නූතන සොයාගැනීම්වලට පෙර කිසියම් විද්‍යාත්මක කරුණක් කුරානයේ සදහන් වන බව පැවසීමට නම් එය පහත නිර්ණායක 5 ම සැපිරිය යුතු ය.
- එය නිවැරදි(සත්‍යයක්) විය යුතු ය. අසත්‍යයක් නම් එය කුරානයේ විද්‍යාත්මක එළිදරව්වක් ලෙස සැලකිය නොහැක. විද්‍යාව යනු සත්‍ය/ නිවැරදි තොරතුරු පමණක් වන හෙයිනි.
- එය කුරානයේ ම සදහන් විය යුතු ය. කුරානයේ සදහන් නොවන කරුණක් කුරානයේ විද්‍යාත්මක එළිදරව්වක් ලෙස සැලකිය නොහැක. එය අප විසින් අදාල අරුත බවට කරන පෙන්වාදීම් (අර්ථ නිරූපණ) වලින් තොර ව කුරානයේ ඇති වචනවලින් පමණක් ලැබෙන අදහසක් විය යුතු ය.
- එය නිසැක භාෂාවක් භාවිතයෙන් පැවසී තිබිය යුතු ය. කිසියම් ප්‍රකාශයකට වෙනත් අරුත් ද දිය හැකි පරිද්දෙන් උභයාවේගී භාෂාවක් භාවිත වී ඇත්නම් හෝ අර්ථය නිසි පරිදි සිතාගත නොහැකි දාර්ශනික වැකියක් නම් එය කුරානයේ විද්‍යාත්මක කරුණක් ලෙස සැලකිය නොහැක. අපේක්ෂා කරන ලද්දේ විද්‍යාත්මක අරුත ද වෙනත් අරුත ද යන්න නිසැක ව නොදන්නා බැවිනි. විද්‍යාත්මක අරුත තිබීම අහම්බයක් වීමට ද හැකි ය.
- එය අනුමානයෙන් පැවසිය නොහැකි යමක් විය යුතු ය. එය කිසිවකුට හෝ හුදෙක් සිය බුද්ධියෙන් අනුමාන කර පැවසිය හැකි අන්දමේ කරුණක් නම් එය විද්‍යාත්මක එළිදරව්වක් ලෙස සැලකිය නොහැක. යමක් සැබවින් ම දැනසිටීමත් අනුමාන කර පැවසීමත් දෙකක් වන බැවිනි. මෙය කුරානයට පමණක් නොව සත්‍ය වන යැයි පිළිගන්නා හෝ පිළිගෙන තිබූ නමුත් සාධක දැක්විය නොහැකි වත්මන් විශ්වාසයන්ට වුව අදාල ය.
- එය එකල නොදැන සිටි කරුණක් විය යුතු ය. කාලීන ව ලෝකයා දැන සිටි තතු අනුසාරයෙන් පැවසිය හැකි යමක් එය කුරානයේ විද්‍යාත්මක එළිදරව්වක් විය නොහැක. එළිදරව්වක් යනු දැනගැනීමට ඒ වනවිට භෞතික ක්‍රමයක් නොතිබූ කරුණක් දැනගැනීම වන බැවිනි.
පාරාවෝගේ මමිය සුරක්ෂිත කිරීම
දැනට වර්ෂ 4000කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වූ දෙවන රැම්සෙස්ගේ පුත් මෙරනෙප්තා නොහොත් ෆිර්අවුන්ගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ තිබෙන ජාතික කෞතුකාගාරයේය. එබැවින් අද දින නුඹට පසුව පැමිණෙන්නන්ට නුඹ සංඥාවක් වනු පිණිස නුඹගේ දේහය අපි ආරක්ෂා කරන්නෙමු. (යැයි ෆිර්අවුන්ට පවසනු ලැබීය.) සැබැවින්ම මිනිසුන් අතුරින් බොහෝ දෙනා අපගේ සාධක පිළිබදව අනවධානීන්ව සිටිති. (අල් කුර්ආන් 10:92) මුහුදු පතුලෙන් සොයාගෙන කයිරෝ නගරයට ගෙනයන ලද මෙම දේහය සම්බන්ධව 1975 වසරේ දී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වූද ජාත්‍යයන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වූද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබිණි. සිය පර්යේෂණ අවසානයේදී විශ්මයට පත් ඔහු විසින් පහත සදහන් ප්‍රතාශය නිකුත් කරන ලදී. නූතන දත්ත අතර ශුද්ධ වූ ග්‍රන්ථ පිළිබද සාධක සොයන පිරිස ෆිර්අවුන්ගේ සිරුර පිළිබදව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැක ගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකීය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි.
