර 20-30ක්වත් බාල වූහ. අන් මුස්ලිම්වරුන්ට ඇති භාර්යාවන් 6 දෙනාගේ සීමාව නබිවරයාට අදාල නොවන බව කුරානය 33: 50 පවසයි. අප අඩවියේ මීට පෙර පළ වී ඇති මුහම්මද් නිබිතුමාගේ ලිංගික ජීවිතය ලිපියේ මේ ගැන වැඩි විස්තර ඇත.

පසුවදන

හානිකර විය හැකි කල්ලියක හෝ නායකයෙකු හදුනා ගත හැකි අවදානම් ලක්ෂණ 10ක් ගාඩියන් පුවත්පතේ “what makes a cult?” මැයෙන් පළ වූ ලිපියක සදහන් වේ.
  1. නායකයා ප්‍රශ්න කළ නොහැකි ආධිපත්‍යයක් පතුරා ගෙන සිටින අතර ඔහු හෝ ඔහුගේ ක්‍රියා කිසිම පාලනයකට යටත් නොවේ. - මුහම්මද් තුමන්ට සමාජ විනය කඩකිරීමට පමණක් නොව තම දහමේ ම අන්‍යයන් බැදෙන නීතිවලින් බැදී නොසිටීමට ද හැකියාව තිබුණි. එතුමාගේ විශේෂ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ම කුරානයේ වැකි පහළ කර තිබේ. අන් මුස්ලිම්වරුන්ට මෙන් නොව එතුමන්ට කැමති තරම් කාන්තාවන් සංඛ්‍යාවක් විවාහ කරගැනීමටත්, උපවාස සමයේ දී අන් මෙන් නොවී කලින් ආහාර ගැනීමටත් (Tabaqat, Volume 1, page 369) හැකි විය. එතුමාට කාන්තාරයේ ගස් කපාදැමීම (59:5), ශුද්ධ වූ මාසයේ යුද්ධ කිරීමට වැනි එකල සමාජයේ සදාචාරය කඩකරන ක්‍රියා සිය වාසිය වෙනුවෙන් කිරීමට හැකි විය. කොල්ලකන වස්තුවෙන් පහෙන් එකක් එතුමාට දිය යුතු විය. අන්‍යයන් දිවිපුදා සටන් කළ යුතු වූ නමුත් එතුමා ව අඹුදරුවන් මෙන් රැකගත යුතු විය. (Sira, p. 203) සටන් බිමට නොගිය ඔහු සැගවී ආරක්ෂකයන් පිරිවරා බලා සිටියේ ය. ඒ අතින් නම් සහරාන් තුළ ඔහුට වඩා එක හොද ගුණයක්වත් තිබේ. (හැරත් ඔහු මොහු කළ තරම් අපරාධ කළේ නැත.) ඔහුගේ පැරණි පව්වලට පමණක් නොව ඔහු කරන අනාගත පව්වලට පවා සමාව දෙන බව ඔහුගේ දෙවියන් ඔහුට පැවසූ බව (කුරානය 48: 1-2) ඔහු පැවසුවේ ය. මුහම්මද් නිමක් නැති අපරාධ කළේ මේ විශ්වාසය නිසා විය යුතු ය. මෙය ප්‍රඥ්ඥාවන්තයකු වන සහ මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන දෙවියන්වහන්සේගේ තීරණයක් යැයි කිව හැකි ද? නැතිනම් ෂෙයිතාන්ගේ ලණුවක් ද? අඩු තරමේ සිය වක්තෘවරයාගේ අපරාධකාරී චර්යාව රතුකට්ට පන්නන විටවත් මේ වරප්‍රසාදය ඉවත් කරන්නට අල්ලාහ් තයාලා කල්පනා නොකළේ මන්ද? 

  2. විවේචනාත්මක අදහස් කිසිසේත් නොඉවසීම. - තමා ව විවේචනය කරන අය මරාදමන ලදී

  3. ආදායම් හා වියදම් පිළිබද පිළිගත හැකි මූල්‍ය වාර්තා පවත්වා නොගැනීම, ස්වාධීන විගණන වාර්තා වැනි - මෙය නූතන ලෝකයට පමණක් අදාල වන කරුණක් නිසා සලකා බැලිය නොහැක. තවලම් කොල්ලකෑම් ඇසුරින් අවශ්‍ය නම් කබිතුමාගේ ආදායම් මාර්ගය කුමක් ද යන්න විග්‍රහ කර ගත හැක.

  4. බාහිර ලෝකය කෙරෙහි අහේතුක බියක් තිබීම, ළග එන මහා විනාශයන් පිළිබදව, ඔවුන්ට විරුද්ධ දුෂ්ට කුමන්ත්‍රණ ගැන සහ අන් ආගමිකයන්/බාහිර ලෝකය විසින් සිදුකළ හැකි ආගමික හිංසන ගැන පැවසීම. - ඔහු තමා වටා ගොනුකරගෙන සිටි තරුණ පිරිස මදීනාවට ගෙන යන ලද්දේ කුරයිෂ්වරු තමා මරාදැමීමට කුමන්ත්‍රණය කරන බවත් ඒ අනුව මදීනාවට යන ලෙසත් දෙවියන් දැනුම් දුන් බවත් පවසමිනි. මුස්ලිම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ සහ ඉදිරියේ දී සිදුවිය හැකි හිංසන ගැන පදනම් රහිත චෝදනා එල්ල කරමින් අවට සමාජය ගැන පැවති සැකය හා සටනකට පෙළඹීමේ ආශාව පෙන්වන වැකි කුරානය පුරා ම තිබේ.