(ග්‍රන්ථය – The Bible Quran and Modern Science)
ෆිර්අවුන්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල් කුර්ආන් හත්වන සියවසේ සදහන් කළද කුර්ආනය පහළ වන සමයෙහි එම මෘත දේහය කිසිදු පුද්ගලයෙකු වුව ද සොයාගෙන නොමැත. මෙම තොරතුරු සනාථ වූයේ 19 වන සියවසේ එම සිරුර සොයාගැනීමෙන් අනතුරුවයි. අල් කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැ'යි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.
ෆිර්අවුන් යනු පාරාවෝ යන්නෙහි අරාබි උච්චාරණයයි. පාරාවෝ යනු මිසර රජ පෙළපතේ ක්ලියෝපැට්රා දක්වා ම සිටි පාලකයින් සියල්ලම භාවිතා කළ අභිදානයකි. ඒ මිස දෙවන රැම්සෙස්ගේ පුත් මෙරෙනප්තා උදෙසා පමණක් භාවිතා වූවක් නොවී ය. ඒ අනුව මෙය ඕනෑම පාරාවෝවරයකු ගැන අදහස් කරන්නකි. මෙය අදාල පාරාවෝවරයා ගැන ම යැයි කියමු. සිය මිනී බෙහෙත් ගල්වා සුරක්ෂිත කර තැබීම මිසර රජදරුවන්ගේ සිරිතක් විය. ඒ අනුව අහවල් පාරාවෝගේ මිනිය ආරක්ෂා කරන බවට කුරානයේ එන කීම සුවිශේෂී යමක් නොවේ. මන්ද යත් ආරක්ෂා වී ඇත්තේ ඔහුගේ මිනිය පමණක් නොවන බැවිනි. නිදසුනක් ලෙස තූතන්කාමන් රජුගේ මමිය දැක්විය හැකි ය. යමක් ප්‍රාතිහාර්යයක් වන්නේ අසාමාන්‍ය හෝ සුවිශේෂී සංසිද්ධියක් නම් පමණි. මිසර රජදරුවන්ගේ සිරුරු (ඔවුන් ගැලවූ බෙහෙත් නිසා) සුරක්ෂිත වීම සාමාන්‍ය තත්ත්වයක් විය. මිසර රජදරුවන් මේ ලෙස සිය මලසිරුර ආරක්ෂා කරවීම ගැන පැරැන්නන්ට ද රහසක් නොවී ය. එය එකල මිනිසුන් දැනසිටි කරුණක් විය. මහාචාර්ය බුකයිල් මෙය කුරානයේ කියන පාරාවෝවරයාගේ ම යැයි නිගමනය කළේ එහි උදරයේ ලවණ තිබීම නිසා ය. එම ලවණ ශරීරගත වී ඇත්තේ දියේ ගිලීමක් නිසා විය යුතු බව කී ඔහු, කුරානයේ හා පැරණි බයිබලයේ පුවත් අනුව උක්ත පාරාවෝවරයා මියගියේ දියේ ගිලීමෙන් නිසා මේ ඔහුගේ මිනිය බව තීරණය කළේ ය. (මුහුදු පතුලේ තිබීම මත දියේ ගිලීමක් නිසා මියගිය බවට නිගමනය කළ නොහැකි බව තේරුම් ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාව දැනසිටිය යුතු නැත. සාමාන්‍ය බුද්ධිය ප්‍රමාණවත් ය.) නමුත් මිසරවරු සිරුරු මමී බවට පත්කළේ නැට්‍රොං නම් ලුණු වර්ගයක් භාවිතයෙනි. මෙය විජය, මිහිර වැනි ළමා පුවත්පතක් කියවන පොඩිදරුවන් පවා දන්නා දෙයකි. ඒ අනුව මමියක සිරුරේ ලවණ තිබීම එය දියේ ගිලී සිදු වූ මරණයක් බව පැවසීමට සාධකයක් ද නොවේ. හැම මමියක ම ලවණ තිබේ.
මහ පොළොව හා කදු
ලොව බොහෝ විශ්ව විද්‍යාලයන්හි භූ විද්‍යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන පෘථිවිය (The Earth) ග්‍රන්ථයේ ..... මෙම පෘථිවිය නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ සදහන් වන්නේ විශාල කදු වැටි වලට පොළොව අභ්‍යයන්තරයට දිව යන මුල් ඇති බව ය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බද්ධ වී ඇති අතර එය කූඥ්ඥයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායීභාවයට උපකාරී වන බවයි.
තවද මිහිතලය නුඹලා සමග කම්පා නොවීමට එහි ස්ථිරසාර දෑ (කදු) ද නුඹලා මග හදුනා ගත හැකි වනු පිණිස මංමාවත් හා ගංගාවන් ද ඔහු ඇති කළේ ය. (අල් කුර්ආන් 16: 15) තවද මිහිතලය යහනාවන් ලෙස හා කදු කූඥ්ඥ ලෙස අපි නිර්මාණය නොකළෙමු ද ? (අල් කුර්ආන් 78: 6-7) විශ්වයේ කොටසක් වූ අප පය ගසා ජීවත් වන පෘථිවියේ සැකසුම පිළිබදව ඇති ඉතාම නූතන විද්‍යාත්මක සොයා ගැනීම් වර්ෂ 1450 ක් පමණ පැරණි අල් කුර්ආනයේ අංශු මාත්‍රයක පරස්පරතාවයකින් තොරව සදහන් වී තිබේ නම් අල් කුර්ආනයේ කර්තෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා හා විශ්වයේ නිර්මාතෘවරයා එක් අයෙකු බව පිළිගැනීමට කාහට නම් අපහසුතාවයක් තිබිය හැකි ද?
මෙහි කුරාන වැකි දෙකක් දක්වා තිබේ. පළමු වැකිය සලකමු. කුරානය පවසන්නේ පොළව අප සමග කම්පා නොවීමට කදු උපකාරී වන බවකි. නමුත් භූ විද්‍යා ග්‍රන්ථයේ පැවසෙන්නේ පොළවේ ස්ථායීභාවයට පොළවේ ගිලී තිබෙන කදුවල මුල් උපකාරී වන බවකි. කුරාන වැකියේ කදුවල මුල් හෝ පොළවේ ගිළුණු කොටසක් ගැන සදහනක් නැත. මේ වැකියේ වචනවලින් ම පමණක් මින් කියවෙන්නේ යැයි පවසන විද්‍යාත්මක අරුත ලබා ගත නොහැක. කදු ඇති නිසා පොළව නො සෙල්වේ/නො පෙරළේ (පැරැන්නන්ට එය තැටියක් විය) වැනි අදහසක් දැරූ පැරැන්නකු අතින් ද මෙවැන්නක් කියවිය හැකි ය. කුරාන වැකිය මේ කොයි අරුතින් ද යන්න නිශ්චිත නැත. මෙය අපගේ 2 වන අවශ්‍යතාවය (කුරානයේ වචනවලින් ම පැවසීම) ඉටු නොකරයි. දැන් දෙවන වැකිය (78: 6-7) සලකමු. කදු කූඥ්ඥ ලෙස නිර්මාණය කර ඇතැ යි පැවසීම කදු කූඥ්ඥවල හැඩයෙන් නිමවා ඇත ලෙස ද තේරුම් ගත හැකි ය. එනම් මෙය අප පරීක්ෂණයේ 3 වන අවශ්‍යතාවය (වෙනත් අරුත් දිය නොහැකි වීම) සැපිරීමට සමත් නොවේ. උක්ත භූගෝල විද්‍යා ග්‍රන්ථයේ සදහන් වන කදුවල පොළව තුළ ගිලී ඇති කොටස කූඥ්ඥයක් ලෙස පවතින බව මේ කුරාන වැකියේ කියා ඇත් ද? අඩු තරමේ කදුවල පොළව තුළට ගිලී යන මුල් ඇති බවවත් කියා ඇත් ද? මෙහි කදුවල මුල් ගැන වචනයක්වත් නැති ව මේ විද්වත්තු ඒ අරුත මෙයට එක්කළෝ ය. ඒ අනුව මෙය අප පරීක්ෂණයේ 2 වන අවශ්‍යතාවය (කුරානයේ වචනවලින් පමණක් අදහස් වීම) සම්පූර්ණ කිරීමට ද අසමත් වේ.