  5. කණ්ඩායම අතහැරයාමට ඉඩ ලබා නොදීම. හිටපු සාමාජිකයන් ව හැරයාම නිසා වරදකරුවන් ලෙස සැලකීම- ඉස්ලාමය අතහරින්නන් ව මරාදැමිය යුතු ය. මදීනාවට පැමිණි පසු නැවත මක්කමට යන පුද්ගලයන් ව මරාදැමීමට කුරානයේ 4:89 අණ කරයි.

  6. හිටපු සාමාජිකයන්ට හිරිහැර, පීඩා පිළිබද එක සමාන අත්දැකීම් තිබීම. එකම ආකාරයේ දුක්ගැනවිලි අසන්නට ලැබීම. ඕනෑම හිටපු මුස්ලිම්වරයෙක්ගෙන් මේ ගැන අසා බලන්න.

  7. කණ්ඩායමේ නායකයා/නිර්මාතෘවරයා විසින් සිදුකළ සමාජ විරෝධී ක්‍රියා, අපරාධ, හිංසනයන් වැනි දෑ පිළිබද වාර්තා, ග්‍රන්ථ, පුවත්පත් ලිපි, මාධ්‍ය ආදියේ සදහන් වීම. - කණ්ඩායම් නායකයාගේ විශ්වාසවන්ත, සමීප සාමාජිකයන් ම ඒවා වාර්තා කර තිබේ. (හදීස)

  8. තමන්ට කිසිදා අවශ්‍ය මට්ටමට භක්තිමත් විය නොහැකි බව සාමාජිකයන් සිතීම. - පරීක්ෂා කළ නොහැක/විශේෂයක් නොපෙනේ.

  9. කණ්ඩායම් නායකයා කරන ඕනෑම දෙයක් නිවැරදි යැයි සැලකීම. - ඔබ මේ ක්‍රියා සාධාරණීකරනයට තැත් කළ අයුරු, කමෙන්ට් කිරීමට සකසාගත් තර්ක මුස්ලිම් ඔබගේ සිත දනී. මුස්ලිම්වරුන්ට අනුව මුහම්මද් නබිතුමා පරිපූර්ණ මිනිස් ආදර්ශයයි. එතුමාගේ ක්‍රියා හොද ද නරක ද කියා සදාචාර සම්මුතිවලින් මැනිය නොහැක. ඒ වෙනුවට කිසියම් ක්‍රියාවක් හොද ද නරක ද කියා මැනීමේ මිම්ම එතුමා ය. ඒ අනුව එතුමා හරි කියා ඇත්නම් හෝ සිදුකර ඇත්නම් එය කෙතරම් අපරාධයක් වුවත්, අසාධාරණ වුවත් එය එය යහපත් ක්‍රියාවක් වේ. සිය හෘදසාක්ෂියට අනුව කෙතරම් දැවැන්ත අපරාධයක් වුවත් මුලුමනින් ම නිරවුල් මනසින්, කිසිදු වරදකාරී හැගීමකින් තොර ව සිදුකිරීමට මුස්ලිම්වරු සමත් වන්නේ මේ නිසා ය. සිය ආගමික නායකයා සම්බන්ධයෙන් භක්තිමත් වීම කිතුනුවන්, බොදුන්වන් ද තුළ පවතින බව ඔබ පැවසිය හැකි ය. ඒ ඔවුන්ගේ ආගමික නායකයන් කිසිවෙක් මෙතුමා කර තිබෙන අපරාධ කර නැති නිසා ය.

  10. කණ්ඩායම් නායකයා සත්‍ය දැනගැනීමට සහ අධිකාරී බලය දිය හැකි ඇති එකම මූලාශ්‍රය වීම. ඔහුගේ මතය හැර වෙන කිසිදු විමර්ශන ක්‍රමයක් පිළිනොගැනීම. - මෙය සෑම ආගමකට ම පොදු තත්ත්වයකි. නමුත් බුදුන්වහන්සේ සිය අනුගාමිකයන් තමා උගන්වන දෙය පවා ප්‍රශ්න කිරීමට දිරිමත් කළහ. ජේසුතුමන් ද සංවාදයෙන් අන්‍යයන්ට තේරුම් කර දුන් සේක. නමුත් මුහම්මද් ඕනෑවට වඩා ප්‍රශ්න ඇසීම ඔබට තහනම් කර ඇතැ යි පැවසුවේ ය. (කුරානය 5:101-102)
කල්ලියක සලකුණු ඉතා පැහැදිලි ය. එහෙත් ඔබ එය දෙස ඔබේ ආගම, ඔබේ සමාජය, ඔබේ අය යැයි කියමින් බලන තාක් කල් ඔබට එම සලකුණු නොපෙනේ. - බෝස් හෙරිංටන් (කල්ලියක හිටපු සාමාජිකයෙක්)

එහෙත් ... කිසියම් මුස්ලිම්වරයකුට තමන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස පිළිගන්නා ශාස්තෘවරයා ව දරුණු ලෙස විවේචනය කළ හැක්කේ කෙසේ ද? එය ඉස්ලාමය බිද දැමීමක් නොවන්නේ ද? නමුත් මුස්ලිම්වරු තර්කානුකූලව සහ සිය හෘදසාක්ෂියට එකගව සිතා බලත් නම් මෙය කළ යුතු ම ය. මානව සංහතියේ යහපත වෙනුවෙන් ඔවුන් එය කළ යුතු ම ය. - ජේම්ස් ආර්ලන්ඩ්සන්

මේ ලිපියේ සදහන් කිසියම් හෝ කරුණක් පිළිබද ගැටලුවක් ඇති නම් අලි සිනාගේ Understanding Muhammad and Muslims පොත කියවන්න. දමිල භාෂා පිටපත මෙතන ඇත.