මහා සාගරයේ අන්ධකාරය
මුහුදු පත්ලේ මීටර් 34200ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වී මීටර් 341000ක් ගිය විට එහි සම්පූර්ණයෙන්ම අදුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ Pernett විසින් ලියන ලද The Oceans නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සදහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන්හි ආධාරය නොමැතිව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදී සබ්මැරීන් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයා ගත් අතර එයට අමතරව ගැඹුරු සයුරේ අභ්‍යයන්තරය ජල රළ ඇති බව ද මොයා ගන්නා ලදී. මේවා සියල්ල නූතන විද්‍යාත්මක සොයා ගැනීම්ය. මේ සම්බන්ධව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
නැතහොත් (ඔවුන්ගේ ක්‍රියාවන්) ගැඹුරු සමුද්‍රයෙහි ඇති අන්ධකාරයන් මෙනි. රැල්ලක් එ(ම සමුද්‍ර)ය ආවරණය කරයි. එයට (එම රැල්ලට) ඉහළින් (තවත්) රැල්ලකි. එයටත් ඉහළින් වලාකුළකි. (මෙසේ) බොහෝ අන්ධකාරයන්ය. ඉන් සමහරක් තවත් සමහරකට ඉහළිනි. ඔහු තම අත (එහි) හෙළි කළ විට එය දකින්නට (පවා) නොහැකි තරම් ය. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකයක් ඇති නොකළේ ද එවිට ඔහුට කිසිදු ආලෝකයක් නොමැත.
(අල් කුර්ආන් 24:40)
අල් කුර්ආනය මිනිසාගේ පියවි ඇසින් නිරීක්ෂණය කොට නිගමනය කර ගැනීමට නොහැකි ආකාරයේ ඉතා සුවිශේෂී තොරතුරු පෘථිවිය අභ්‍යන්තරය හා සාගර පත්ල පිළිබද ඉතාම නිවැරදි හා නූතන විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔබට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කරුණාකර සිතා බලන්න.
මුහුද දෙස බැලූ විට එහි ඇතුළත පැහැදිලිව විනිවිද නොපෙනේ. පිහිනුම් තටාකයක් දෙස ජලයට ඉහළින් බැලූ විට එසේ නොවේ. පතුලේ ඇති ටයිල් කැට/ පතුලේ යමක් තබා ඇත්නම් එය පවා පැහැදිලිව පෙනේ. නමුත් මුහුදේ එසේ නොපෙනේ. නොඅදහන්නන්ට ආලෝකය නොලැබීම මෙයින් උපමා කරන්නේ මේ තත්ත්වයට බව කිව හැකි ය. ඉහත පරීක්ෂණයට තෘප්ත වන පරිදි මේ වැකිය හා සම්බන්ධ කරන විද්‍යාත්මක අනාවරණය මෙයින් කියවීමට නම් එය පැවසිය යුත්තේ මුහුද අභ්‍යයන්තරයට අතිවිශාල දුරක් ගියවිට මේ කියන අන්ධකාරය එහි ඇති බව ය. ඒ දුර විශාල ප්‍රමාණයක් බව හැගවෙන භාෂාවක් භාවිතා වී තිබිය යුතු ය. කුරානය විද්‍යාත්මක ග්‍රන්ථයක් නොවන බැවින් එහි මේවා සවිස්තරව සදහන් වී නොතිබීම සාධාරණය යන තර්කය පිළිගනිමින් ඒ දුර ප්‍රමාණය සංඛ්‍යාත්මක ව දක්වා තිබිය යුතු යැයි අපි නොකියමු. නමුත් ඉහත පරීක්ෂණයේ 2 වන අවශ්‍යතාවය අනුව අවමයෙන් සෑහෙන දුර ප්‍රමාණයක් ගිය විට සාගරයේ අන්ධකාරය ඇති බව අදහස් විය යුතු ය. අඩු තරමේ සාගරයේ පත්ල ආසන්නයේ මේ අදුර ඇති බව කියා තිබුණා මෙය උක්ත කරුණ ලෙස පිළිගත හැකිව තිබුණි. තව අතුරු කරුණක් ද පෙන්වා දිය යුතු ය. කුරාන වැකියේ ඇත්තේ රැල්ලක් එය ආවරණය කරයි යනුවෙනි. එසේ පවසන්නේ අන්ධකාරය ගැන කීමෙන් අනතුරු ව ය. ඒ අනුව රැල්ලක් විසින් ආවරණය කරන්නේ යැයි අදහස් කර ඇත්තේ අන්ධකාරය මිස මුහුද නොවේ. අප කෙනකු ගැන කතාකරමින් සිට මදකින් පසුව ඔහු මෙසේ යැයි කියා තවත් තොරතුරක් යමකු ගැන කීවොත් ඕනෑම අයකු සිතන්නේ ඒ පැවසුවේ මුලින් කතාබහට ලක්වෙමින් සිටි පුද්ගලයා ගැන ම බව ය. මෙතැන දීද එබදු ය. මෙහි සමුද්‍රය රැල්ලෙන් ආවරණය වන බවට අදහස ලැබෙන්නේ මෙම පරිවර්තනය කර ඇති වියතුන් මුල් පෙළට අමතරව වරහන් තුළ එක්කර ඇති අකුරු නිසා ය. - එ (ම සමුද්‍ර) ය . ඉස්ලාමීය වියතුන් එය සමුද්‍රය බවට පත්කර තිබේ. මෙය අප පරීක්ෂණයේ 3 වන අවශ්‍යතාවය වන අපගේ අර්ථනිරූපණවලින් තොරව පැහැදිලිව පැවසී තිබිය යුතු ය යන්න සමග ගැටේ. වියතුන් තේරුම් ගත් ආකාරය හැගවෙන වචන ඉවත් කර බැලූ විට කියා ඇත්තේ රැලි ඇත්තේ අන්ධකාරයට ඉහළින් බව ය. අන්ධකාරය තුළ රැළි ඇතැ යි කීමත් අන්ධකාරයට ඉහළින් රැළි ඇතැ යි කීමත් සපුරා වෙනස් කීම් දෙකකි. මෙහි අර්ථය වන දෙවන අදහස අනුව අන්ධකාර ප්‍රදේශයේ රැළි තිබිය නොහැකි ය. නමුත් විද්‍යාත්මක අනාවරණය අනුව ඒ එසේ නොවේ. එනම් මෙය විද්‍යාත්මක ව සදොස් කියුමකි. එමෙන් ම මෙය ඉහත පරික්ෂණයේ අනුමාන කළ හැකි කරුණක් යන්න යටතට ගත හැකි බව පැවසිය යුතු ය.
කලල විද්‍යාව
දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශචාත් උපාධිය හදාරණ සිසුන් කළල විදයාව හැදෑරීම සදහා උපයෝගී කර ගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Kith Moore) විසින් ලියන ලද The Developing Human යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමෙරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයකට අන්තර්ජාලයේ youtube.com අඩවිය මගින් ඔබට සවන් දීමට ද හැකිය. පසුගිය දශක තුන ඇතුළත විද්‍යාඥයින් විසින් කළලය හා කළලයේ වර්ධන අවදීන් සම්බන්ධව සොයා ගත් කරුණු මෙතරම් සවිස්තරාත්මකව හා පූර්ණ නිර්වද්‍යතාවකින් යුක්තව ශත වර්ෂ 14 කට පෙර නබි මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේ ද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය.
තවද සැබැවින්ම අපි මැටියෙන් යුතු සාරයෙන් මිනිසාව මැව්වෙමු. පසුව අපි ආරක්ෂක ස්ථානයෙහි (ගර්භාෂයෙහි) ශුක්‍ර ධාතුවක් ලෙස ඔහුව පත් කළෙමු. පසුව අපි ශුක්‍ර ධාතුව (ඇලෙනසුලු) ලේ කැටියක් බවට මවා පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට මවා පසුව මස් කැබැල්ල අස්ථි බවට මවා පසුව අපි එම අස්ථි මාංශයෙන් පැළදුවෙමු. පසුව වෙනත් මැවුමක් බවට අපි එය නිර්මාණය කළෙමු. නිර්මාපකයින් අතුරින් ඉතා අලංකාර අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
(අල් කුර්ආන් 23: 12-14)
කලල විකසනය ගැන කුරානයේ සදහන් මෙම කරුණු 7වන සියවස තුළ නොදැන සිටි දෙයක් නොවේ. ක්‍රි. ව. 129-210 සිටි සුප්‍රසිද්ධ ග්‍රීක වෛද්‍යවරයකු වූ ගැලන් කුරානයේ කලල විකසනය ගැන කියන මේ කරුණු ඒ අයුරින් ම කියා තිබේ.
"let us divide the
creation of the foetus overall into four periods of time. The
first is that in which as is seen both in abortions and in
dissection, the form of the semen prevails [Arabic nutfah]. At this
time, Hippocrates too, the all-marvelous, does not yet call the
conformation of the animal a foetus; as we heard just now in the case
of semen voided in the sixth day, he still calls it semen. But when
it has been filled with blood [Arabic alaqa], and heart, brain and
liver are still unarticulated and unshaped yet have by now a certain
solidarity and considerable size, this is the second period;
the substance of the foetus has the form of flesh and no longer the
form of semen. Accordingly you would find that Hippocrates too no
longer calls such a form semen but, as was said, foetus. The third
period follows on this, when, as was said, it is possible to see
the three ruling parts clearly and a kind of outline, a silhouette,
as it were, of all the other parts [Arabic mudghah]. You will see the
conformation of the three ruling parts more clearly, that of the
parts of the stomach more dimly, and much more still, that of the
limbs. Later on they form "twigs", as Hippocrates expressed
it, indicating by the term their similarity to branches. The
fourth and final period is at the stage when all the parts in the
limbs have been differentiated; and at this part Hippocrates the
marvelous no longer calls the foetus an embryo only, but already a
child, too when he says that it jerks and moves as an animal now
fully formed."
"...
The time has come for nature to articulate the organs precisely and
to bring all the parts to completion. Thus it caused flesh to grow on
and around all the bones, and at the same time ... it made at the
ends of the bones ligaments that bind them to each other, and along
their entire length it placed around them on all sides thin
membranes, called periosteal, on which it caused flesh to grow."
පැහැදිලි පිළිවෙළකට ඉදිරිපත් කිරීම සදහා අපි භ්‍රෑණයේ විකසනය අවධි හතරකට බෙදා දක්වමු. පළමුවැන්න නම් ගබ්සාවීම්වලදී සහ සිරුරු ව්‍යවච්ඡේනයේ දී පෙනීගොස් තිබෙන පරිදි ශුක්‍ර තරලයේ ස්වභාවය රැකී තිබෙන අවධියයි. මේ අවස්ථාවේ පවතිද්දී එය භ්‍රෑණය ලෙස හිපොක්‍රටීස් ද හදුනා නොගන්නා ලදී. අපි මොහොතකට පෙර දැනුවත් වුණු පරිදි දින 6කින් ගර්භාෂයට පැමිණි ශුක්‍ර තරලය විනාශ වූ අවස්ථාවක දීද ඔහු එය හදුන්වා ඇත්තේ ශ්‍රක්‍ර තරලය යනුවෙන් ම ය. නමුත් එය ලෙයින් පිරී ගිය පසු සහ හෘදය, මොලය සහ අක්මාව තවමත් හරිහැටි හැඩගැසී නොමැති ව, එක්තරා ආකාරයකින් එකමුතු වූ දෙයක ස්වභාවයක් පෙන්වමින් සැලකිය යුතු ප්‍රමාණයකින් යුතු ව පවතින විට එය දෙවන අවධියයි. භ්‍රෑණය සමන්විත ද්‍රව්‍යවල මාංශමය ස්වභාවයක් තිබෙනවා මිස එය තවදුරටත් ශුක්‍ර තරලයේ ස්වභාවය ගන්නේ නැත. මේ හේතුවෙන් හිපොක්‍රටීස් ද මෙ ආකාරයේ දෙයක් ශුක්‍ර තරලය යනුවෙන් නොහදුන්වන බවත් ඔහු එය හදුන්වන්නේ භ්‍රෑණය ලෙස බවත් ද ඔබට පෙනී යනු ඇත. තුන්වන අවධිය මෙයින් පසු එළඹේ. එවිට පවතින කොටස් තුන සහ එක්තරා ආකාරයක පිටවැස්මක් හෙවත් සිවියක් (සැබවින් ම පවතින ආකාරය අනුව) ද දැකගත හැකිවනු ඇත. ප්‍රධාන ස්තරයන් තුන හැඩගැසෙන ආකාරය ඔබට පැහැදිලිව බලා ගත හැකි වනු ඇත. ඒ උදරයේ එම ස්තර තුන නොපැහැදිලි ලෙසත් ගාත්‍රාවල ඊටත් වඩා නොපැහැදිලි බවකිනුත් යුතු ව ය. පසුව ඒවා 'රිකිලි’ ඇතිකරගනී. ශාක අතුවලට සමාන සැකැස්ම හේතුවෙන් හිපොක්‍රටීස් ඒවා හැදින්වුවේ එනමිනි. සිව්වෙනි සහ අවසන් අවධිය ගාත්‍රාවල සියලු අංග වෙන් වී තිබෙන අවධියයි. එමෙන් ම මේ අවස්ථාවේ දී හිපොක්‍රටීස් මෙය භ්‍රෑණය නමින් නො හදුන්වන අතර එය ඒ වනවිටත් ප්‍රාණියකු වී හමාර බව දකී. එය දැන් දගලන බවත් මුලුමනින් ම වැඩුණු සතකු මෙන් එහා මෙහා යාමට තැත් කරන බවත් ඔහු පවසයි.
සොබාදහමට ඉන්ද්‍රියන් සියල්ල නිසියාකාරව හැඩගැස්වීමටත් ශරීරයේ සියලුම කොටස්වල විකසනය නිමාවකට පත්කිරීමටත් කාලය පැමිණ තිබේ. ඒ අනුව එය මාංශයට සෑම අස්ථියක් මත ම සහ වටා ම වැඩෙන්නට සලස්වයි. එය (සොබාදහම) අස්ථිවල අගිසිවල ඒවා එකිනෙක බැද තබාගත හැකි ලෙසින් හැඩහුරුකම් ඇතිකරවයි. එමෙන් ම ඒවා වටා දිගට ම, සෑම පැත්තෙන් ම පෙරඅස්ථි නම් තුනී පටල ඇතිකරයි. මාංශය ගොඩනැගෙන්නේ එමගින් ය.
පැහැදිලි පිළිවෙළකට ඉදිරිපත් කිරීම සදහා අපි භ්‍රෑණයේ විකසනය අවධි හතරකට බෙදා දක්වමු. පළමුවැන්න නම් ගබ්සාවීම්වලදී සහ සිරුරු ව්‍යවච්ඡේනයේ දී පෙනීගොස් තිබෙන පරිදි ශුක්‍ර තරලයේ ස්වභාවය රැකී තිබෙන අවධියයි. මේ අවස්ථාවේ පවතිද්දී එය භ්‍රෑණය ලෙස හිපොක්‍රටීස් ද හදුනා නොගන්නා ලදී. අපි මොහොතකට පෙර දැනුවත් වුණු පරිදි දින 6කින් ගර්භාෂයට පැමිණි ශුක්‍ර තරලය විනාශ වූ අවස්ථාවක දීද ඔහු එය හදුන්වා ඇත්තේ ශ්‍රක්‍ර තරලය යනුවෙන් ම ය. නමුත් එය ලෙයින් පිරී ගිය පසු සහ හෘදය, මොලය සහ අක්මාව තවමත් හරිහැටි හැඩගැසී නොමැති ව, එක්තරා ආකාරයකින් එකමුතු වූ දෙයක ස්වභාවයක් පෙන්වමින් සැලකිය යුතු ප්‍රමාණයකින් යුතු ව පවතින විට එය දෙවන අවධියයි. භ්‍රෑණය සමන්විත ද්‍රව්‍යවල මාංශමය ස්වභාවයක් තිබෙනවා මිස එය තවදුරටත් ශුක්‍ර තරලයේ ස්වභාවය ගන්නේ නැත. මේ හේතුවෙන් හිපොක්‍රටීස් ද මෙ ආකාරයේ දෙයක් ශුක්‍ර තරලය යනුවෙන් නොහදුන්වන බවත් ඔහු එය හදුන්වන්නේ භ්‍රෑණය ලෙස බවත් ද ඔබට පෙනී යනු ඇත. තුන්වන අවධිය මෙයින් පසු එළඹේ. එවිට පවතින කොටස් තුන සහ එක්තරා ආකාරයක පිටවැස්මක් හෙවත් සිවියක් (සැබවින් ම පවතින ආකාරය අනුව) ද දැකගත හැකිවනු ඇත. ප්‍රධාන ස්තරයන් තුන හැඩගැසෙන ආකාරය ඔබට පැහැදිලිව බලා ගත හැකි වනු ඇත. ඒ උදරයේ එම ස්තර තුන නොපැහැදිලි ලෙසත් ගාත්‍රාවල ඊටත් වඩා නොපැහැදිලි බවකිනුත් යුතු ව ය. පසුව ඒවා 'රිකිලි’ ඇතිකරගනී. ශාක අතුවලට සමාන සැකැස්ම හේතුවෙන් හිපොක්‍රටීස් ඒවා හැදින්වුවේ එනමිනි. සිව්වෙනි සහ අවසන් අවධිය ගාත්‍රාවල සියලු අංග වෙන් වී තිබෙන අවධියයි. එමෙන් ම මේ අවස්ථාවේ දී හිපොක්‍රටීස් මෙය භ්‍රෑණය නමින් නො හදුන්වන අතර එය ඒ වනවිටත් ප්‍රාණියකු වී හමාර බව දකී. එය දැන් දගලන බවත් මුලුමනින් ම වැඩුණු සතකු මෙන් එහා මෙහා යාමට තැත් කරන බවත් ඔහු පවසයි.
සොබාදහමට ඉන්ද්‍රියන් සියල්ල නිසියාකාරව හැඩගැස්වීමටත් ශරීරයේ සියලුම කොටස්වල විකසනය නිමාවකට පත්කිරීමටත් කාලය පැමිණ තිබේ. ඒ අනුව එය මාංශයට සෑම අස්ථියක් මත ම සහ වටා ම වැඩෙන්නට සලස්වයි. එය (සොබාදහම) අස්ථිවල අගිසිවල ඒවා එකිනෙක බැද තබාගත හැකි ලෙසින් හැඩහුරුකම් ඇතිකරවයි. එමෙන් ම ඒවා වටා දිගට ම, සෑම පැත්තෙන් ම පෙරඅස්ථි නම් තුනී පටල ඇතිකරයි. මාංශය ගොඩනැගෙන්නේ එමගින් ය.
From - Corpus Medicorum Graecorum: Galeni de Semine (Galen: On
Semen) (Greek text with English trans. Phillip de Lacy, Akademic
Verlag, 1992) section I:9:1-10 pp. 92-95, 101
මෙහි සහ කුරාන වැකිය යන දෙකෙහි ම පළමුව අස්ථි ඇතිවන බවක් සදහන් වේ. නමුත් මහාචාර්ය කීත් මුවර් මහතා ද ඇතුලු ව විද්‍යාඥ මතය නම් අස්ථි බිහිවන මධ්‍ය චර්මීය පටකයෙන් (mesoderm) ම මාංශ ද විකසනය වන බවයි. ඒ අනුව අස්ථි හා මාංශ විකසනය වන්නේ සමගාමීව මිස එකකින් පසුව එකක් ලෙස නොවන බවයි. (බලන්න - K. L. Moore, (Saunders, 1998) The Developing Human, 6th edition, pp. 56, 63, chapters 15 and 16)මේ අනුව මෙය ඉහත පරීක්ෂණයේ අවශ්‍යතා දෙකක් ම උල්ලංඝනය කරයි. ඒ සත්‍යතාවයත් එකල දැන නොසිටීමත් යන අවශ්‍යතා දෙක ය. මෙය එකල නොව මුහම්මද් ඉපදින්නට වසර 360කට ම පෙර දැන සිටි දෙයකි! එපමණක් ද? කුරානය ගැලන්ගේ අදහස සංක්ෂිප්ත ව (සවිස්තරව කියා ඇත්තේ ගැලන් ය) ඉදිරිපත් කරන්නේ එහි සදහන් පළමුව අස්ථි ඇතිවන බවට වැරදි මතය ද සමගින් ම ය. කුරානයේ නිර්මාතෘවරයා විශ්වය නිර්මාණය කළ, එය පාලනය කරන්නා නොවන බවට මේ වැරදි කරුණ සාක්ෂියකි. මෙයින් මුස්ලිම්වරුන්ගේ (සහ කුරානයේ ද) සුලබ කියුමක් වන කුරානයේ කිසිදු දොසක් නැත යන්න ද බිද වැටේ.
මේ ලිපියේ දෙවන කොටසත් බලන්න.
වැඩිදුර කියවීමට
- Debunking the Myth of the Science in the Quran by Ali Sina - සකීර් නායික්ගේ තර්ක එකින් එක විමසමින් සත්‍යතාව විමසන කෘතියකි.
- A Scientist's Interpretation of References to Embryology in the Qur'an - කීත් මුයර් මහතා කුරානයේ කලල විකසනය ගැන ඇති බවට නිදසුන් කරන කුරාන වැකි සහ ඒ මහතාගේ විග්‍රහයන් සසදමින් කරන කරුණු පැහැදිලි කිරීමකි.
No comments:
Post a Comment